නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සඳ ලතා පායලා - sada latha payala - sanda latha (කීර්ති පැස්කුවෙල් - keerthi pasquel)


Keerthi pasquel sinhala song lyrics


සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ //

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
⁣නෙත් පුරා බලා ඉඳින්නේ රු ඔබේ //
ඔබට රහසේ ⁣ප් රේමාදරේ
මට දැනුනා රත්තරන් //

සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල තාරුකා
ඇගෙ පරිවාර තරැවැල් වගේ

වෑහෙනා මුත් ඒ ම⁣නෝලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප් රියේ පින් වාසනා //
පාළු රාත් රියේ සඳරේණුවෙන්
පුරවන්කෝ රත්තරන් //

සඳලතා පායලා.........

එකතු කලේ : හද රැදි ගී

රන් තරු පායන අහස බලාගෙන - ran tharu payana ahasa (කීර්ති පැස්කුවෙල් - keerthi pasquel)


Keerthi pasquel sinhala song lyrics


රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ කු නොවැ අද එන්නේ

මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ

එකතු කලේ : හද රැදි ගී

තව දවසක් හමු වී - thawa dawasak hamu wee (කීර්ති පැස්කුවෙල් - keerthi pasquel)


Keerthi pasquel sinhala song lyrics


තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ 
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ 
තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ 

මදපවනේ
මුසු කෙරුවේ
යළි නොඑනා
මතක අපේ 
නිදි පැදුරේ
ගෙවන පැයේ..
සිහි කෙරුවා
සුවඳ ඔබේ ජිවිතේ.. පාළුයි මගේ 

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ 
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ 

තරු දෙවැටේ
පිපෙන සඳේ 
දුක වැඩලා
ලොවට අපේ 
කිරි සයුරේ
මුතු පතුලේ 
සැඟව ගියා
මැණික මගේ ආදරේ ගීයක් වගේ .

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ 
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ 
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ .
තව දවසක්
හමු වී  ඉමු මේ භවේ .

එකතු කලේ : හද රැදි ගී

කවිකාරියෙ සින්දු කියනා ළදේ - kawikariye sindu kiyana (කීර්ති පැස්කුවෙල් - keerthi pasquel)


Keerthi pasquel sinhala song lyrics


කවිකාරියෙ සින්දු කියනා ළදේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

දෙකනෙ රිදී තෝඩු ලා නළලෙ කොකුම් පාට ලා
වීනා වයා තලෙට කවි ගී අසා ආවෙ මා
වීනා වයා කවි ගී කියා
අපි යන්නෙ රුපියල් සොයා

හිඟමන් නොයා මාවතේ මහදේ රැඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ අඳුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනේ මන්දා අනේ
සිත මාගෙ චංචල වෙලා

එකතු කලේ : හද රැදි ගී

කදුල ඉතින් සමාවෙයන් - Kandula ithin samaweya (Keerthi Pasquel)


Keerthi pasquel sinhala song lyrics


කදුල ඉතින් සමාවෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා - ගගට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ - ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හද පායා - සදරැස් යහනට වඩින්න
සද එළියෙන් ඇගේ ගතේ - පිපි ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල් - පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා - මතුවෙයි මල් පරදන්නට
බිළිදු ගෙනා කිරි සුවදක් - ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ - මගේ සිහිනය මල් පිපෙන්න