නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - awilla awilla sinhala avurudda awilla (Latha Walpola/Mohideen beg)


ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - awilla awilla sinhala avurudda awilla (Latha Walpola/Mohideen beg)

 
ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව

කොවුලා බටලී පිඹිනව කොට්ටෝරුව බෙර ගහනව
ලේනා ගසයි කයිතාලම අවිච්චියා එහි නටනව

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා

කැවුම් කොකිස් මුං අළුවා කිරිබත්වල රස බැලුවා
ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි

අබුන් කටයි සුබ නැකතයි දෙගුරුන් හට බුලත් අතයි
ලැබූ අලුත් අවුරුද්දේ කිරි ඉතිරෙයි අපට සෙතයි

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ල වරෙල්ලා වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා ....//

ආ ආ ආ ආ.... අඅඅ අඅඅ ආඅආ..... /////.

එරබදු මල් පිපිලා - erabadu mal pipila (Nelu Adikari / Rajiv Sebasthiyan)


එරබදු මල් පිපිලා - erabadu mal pipila (Nelu Adikar / Rajiv Sebasthiyan)


 එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ කොහෝ - koho koho (Sanath Nandasiri)


කොහෝ කොහෝ - koho koho (Sanath Nandasiri)


 කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...

කජු නාඹර රස මීඅබ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මීවද පැනි පිරිලා...
කජු නාඹර රස මීඅබ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මීවද පැණි පිරිලා...

කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
බක් මාසේ මගුල් නැකත්
මටත් කියනාදෝ...
කොහෝ කොහෝ
කොහේ ඉදන් කොහො කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
නුබට ඇහෙනවදෝ...

මා දන්නේ ආදරේ ගැන විතරයි - ma danne adare gana vitharai (Gayan Gunawardana)


මා දන්නේ ආදරේ ගැන විතරයි - ma danne adare gana vitharai (Gayan Gunawardana)


"මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි
මා දන්නේ ආදරේ ගැන විතරයි
එය කියලා දුන්නේ ඔබම තමයි

ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ
ඔබ නැතිවම කොහොමද මා ඉන්නෙ
හද සැනසුම ඇත්තෙ ඔබ ළගමයි

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

උරහිසට මගේ ඇලවී ඉන්න
දිවුරා මගෙ බව මට පවසන්න
සසරේ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්

තනිකම මකනා කවියක් වෙන්න
මගෙ හිත නිවනා බිරිදක් වෙන්න
සසරෙ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න

මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න

ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්"

 

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)


 

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)

"නාදුනන ලෙස මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න"


ඔබ ගැන මතකේ - oba gana mathake ( Prageeth Perera)


 

ඔබ ගැන මතකේ - oba gana mathake ( Prageeth Perera)

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්
හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ...
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ...
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්...
ආයෙත් ඉපදෙන්නම්...
මගෙ පාළු
ජීවිතේ සොයා මේ යාලූ
ආදරෙයි කියා රැදුණාලු
හදවතේ ඔයා කඳුළැල් නිවා
ඔබ ඉල්ලු ආදරේ ලියා දෙනවා ලු
වැඩියෙනුත් තියා ආසයි ලු
ඔබ මගේ කියා පිළිගන්න මා
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මියයන්නම්
ආයෙත් ඉපදෙන්නම්

නුරාවී දෑස ගස්සා - nurawee dasa gassa (Sandeepa Jayalath)


 

නුරාවී දෑස ගස්සා - nurawee dasa gassa (Sandeepa Jayalath)

"රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුළැඟිල්ලේ
සෙල්ලම් කලා
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

රූ තෝරනා නෙතේ…"


මතක තියාගන්න - mathaka thiyaganna (Sandeepa)


මතක තියාගන්න - mathaka thiyaganna (Sandeepa)


ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ආදරේට තරහ වෙලා - adareta tharaha wela (Nelso Vas)


ආදරේට තරහ වෙලා - adareta tharaha wela (Nelso Vas)


ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා..
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා...
අද එනවද? හෙට එනවද? ආයෙ ඔයා එන්නෙ නැද්ද?
හිත වද දෙයි හිතුවටත් වඩා....
එනතුරු මම ඉන්නෙ මඟ බලා....//


ආදරේට පොඩි ටොක්කක් ඇන්නට,
හිල් උනාද ලවෙ හෙඩ් එක
යාලුවො ඉදිරි පිටදි බැන්නට,
බ්‍රේක් උනාද හදවත?
තනිකම දැනෙනවා..තනියම හඩනවා...
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා......
තනිකම දැනෙනවා..තනියම හඩනවා...
අද හෙට නාවොත් මම මුහුදෙ පනිනවා......

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා...

මුට්ටිය ඉදෙන කල්ලු දඹරේ,
දෙන්නෙක් අතර අපි වගේ...
ඔයා නැතුව බත් නෑ අද මුට්ටියේ,
මම කෙට්ටුලු ඉදල හාමතේ....
උයන්න දන්නෙ නෑ...කන්න බොන්න දෙයක් නෑ..
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ..
උයන්න දන්නෙ නෑ...කන්න බොන්න දෙයක් නෑ..
නොකා නොබී ඉදලම මැරෙනවා හාමතේ..
ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා...
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා...
අද එනවද? හෙට එනවද? ආයෙ ඔයා එන්නෙ නැද්ද?
හිත වද දෙයි හිතුවටත් වඩා....
එනතුරු මම ඉන්නෙ මඟ බලා...

ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා....

ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා....
මගෙ මිනියටවත් ...
එන්න මගෙ සුදා....