නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සද රෑට රෑට සද විමනට - sanda reta reta (ශෂිකා නිසංසලා - shashika nisansala)




සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා..
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා..
ඔබ මෙ අවෙ මා සොයා
සසරේ පුරුදු ඇති නිසා..
පෙර ආත්මයේ මා ඔබේ නිසා..//

සිත ආදරේ කරන්න බෑ කියා..
දගකාර සේ ඉදී එපා කිය..//
සද තරු මිලිනව යා දෝ
යලි හිරු නැග ඒදෝ..
මගෙ හද ගහෙයි ඒ නිසා...

සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා..
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා..
ඔබ මේ අවෙ මා සොයා..
සසරේ පුරුදු ඇති නිසා..
පෙර ආත්මයේ මා ඔබේ නිසා...

ඔබ ජේවිතේම දෙන්න මා පතා..
මට ආදරේ කරන්න ආ නිසා..//
ඔබ සද කිරනක් වේදෝ
ගන අදුරක් වේ දෝ..
මගෙ හද ගැහෙයි ඒ නිසා..

සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා..
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා..
ඔබ මේ අවෙ මා සොයා
සසරේ පුරුදු ඇති නිසා..
පෙර ආත්මයේ මා ඔබේ නිසා...

එකතු කලේ : හද රැදි ගී

සතියේ නිවාඩුවට නුවරට මම එන්නම් - sathiye niwaduwata mama ennam (ශෂිකා නිසංසලා - shashika nisansala)




සතියේ නිවාඩුවට නුවරට මම එන්නම්
දෙන්නම එකතු වෙලා දලදා වදින්න යන්

ඔයාගෙ මවුපියන් ට බැහැ අපි වෙන් කරන්න
හීනෙන්වත් මට බෑ වෛරය අවුලුවන්න
අපෙ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න
එක් තැන් වෙන තුරාම නපුරක් එපා දෙන්න

උනුසුම් පණිවිඩයක් තැපැල්පතින් මට ලැබුනා
කදුලැල් ඇස් දෙකටත් නොදැනිම බිම වැටුනා
කොහොමද හදාගන්නේ හිත පෙම් බැදුන නිසා
වැට කොටු බිදගමු සෙනෙහස සසර පුරා

එකතු කලේ : හද රැදි ගී

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් - winde nubai adare (ශෂිකා නිසංසලා - shashika nisansala)




වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයාගන්න බෑ කෙලවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේ තරම්....
බෑ බලන්නට දෑස් දිහා
ඈ නුඹේ හින්දා
මා නොවේ ඈ නුඹේ
ජීවිතේ හින්දා.....//

පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කදුලු
සිදී නොයාවී වේදනෝ මේ හිතේ පිරුනූ
රිදි රිදී විදවපූ වේදනා නිම නෑ
ආයේ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ...
බෑ බලන්නට...

දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ සිටි අයුරූ
කාත් කවුරුවත් අද ලග නෑ මිසෙක නෙතේ කදුලූ
රිදි රිදී.....

වින්දේ නුඹයි.....

එකතු කලේ : හද රැදි ගී

මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර - mahaththayo man dannawa (ශෂිකා නිසංසලා - shashika nisansala)




මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත
ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම

ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත
පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද

තාත්තෙක් වගේ අර නුඹ අතගෑ  මගෙ හිස
තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ
සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට

එකතු කලේ : හද රැදි ගී

මල්සර හී සරින් ඇස් පිල්ලම් යටින් - malsara hee sara (ශෂිකා නිසංසලා - shashika nisansala)


shasika nisansala song lyrics


මල්සර හී සරින් - ඇස් පිල්ලම් යටින්
රින්ගා කාටත් හොරෙන්
කවුරුත් නති සිත් මලින්
ඉල්ලන්නෙ මා ඔබෙන් දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ

මල්සරාගෙ දුන්න වැරදී
මටම වැදුනාදෝ
පාලු නගරේ ඉන්න ආසයි
ඉඩක දෙනවාදෝ
දිගන්තයකින් අනන්තෙට යන
පාර ලග ඉන්නම් - ඔබට ලන්වී

හදේ දොරටුව ලගට ඇවිදින්
සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට
ඉඩක් නෑ දෙන්නේ
වසර ගනනක් පෙරුම් පුරලා
මැවූ මන්දීරෙ - මටම හිමි වූ

