නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හදේ කොතැනක හෝ හිඳී ඔබ - hade kothanaka ho oba (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා
හස රැහැනින් පෙළයි මා
මුදා සුව දැහැනින් //

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ........

උතුම් පිවිතුරු ප් රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ........

එකතු කලේ : හද රැදි ගී

හිඳීවි කොතැනක හෝ - hidiwi kothanaka ho (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

එකතු කලේ : හද රැදි ගී

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ - sayurak nodutu gagulak (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

එකතු කලේ : හද රැදි ගී

සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ - santhapa mawathe sanwedana (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්

තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඞගා කියයි නටඹුන් අතීතයේ

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

එකතු කලේ : හද රැදි ගී

සඳකඩ පහණක කැටයම් ඔපලා - sadakada pahanaka ketayam (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැල වෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ
ගව්වක් ඉහලට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුණු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

හද විල ඉපැදුණු කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක් ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
සිටී බලා

එකතු කලේ : හද රැදි ගී

සදාකාලික නොවූ ලෝකේ - sadakalika nowu loke (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප් රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

එකතු කලේ : හද රැදි ගී

වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන - weralu gediya hari atakata (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන //
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

වෙරළු ගෙඩිය...

තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

වෙරළු ගෙඩිය...

එකතු කලේ : හද රැදි ගී

ශිල්ප සොදින් දැනගන්ට ගිහින් නුඹ - shilpa sodin (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





ශිල්ප සොදින් දැනගන්ට ගිහින් නුඹ
යහතින්දෝ කොලොම්පුරේ
ඉන්න නෙමෙයි මියෙදෙන්න හිතය් මට
නුඹ නැතිහන්දා මං තනියෙන්

හැන්දෑ අවරට දැක්ක්ද නංගෝ
තිරුලු වෙලා ඉන්නා ජොඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
එ නුවරට නුඹ කිරි කොඩූ

නාමල් සුවදත් පෙරදා වාගේ
අද නෑ නොවැ ඇලහිස්මත්තේ
නාමල් සුවදට බඹරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

එකතු කලේ : හද රැදි ගී

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් - wiyowu pasuwayi (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





වියෝවූ පසුවයි දැනෙන්නේ ප් රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

එකතු කලේ : හද රැදි ගී

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි - lenchina mage nangiye (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ

පෙත්තරේ ලඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද් රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා

පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා

එකතු කලේ : හද රැදි ගී

වලාකුලක් ගෙන මුවා කරමු හිරු - walakulak gena (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





වලාකුලක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ
රත් වුණු වැලිකැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ

වතුර මලෙන් නා දොළ අමතක කර
දූලි සුළං විඳ වෙල අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අභියසට ගමු අපි සුරපුර

නගර දනව් මැද සුවිසල් මන්දිර
අතැර උපන් රට නොරටුන් ලංකර
පඳුරු පතොක් කටු අතගා උල්කර
විනෝද වෙමු අපි ලේ මස් දිය කර

එකතු කලේ : හද රැදි ගී

රෝස කුසුමක් පිපී - rosa kusumak pipi (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුලුවෙන්
මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුලුවෙන්
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැගෙනා වදනින්
නොහැඟෙනා අරුතින්

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

ඔබේ සුවඳ ලද මොහොතින්
සිත එදා සිටියේ ආදරෙන්
ඔබේ සුවඳ ලද මොහොතින්
සිත එදා සිටියේ ආදරෙන්
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

එකතු කලේ : හද රැදි ගී

රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ - ra ra ra bombiye (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ
ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හන්දියේ

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

එකතු කලේ : හද රැදි ගී

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට - re weda muraya (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

එකතු කලේ : හද රැදි ගී

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ - ran malak lesa (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ

ලෙහි හොවා වැඩු සිය පුතුන් ඇත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්

මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ

එකතු කලේ : හද රැදි ගී

රන් දෙවොලින් බැස එන් දෙයියෝ - ran dewolin besa (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ //

හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ

රන් දෙවොලින්...

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ

රන් දෙවොලින්...

සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ

රන් දෙවොලින්... //

එකතු කලේ : හද රැදි ගී

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි - me kadulu binduwa (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි එය ඔබේමයි

ඇඳ වියන ලඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටිවුන
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඞන්නට කිසිදා නොදැන සිටි මට
මළ පොත කියාදී නොකියාම ගිය
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

එකතු කලේ : හද රැදි ගී

මේ තරම් සියුමැලිද කළු ගල් - me tharam siyumalida ( සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා

එකතු කලේ : හද රැදි ගී

මිනිසා සුවඳයි මල සේ - minisa suwadai (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා

එකතු කලේ : හද රැදි ගී

මිනිසෙකු පිට නැගි අසරුවෙකි - miniseku pita (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

එකතු කලේ : හද රැදි ගී