නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සක්මන් කරන මළුව පාළුයි දේවී - sakman karana maluwa (සමිතා මුදුන්කොටුව - samitha mudunkotuwa)


samitha mudunkotuwa song lyrics


සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ //
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ //
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී


හිටියා එදා නම් මගෙ ළඟ තනියට - hitiya nam eda mage (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම

මගේ හිසට සෙවනැල්ල නුඹේ අත
වෙන්නම් කීවා මතකද නුඹ මට
මා හැර නුඹ ගිය හින්දා ඈතක
මගේ හිසට සෙවනැල්ල මගේ අත

නුඹගේ මුහුණට පරාද පුර හඳ
දුටු තැන මට හරි හිරිහැර කරදර
මා හැර යන දා නුඹ පසු පස ගිය
මගෙ හිත ආවේ නෑ තව ඔතැනද

එකතු කලේ : හද රැදි ගී

හන්තාන දෙසින් එන - hanthana desin ena (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින්
හඳුනනවා නම්
මේ පහන ඔබේ
සුරතින් දැල්වූ
මං බොහොම
ප් රවේසම් කර ගන්නම්

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැළපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැළි පාර දිගේ හවසට යනවා

තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා

එකතු කලේ : හද රැදි ගී

සෙවනැල්ල ඔබේ මා වෙන්නම් - sewanalla obe ma (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවු තරම මදි
වියපත් වුදා ජිවිතය අරන්
ඔබ ආවොත් හොඳටෝම ඇති

බාදක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරී
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමී

සෙවනැල්ල ඔබේ ...

ලොවට හොරා සිත දන් දුන් හින්දද
ඔහු හමු වූ පසු එය වැරදී
කල වරදට පසු තැවෙන්නනම්
මුලු ජීවිතයම උනත් මදී

සෙවනැල්ල ඔබේ .......

එකතු කලේ : හද රැදි ගී

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ - sulaga nuba wagei (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොඹිඳෙයි පුදුමයක් තමයි

එකතු කලේ : හද රැදි ගී

සුසුම් ලමින් මගේ දිහා - susum lamin mage diha (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


සුසුම් ලමින් මගේ දිහා
අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන්
කඳුලු බිඳක් වැටෙයි
බැරිඋනම තැනදී දොස් කිව්වත්
මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම
හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී

මම දෙයකට හා කිව්වම
නුඹ මට බෑහැ කියයි
විරසකයෙන් මුහුන නොරක්
කරන් කාලේ ගෙවයි
යළි මදසක් හෙලා
යළි මදසක් හෙලා කියනා
දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම
මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී

මට අතපසු උනොත් යමක්
බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින්
ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩුකරත්
කිරිල්ලී මට අගෙයි

එකතු කලේ : හද රැදි ගී

සමනල වැව පුරවන්නට - samanala wewa purawannata (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහෙදක් අද වෙන්ව ගිහින්....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...

පෙරදින අපි හමු වූ තැන
නටබුන් පමණකි කඳුලක
කඳු අතරේ වළාරොදක
ඔබ සැඟවීලා....
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා

එකතු කලේ : හද රැදි ගී

සඟවන්න එපා හසරැල් - sagawanna epa hasarel (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුනු දිනේසිට
මගෙම හැගේ ඔබ නම්//

සද එලිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහකි දුරකින්

සඟවන්න එපා......

සිලිසිලිය පවා සුළගින්
තනි මැකුවෙ ඔබේ සුවදින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

සඟවන්න එපා.....

එකතු කලේ : හද රැදි ගී

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම් - shanthini thema (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

එකතු කලේ : හද රැදි ගී

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක් - weherak wage pin (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

එකතු කලේ : හද රැදි ගී

ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ - la dalu bo path (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


ලා දළු බෝ පත්
සෙමින් සැළෙන සේ
යශෝදරා දේවි
වාවනු බැරි තැන රාහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනෙහේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ
පිපි නිවන් මල් සාදු කාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

එකතු කලේ : හද රැදි ගී

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු - rosa thol sibimi (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි

පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි

අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි

එකතු කලේ : හද රැදි ගී

රොබරෝසියා හෙවණේ ඉදන් - robarosiya hewane idan (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


රොබරෝසියා හෙවනේ ඉදන් ඔබ කී කතා සුලගේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කිව්වත් ඉතින්
මං ආදරෙයි කිව්වත් ඉතින්

හසරැලි අරන් එන පෙම්වතුන්
කදුලැලි දරන් යන පෙම්වතුන්//
මට කියාදෙනවද කදුලක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්

රොබරෝසියා..

ඔබ හමූවුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්//
මට නොදී ගිය තව කදුලු ඇතිනම්
එපා දෙන්නට ඔහුටනම්

රොබරෝසියා ..

එකතු කලේ : හද රැදි ගී

යමු සෙල්ල කතරගම - yamu sella katharagama (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම...

ආනන්ද සරෝජා රාමන් අනුරාධා
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ
දෙවි කරුණාවයි
හාදු දිදි ගඟ නොබෙදී
එකට ගලා යයි........

මේ සාදුකාරයයි සංගීත නාදයයි
හාද වෙලා සාද විඳින
එකම වෙලාවයි
පාද සළඹ දෑත වළලු
එකට හිනා වෙයි...

එකතු කලේ : හද රැදි ගී

මුදු මුහුණේ සුව දැණුනේ - mudu muhune suwa (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


මුදු මුහුණේ සුව දැණුනේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ
හිමි සඳුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගේ විතරද

එකතු කලේ : හද රැදි ගී

මාල ගිරවියේ මාල ගිරවියේ - mala girawiye (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි

දුර නෑයෝ පවා ගේ දොරකඩ
එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී

මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට
අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී

එකතු කලේ : හද රැදි ගී

මා ඔබත් එක්ක සුහද කතාවක් - ma obath ekka suhada (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප් රේම කතාවක්

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප් රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප් රේම කතාවක්

වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා

එකතු කලේ : හද රැදි ගී

මගෙ දුවේ ඔබ අවදියෙන් නම් - mage duwe oba awadiyen nam (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

මගෙ දුවේ ඔබ.....

ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

මගෙ දුවේ ඔබ.....

එකතු කලේ : හද රැදි ගී

ප්‍රේමයේ මන්දහාසිනි ⁣⁣යෞවනේ සිහිනසාදිනි - premaye mandahasini (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


ප්‍රේමයේ මන්දහාසිනි ⁣⁣යෞවනේ සිහිනසාදිනි
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජිවිත

තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් ⁣වෙලා රැයක් මුදුන් කළා
පාව යයි සුන්දරයි ජිවිතේ

මාලති වනේ රැඳෙම්ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙරා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා පාව යයි සුන්දරයි ජිවිතේ

එකතු කලේ : හද රැදි ගී

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ - pem kawak liyu (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්
නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්
සඳ එලිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ

එකතු කලේ : හද රැදි ගී