මල්සර හී සරින්

එකතු කලේ : හද රැදි ගී

පාවෙලා යන සඳක් ලෙස මම - pawela yana sadak lesa (ශෂිකා නිසංසලා - shashika nisansala)


shasika nisansala song lyrics


පාවෙලා යන සඳක් ලෙස මම
අහසයට නවතින්නේ නෑ
ආයෙ දවසක හමුවෙන්න මට
නෑවිදින් ඉන්න මට බෑ

රැයක් තනියම ගෙවු දවසක
මගෙ හිතේ සැනසුමක් නෑ
නුඹත් මතු මග හැරුනු දවසක
ජීවිතේ උහුලන්න බෑ

වලාකුලු ලංවෙලා අහසට
හිටියොතින් මට ඉන්න බෑ
අපිට අපි ආදරේ තරමට
අපිට අපි හමුවෙන්න බෑ

එකතු කලේ : හද රැදි ගී

බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ - biththi paththare kawiya (ශෂිකා නිසංසලා - shashika nisansala)


shasika nisansala song lyrics


බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
කියවා බැලුවා රහසේ හැඩුවා
මට හිතාගන්න බෑනේ
බිත්ති පත්තරේ කවිය කාටදෝ
බිත්ති පත්තරේ කවිය කාටදෝ

පන්තියේ ඈයෝ කිසි වෙනසක් නෑ
හිනැහේ ලන්වෙලා..
හිත රිදුනාදෝ වරදක් වීදෝ
නොකියා ඉන්නෙපා..
ඉස්සර වාගේ මගෙ වෙනසක් නෑ
අමතක කරනනෙපා ආදරෙයි කියා

පෙර සන්සාරේ එක මග ආවේ
ඒකයි ලෙන්ගතූ...
අවසන් වාරේ අන්තිම දාමේ
තරහා වෙන්නෙපා..
නිවාඩු කාලේ හමුවනු බෑනේ
ලිපියක් එවන්න මට ආදරෙයි කියා

බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ........

එකතු කලේ : හද රැදි ගී

පාරමිතා නොපුරමු අප දෙදෙනා - paramitha nopuramu apa (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මහු සංසාරේ
පන සිනා සුළගට විසිකරමු
හමුවෙන හැම වාරේ

කදුළු වලින් දියවී යනවානම්
අවිහිංසක රූපේ
දොරගලනතුරු කදුළු හලනම්
ඔබමට නොපෙනෙන සේ

මට ඔබ ඔබ මට පෙම් කල තරමට
වෙන්වී යන්නට බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

එකතු කලේ : හද රැදි ගී

දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් - dura yanna sithuwata (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

එකතු කලේ : හද රැදි ගී

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් - nisansala sandak (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හඬක් ලඟ සිත නැවතෙනා හැඩක්...//

හමුවෙලා හවස දොළදෙණියේ කුඹුර ළඟ....
ඔබ කතා කළා රංමැණිකේ කියා මට
මම මුතු මැණිකේ.....
ඔබට විතරම විතරයි රංමැණිකේ.....

නිසංසල සඳක්......

පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක...
අම්මලා වුනත් විරසක වෙනවා ද හෙට..
සුදු කරල් එපා.....
ඔබගෙයි මගෙයි පෙම් කෙතට.....

නිසංසල සඳක් .......//

එකතු කලේ : හද රැදි ගී

තොල් පෙති විතරක් පලමු හාදුවෙන් - tholpethi witharak (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..
සේපාලිකා මලකට රෑ තනියම හිනා වෙන්න...//
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

විරහී හදවත් සඳුන් උනා..
සිහිලැල් කොට..
නෙතු වියන් ලගට පලවා සුදු මුතුලැල් පොට..
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..
සේපාලිකා මලකට රෑ තනියම හිනා වෙන්න...
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට...
එක යායක් වෙයි මුලු ලෝකය හඳ එලියට...//
පුර හඳ එක්ක එන්න නිල් අහසට...

තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න..
සේපාලිකා මලකට රෑ තනියම හිනා වෙන්න...//
පුර හඳ එක්ක එන්න නිල් අහසට...///

එකතු කලේ : හද රැදි ගී

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා - gimhana kale (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
ලංවේද මා ආයේ දෑසේ
සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒදෝ මා සොයා

තිර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

නන්නාද වේ සිනා සෘගාරෙ වෑහෙනා
සංතාප හෝරාව පාවීලා
නින්දාද පාවේලා පින්තාරෙ ගෑවිලා
කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා

නිස්සාර කාරනා ඇස්ගාව තෝරලා
හිංසාව නැ මාව පාරාලා
සිත්මාගේ සාදලා සත්පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා


එකතු කලේ : හද රැදි ගී

කිරි වෙහෙරට මල් නෙළුවට - kiri weherata mal (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


කිරි වෙහෙරට මල් නෙළුවට
මගෙ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි....//

ගිනි අව්වට පිච්චි පිච්චි දෑස දෙපා කකියන කොට
අහම්බෙන් වගේ පිපුණා සොඳුරු සිත් මලක් සිසිලට
වහන්වෙලා ඇවිත් නඩෙන් නෙතින් කතා කරපු ඔබට
කොහොමද මම මිලක් දෙන්නෙ මගෙන් ගත්තු මල් දහයට

කිරි වෙහෙරට මල් නෙළුවට..........

නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි වුනානෙ
මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ළං වුණාවෙ
අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතෙ
ඇත්තට එතකොට මගෙ වෙයි මුළු හද මඬලම ඔයාගෙ

කිරි වෙහෙරට මල් නෙළුවට..........

එකතු කලේ : හද රැදි ගී

ඔබ මගෙන් සමු අරන් - oba magen samu aran (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං
ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා

ඉකිගසා හඩන ඇස් අතරින් දුක මගේ රූරලා
ඉවසුව සරදම් විදවනු බෑ දැන් ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න ගියපු ලෙසින් සමුගන්න දන්නේ නෑ මම නම්

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා

විදවනා තරම දන්නවා නම් දුර රැදෙන්නෑ ඔයා
අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා
කවදාද එන්නේ නැවත ඔයා දැකගන්න ඉන්නේ තවම බලා

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං
ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා

එකතු කලේ : හද රැදි ගී

ආ මඟ වැරදී යන මං නොපෙනී - aa maga waradi yana (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


ආ මඟ වැරදී යන මං නොපෙනී
තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඩලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
දම් පඳුරෙන් මංකඩ ලඟ ගොම්මං අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬා දොඩා කීවත් නුඹ කවුරුද ඇසුවේ
ප් රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මංදාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ


ගායනය : අමරසිරි පීරිස් / ශෂිකා නිසංසලා
සඳගලතැන්න ටෙලි නාට් යයෙන්

එකතු කලේ : හද රැදි ගී

ඇස් දෙක පුරා හීනෙන් වගේ - as deka pura heenen wage (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


ඇස් දෙක පුරා හීනෙන් වගේ
මං මැවූ කෝලම් කතා
දෝතින් බදා ආදරෙ කරා පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා

හෝ...
පෙර භවයෙදී අපි මේ වගේ හමුවෙන්නැතී
මං ආදරෙන් තුරුලට වෙලා නවතින්නැතී
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

හෝ...
පෙරුමන් පුරා ලඟ ඉන්න පිං පුරවන්නැතී
ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැතී
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

ඇස් දෙක පුරා හීනෙන් වගේ මං මැවූ කෝලම් කතා
දෝතින් බදා ආදරේ කරා පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

එකතු කලේ : හද රැදි ගී

අප හමුවුන තැන තනියෙන් - apa hamuwuna thana (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය හැටි සතුටින්
ඉන්නවද නෑ දන්නේ

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

මතකේ අපගේ රැදිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

එකතු කලේ : හද රැදි ගී

අදහන්න බෑ ඔබද මේ - adahanna be obada me (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


අදහන්න බෑ ඔබද මේ
සිදලන්නේ ඇයි ප් රථම ප් රේමේ
ආදරේ විශ්වය කිමැයි
ඔබ නේද මා හා කියුවේ

සුසුමින් ගෙතු පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ ..
කවියක්ද ඒ ආදරේ ..

ගිම්හානයේ සුහුබුල් සඳේ
නැබුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා

පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ

අදහන්න බෑ ඔබද මේ   .
කවියක්ද ඒ ආදරේ

එකතු කලේ : හද රැදි ගී

ඔබ මා හමුවුනදා - Oba ma hamuwuna da (Shashika Nisansala)


shasika nisansala song lyrics


ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා..
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

කවුරුන්ද කවුළුව වැහුවේ - Kauruda kauluwa wahuwe ( Shashika ft Chamara)


shasika nisansala song lyrics


කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

කවුරුන්ද කවුළුව වැහුවේ...//

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ...