නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

එපා කඳුලැල් සලා - epa kandulal (ආත්මා ලියනගේ)


Athma liyanage sinhala song lyrics


එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...//

එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද...//
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත...//

ආදර හැඟුමන් සලා 
මිරිඟුවක වෙලෙන් එපා..//
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා..//

හිත දුර හන්දා නෙතු ලග හංගා - hitha dura handa (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා .....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...

එකතු කලේ : හද රැදි ගී

සමනලියා මනලොලියා - samanaliya manaloliya (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


සමනලියා මනලොලියා
සු කුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පලදලා
සද නැගෙනා වේලාවේ කොහෙට වුණේ

සුරූපී....කුමරි....සිනාසී...
පාන ඔමරි ලතාවේ...
රෑයාමේ ප් රේමේ ගී
මිමිනෙනවා
යහනාවේ පාලු මගහරවාලා...

පිනාලු සරාගී
හිනාවේ ගීය හිත බැන්දුනාදෝ
රෑයාමේ ප් රේමේ ගී
මිමිනෙනවා...
යහනාවේ පාලු මගහරවාලා...

එකතු කලේ : හද රැදි ගී

සඳ හිරු තාරකා පායනා ලෙසින් - sanda hiru tharaka (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත  වෙනතක දෝ සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

එපා සිතන්න හිත රිදෙනා දේවල්
 එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්..

සඳ හිරු තාරකා...//

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
 හඬා කීවත් සිත  රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා...//

එකතු කලේ : හද රැදි ගී

රෑ අහසේ තරු කැට පායා දිලුනා - raa ahase tharu keta (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ ගිලුනා

තරු එලියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමන් කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවා

එකතු කලේ : හද රැදි ගී

මොරසූරණ වැසි ඇදගෙන- mora surana wasi (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


මොරසූරණ වැසි ඇදගෙන හැළුනා
මට මතකයි සමුගත් දිනයේ
මා සිතුවේ නැ ලොව  හැර යන්නට
අවිහිංසක නුඹ සිතයි කියා..//

නිමල ආදරේ අවිහිංසක බව
ලෝකය නැ දැනගෙන උන්නේ
මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ
ඔබ අරගෙන ඈතට යනවා

මොරසූරණ වැසි...//

තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා
හැඬූ නමුදු ඉන් නොමැත පලේ
වද මල සිඹලා මම සමුගන්නෙමි
හෙට හමුවෙමු අපි අපේ ලොවේ

මොරසූරණ වැසි...//

එකතු කලේ : හද රැදි ගී

මේ හිත තනියෙන් - me hitha thaniyen (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්

එකතු කලේ : හද රැදි ගී

මාලී සිහින කුමාරී - mali sihina kumari (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

පවනෙ රහසින් කොදුරා හද සසලන්නේ
උනුසුම් සුවදයි පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යාදෝ

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

අදුරේ රහසින් සැලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක්දෝ
මා දෑසේ මැවූ සේයාමායාවක්දෝ..

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ

මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ ////

එකතු කලේ : හද රැදි ගී

මල් සිනා සලන්න මල් සිනා - mal sinaa salanna (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා

මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ
රෝස මල් වනේ

ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා
සිනාසලා

එකතු කලේ : හද රැදි ගී

බිඳී ගිය සෙනේහේ - bidi giya senehe (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ
ඉගිල ගිය බඹරුනේ

ඈ සිටී මේ ලොවේ
සොඳුරු බව පුද කළා
කුරිරු සිතින් ලොවේ
ජීවිතෙ බොඳ කළා
ජීවිතෙ බොඳ කළා

පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ
යනු එපා බඹරුනේ

එකතු කලේ : හද රැදි ගී

නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ - na thawath hithak obata men (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි තාමත් මං විදවයි
පැතුවේම ඔබෙ සතුටයි

මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හඳ කොගේ අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ

මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ

නෑ තවත් හිතක්...

එකතු කලේ : හද රැදි ගී

කදුපාමුල සිට දැහැනට - kadu pamula sita (ආත්මා ලියනගේ - athma liyanage)


Athma liyanage sinhala song lyrics


කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු  අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

කදුපාමුල සිට...//

ලියතඹරා - Liyathambara (Athma Liyanage)


ලියතඹරා ,Liyathambara ,Athma Liyanage,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyricsලියතඹරා.... මුදු කුසුමකී ඈ
තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
නෑ ලොකේ ජීවේ ඈයයි...
නෑ ලොකේ ජීවේ ඈයයි....//

මායාව මායාව  ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
වීනාවේ තත් අතර මුදු ස්වරේ ඈයමයි
ම හදට රස ගෙනෙන මදූවිත ඈයයි

ලියතබරා.... //

මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දෑලකිනෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වෑලි කතරේ දිය බිද ඈයයි

ලියතබරා.... //

පෙනෙන නොපෙනෙන - Penena nopenena ( Athma Liyanage)


Athma liyanage sinhala song lyrics


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඔ ඇවිත් හිත ලගට ‍හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

දකින හිමිවන හීනේ නුඔ කොතැන හිටියා
මතක සැමරුමි අතරේ ජීවිතේ තිබුණා
හඩන හිනහෙන නෙත් නු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බෙ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඔ අහසක් වගේමයි සිතුණා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුඑ වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

මිරිගුවක හිත තියලා නුඔ දුරක ඇදුණා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන…..