නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා - නළඟන - nalagana - shungari denuwan (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


ශෘංගාරී දෙනුවන් නොදොඬා බලා උන්නා
මත්වී රස දෙතොලින් මං ආදරේ ලිව්වා
රත්වී මුදු හැඟුමන් ඔබ හා වෙලී උන් මා
දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා

මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා
මධු බඳුනකි ඔබ මගේ ජිවිතේ
මඳ සිහියෙන් රස විඳිනා

ළැම ගැස්සෙන තාලේ නුවන් පුරා වින්ඳා
හසඟන සම රූපේ නුරා දැහැන් බින්ඳා
ඉන ලඟ සුදු නෙරියේ විසේ වැඩී හින්දා
ලඟටම ගෙන 

එකතු කලේ : හද රැදි ගී

වෙන්වීලා ගියදා පටන් ඔබ මා - wenweela giyada patan (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව - විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්..
ඔබට සතුටුයි ද දැන්..

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා..
මුවඟ සිනා පාවී ගියා..
කිසිදා සිතින් - නොසිතූ දුරින්..

වෙන්වීලා ගියදා පටන්...

යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා..
මැණික කියා රැකගත් ඔයා..
පියඹා ගිහින් කාටත් හොරෙන්..

වෙන්වීලා ගියදා පටන්...
 
එකතු කලේ : හද රැදි ගී

රැවටුන තරම් ඔබ හින්ද මං - rawatuna tharam oba (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


රැවටුන තරම් ඔබ හින්ද මං
කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්ත දා ඔයා මගෙන්..

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන් වී ගියත් රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා..

හැමදාම ඔබ මාගෙ පවසා
කඳුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතු දා
පිළිගන්න අදිමදි කලා
මගේ පණ ඈත යනු දැකලා..

වැරදි කරලා..

හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නේද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක් වෙන වාරයක් පාසා

වැරදි කරලා..

රැවටුන තරම් ඔබ හින්ද මං..

වැරදි කරලා ඔයා හැමදා..

එකතු කලේ : හද රැදි ගී

මේ තරම් ආදරේ - me adare tharam (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


මේ තරම් ආදරේ
නොලැබෙනා... ඔබ වෙනුවෙන් හදේ
ඇතිවුනේ මේ වගේ
සොයමි මා කාරනේ
ඔබදෝ සිහිනේ මගේ
මේ තරම් ආදරේ..........

නොසිතූ ලෙසෙ හමුවෙලා මෙසේ
හිතවත් වෙලා මිතුරියක් වගේ
දුර ගෙවා අපි ඇවිත් ජීවිතේ
ලංවුනා ආදරෙන් හිතේ
මේ තරම් ආදරේ.........

මගෙ සිහිනයේ සිත්තමක් වගේ
සිතුවම් කලේ ඔබයි ආදරේ
නිම වෙලා හිත මැවු හීනයේ
ඇහැරුනා පුදුමයෙන් වගේ

මේ තරම් ආදරේ........

එකතු කලේ : හද රැදි ගී

නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා - nuhuru nethu (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ දරේ හැගුම් අහසේ

සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
පෙති මත අතුරා සෙනෙහසක රටා
මම මං මුලා වෙලා....

සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං  තලේ
හිදිමි පෙතිවිදා දිනක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආද රෙන් වෙලා

නුහුරු නෙතු දැල්......

එකතු කලේ : හද රැදි ගී

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ - duka wedi nethe (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙනගියේ
ඇයි හොර රහසේ
කවදාවත් නෑ අප හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ

දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා //
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්රා මගේ බව කීවා
දිව්රා මගේ බව කීවා

පියවි ලොවේ ඉන්න සදා
හුරුකෙරුවේ ඔබම තමා //
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා

දුක වැඩි නෙතේ.......

එකතු කලේ : හද රැදි ගී

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා - kadulu biduwak (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....

කදුළු බිදුවක්.......

සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා....

කදුළු බිදුවක්.......

එකතු කලේ : හද රැදි ගී

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා - amathumak oben enakal (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා...
මග බලා හිටියත් තව නෑ ලැබිලා........
මාව දමා ගිය දා ඉදලා...
තාම ඔබේ මතකේ හැරදා....
යන්න තරම් හිත නෑ හැදිලා..

අද කී ඒ වගේ...
සෙනෙහේ මට ඔබේ...
රැදිලා තියේ හදවතේ...
මැරුනත් එක වලේ හිදිමුඉ කිවේ...
මට ඇයී පෙරදා මුවින් ඔබගේ...
තාම ඔබේ මතකේ හැරදා...
යන්න තරම් හිත නෑ හැදිලා...

තරහක් නෑ මගේ..
කිසිදා හදවතේ...
මම දිවුරන්නම් ඔබ කෙරේ...
සතුටින් ඇතිනම්..
ලොවේ ඔබගේ....
සතුටත් එයමයි මගේ දිවියේ...
තාම ඔබේ මතකේ හැරදා...
යන්න තරම් හිත නෑ හැදිලා..

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා..
මග බලා හිටියත් තව නෑ ලැබිලා...
මාව දමා ගිය දා ඉදලා...
තාම ඔබේ මතකේ හැරදා...
යන්න තරම් හිත නෑ හැදිලා...

එකතු කලේ : හද රැදි ගී

ආවා සේ ඈ දුර ගියා ආරාධනා - awa se aee dura giya (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා

එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී...
හැඟුම් ගොළුවෙලා... //
නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා

කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අදුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවා සේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා

එකතු කලේ : හද රැදි ගී

ආලෙන් වෙලී හිතේ තුරුළු වී - alen weli hithe (රුවන් හෙට්ටිආරච්චි - ruwan hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


ආලෙන් වෙලී හිතේ තුරුළු වී
සරා සද දිගේ සුසුම් සර වැදී
නොයා හිතුමතේ බැඳි ආදරෙන්
කියා ගන්න බෑ මගේ ආදරේ

හීන අහුරු වල ගුලි වීලා
සුපෙම් නුහුරු ගති නුඹ පානා
ප් රේම අහුරු ලෙන්ගතු වීලා
සුසුම් මිතුරු වී හිත පීරා
පෙරුම් පුරා මට ළං වීලා 
හිතේ ඉන්න දගකම් පාලා

දෙතොල් හාදු වැස්ස වහීවි
අලුත් අහසෙ නුඹ පායාවී
දෙනෙත් වලින් කතා කියාවී
වදන් මියුරු කවි අමුනාවී
ඔබයි සත්සරේ වීණාවී
සෙනේ ඇහින් හිත පීණාවී

එකතු කලේ : හද රැදි ගී

සුරංගනවී මගේ - Suranganawi Mage (Ruwan Hettiarachchi)


ruwan hettiarachchi sinnhala song lyrics


සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියැවිලා...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...//

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ පිපේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...

රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවුනේ...
මේ ආදරේ විදගමූ සුන්දරී...

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමි සඳා ප් රියේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...

රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවෙමූ...
මේ ආදරේ විදගමූ සුන්දරී...

සුරංගනාවී මගේ...//

ගායකයා : රුවන් හෙට්ටිආරච්චි 
සැකසුම : හද රැදි ගී

සීත මාරුතේ- Seetha Maruthe (Ruwan Hettiarachchi)



සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ........................

යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා //
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ........................

නොදැක ඉන්න බෑ - Nodaka inna ba (Ruwan Hettiarachchi)


thilini malkaනොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ අදරේ
නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරී

පැහැදුල් කතා මත්කේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විදිමී සදා//

මිහිදුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පුජා කලා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යළි එනතුරා
දිවියේ පුරා ඉදිමි බලා//

නොදැක ඉන්න බෑ..

බාගත කරන්න