නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මේ කිරුල බර වැඩී දේවී - me kirula bara wadi (අමරසිරි පීරිස්,උමාරියා)


Amarasiri Peiris song lyrics


මේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල 
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී

සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල 
ප්‍රේමයෙන් ආතුරව 
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී

මිතුරියක සොයුරියක 
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන් 
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී 
මවෙත ආ සඳකිඳුරු දේවී

මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී 
නික්ම යයි සඳකිඳුරු දේවී

රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී

දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී

විල් තෙර ඉන්න ඔයා - manda pama - wilthera inna oya - vil thera - wil thera (උමාරියා සිංහවංශ - umariya sinhawansha)


විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුණා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනෙ ඉන්නයි ආසා
මේ දකින හීනෙ ඉන්නයි ආසා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිඳී ගියත් නුඹවම පැතුවා
හිස සිඳී ගියත් නුඹවම පැතුවා

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

 එකතු කලේ : හද රැදි ගී

දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ - denuwan piya kadulin (උමාරියා සිංහවංශ - umariya sinhawansha)


දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ
නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ
සයුරෙන් එහා සිටියත් සදා පාලුවේ..

බොද වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ..
පන්හිඳට හුරැ වී කවි ලිව්වා මා මුලු රැයේ
ඉකි බින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ
එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා...

සද රේණු අතුරා ගිනි දැල්වූ අපේ යහනේ..
තුරැලේ හොවා මා අදුරේ කියූ ආදරේ..
මිණි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප් රියේ..
එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා....

දෙනුවන් පියා....

එකතු කලේ : හද රැදි ගී

තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට - thurulu karan innata (උමාරියා සිංහවංශ - umariya sinhawansha)


තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
පුරපු නෙතට බර නැහැ දුක් කඳුලු කැට
යශෝධරා මං අවසර වෙන්වන්න
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට..
ආයෙ දකින්නෑ අපි අපෙ ඇස් වලට..

කිඳුරිය වෙලා මතකයි මං පෙර බවක
හඬා වැටුනු හැටි මගෙ හිමි ඔබ අසල
කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..
නෙතු අග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද..

ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා
කල් ගිය තරම් දැනිනට ඔබ මගෙ නොවෙනා
ලොව අන්සතුයි සැප තිබුනත් සැප නොවෙනා
කුමටද පරවු මල් පුදසුන මත හිඳලා..
කුමටද පරවු මල් පුදසුන මත හිඳලා...

එකතු කලේ : හද රැදි ගී

ආදරය නිසා හෘදේ බැඳිලා - adaraya nisa (උමාරියා සිංහවංශ - umariya sinhawansha)


ආදරය නිසා හෘදේ බැඳිලා
අපරාදෙ ජීවිත හානී වෙ..//
සැනසීම සොයා දේ කඳුළු සලා
අපරාදෙ ජීවිත හානී වෙ..//

හෝ... ප් රේම මායා සිහිනයකී...
නින්දේදී පවා හද ශෝක දේ...
ශෝක දෙ එ එ ඒ...
ඒ ගැනම සිතා පසු තැවිලී වෙලා
අපරාදෙ ජීවිත හානී වෙ..//

කුල භේදය හා ධන සෑම සොයයි..//
ගුණ පිංකෙත මරණින් පරවී වැටෙයි...
පරවී වැටෙයි...
මේ ලෝකයෙහි පෙම් සැපත බලා
අපරාදෙ ජීවිත හානී වෙ..//

මේ ජීවිතයේ සැප නෑ අනේ..//
බැඳි ප් රේමේ හෘදේ වෙන් වූ කලේ...
වෙන් වූ කලේ...
ඒ ආදරයේ රස මිහිර සොයා
අපරාදෙ ජීවිත හානී වෙ..//

එකතු කලේ : හද රැදි ගී

හන්තාන සිහිනේ - Hanthana Sihine (Umaria ft Amaradewa)


බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
 හන්තාන අරණේ

වස්සානයට අත වනලා - Wassanayata (Umariya)


වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී...//

හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මං මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන් ....

වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මං ආවොත් ද නුබ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන් ...//