නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සලා දෙනෙත් යුග - Sala deneth Yuga (Nishantha)



සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා.....

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා.....