නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)


 

නාදුනන ලෙස පවසන්න - nadunana lesa pawasanna (Romesh Sugathapala)

"නාදුනන ලෙස මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

සීතල පවනැල්ලක් වීලා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිඟු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න

මා උමතු කල
ඔබට කෙරූ ආදරය
හඬනගලා ලෝකයට
මම ආසයි පවසන්න"


හුස්ම වාගේ ළඟම මාගේ - husma wage lagama mage (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින් //
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ

ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ
ඔබ හා මා ඔබ හා මා
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ //
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ //

කීවෙත් නෑ කීවෙත් නෑ
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කවුරුත් නෑ කවුරුත් නෑ
ඔබ නැතුව ඒ හීනේ කවුරුත් නෑ //
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ //

හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින් //
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ
ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ...

එකතු කලේ : හද රැදි ගී

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ - hemadama hadana hitha (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ...

සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ..
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ..
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ...

හැමදාම හඬන සිත....

නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ..
තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ...
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..

හැමදාම හඬන සිත....

එකතු කලේ : හද රැදි ගී

සුහුඹුල් වත නිකැළැල් - suhubul watha mandakini (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


සුහුඹුල් වත නිකැළැල්
සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා
ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල්
පරදාවි නිල් මානෙල් මල් සැමදා
ඔබේ රූ හන්දා

රෑ පුරා මුළු රෑ පුරා නිදිවරා 
මා නිදිවරා කල්පනා හීනයක තනි උනා
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......

ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ
හද පිපුනා මට දැනුනා ඔබ වෙනුවෙන් ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......

නිල් අහසින් බැස ආ සඳ සාවී
විල් තෙරදී අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නි
සිප ගනිමි යලි හමුවී මතු දවසක ආදරේ

මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිනි
මාගේ......

එකතු කලේ : හද රැදි ගී

සඳ පෑයූ මේ රෑ යාමේ - sada peyu me raa yame (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


සඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා

හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

එකතු කලේ : හද රැදි ගී

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ - sinasenna bene (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


හැගුම් මත් කලා ඉනුරා දෑසේ මායා
නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ //

නිල්වන් ගැබේහි සඳ හැංගුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපෙද ආයේ
හද රැදුන සිහිනේ බොඳවේද මාගේ
හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා
සිනාසෙන්න බෑනේ //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලුනානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ
මුණගැහුන තැන තාම මම ඉන්නවා
සිනාසෙන්න බෑනේ //

එකතු කලේ : හද රැදි ගී

වසන්තයේ සිත සැලුනා - wasanthaye sitha seluna (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//

සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී

වසන්තයේ සිත....

අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි

වසන්තයේ සිත....

එකතු කලේ : හද රැදි ගී

මාගේ සුකොමල සඳ කොමලී - mage sukomala sada (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


මාගේ සුකොමල සඳ කොමලී
තනියට සිත ලග රැදි කොමලී
පිය වදනී පිය වඩනී
මාගේ සිත ලග තරු රැජිනී
නෙතු මල් ලස්සන කොද කැකුලී
පිය වදනී තරු රැජිනී

තාරුකා පිය ගට සදා නැග ප් රේමේ කඩු රැල්ලේ
නුඹ දිහා එම් සැතපිලා ඉම් නුඹගේ හසරැල්ලේ
හැන්ගිලා හිද ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරි නුඹ ලං වෙලා ආදරේ කියනා තුරා
සිත නෑ ඉවසිල්ලේ

මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
ප් රෙහෙළිකාවක විසදුමක් ලෙස ලං වෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත් ලග තනියක් දැණුනු වෙලේ
ගීතිකාවක සුවය දී සිහිනයේ රස පහස දී
තුන් පැය ලග සිටියේ

සාගරේ රැළි ආදරේ ගැන කරනා අැවටිල්ලේ
පීදෙනා සිත ගායනා කළ ප් රේමයෙ නැවතිල්ලේ

එකතු කලේ : හද රැදි ගී

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං - bala innam (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා...//

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...//
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප......

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා...
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා...//
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප......

එකතු කලේ : හද රැදි ගී

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී - nethu seluna kadulin (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟි බිඟි පෑවා...
මල් පාරත් මට අත වැනුවා..
සුන්දර වූ සැන්දෑ ගෙවුණා...
දුක සංකා නිවුනි අප දෑතම බැදුණී මා ආදරේ ඔබට මයි..

නෙතු සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

වස්සානේ මහ වැසි වැටුණා..
දෙසුම් හලේ පාළුව දැනුණා...
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම දින සති ගෙවුණා...
මැයි මල් පිපෙන තුරා මහවැලි ගලන තුරා මා නෙත් පියෙන තුරා...

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

එකතු කලේ : හද රැදි ගී

පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න - pawenna kiyadenna oba (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න
ලංවෙන්න ඉඩක් දෙන්න තොල් එක්ක මට තනිවෙන්න
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුළු ලෝකෙ මගෙ වේදෝ

ස්නේහෙ ආදරේ වින්දෙ මන්දරමේ
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහෙ ආදරේ වින්දෙ මන්දාරමේ
රැන්දුවා මත් වුනා ඔබගේ තොල් සායමේ

සන්සුන් වේ පෙම්වත් වේ ලං ලං වේ සුසුමන් මත්වේ
හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ............

මන බැදුනේ ප් රිය ලදුනේ ඔබෙ මුහුනේ කැල්මන් මත්වේ
හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ............//

එකතු කලේ : හද රැදි ගී

නන්නාඳුනන සිහින වෙලා - nannadunana sihina wela (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


නන්නාඳුනන සිහින වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟි පා තියා
මාගෙ තනි හිතට ඔච්චම් කලා

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරී හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කලා

වැසි වැසෙන කළුවර මකා
නිල් අහසෙ සිත්තම් කලා
ඔය හිත තාම මගෙ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාඳුනන සිහින....

එකතු කලේ : හද රැදි ගී

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම - digu desa dutuwama (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම......

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාම......

එකතු කලේ : හද රැදි ගී

කඳුලින් මගේ දෙකොපුල් තෙමේ - kandulin mage dekopul (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


කඳුලින් මගේ දෙකොපුල් තෙමේ
ඔබ නෑ දන්නෙ හිතේ වේදනා
රහසින් වගේ පවසන් ලඳේ
ඇයි මා දමා තනි⁣යෙන් ගියේ ඔබ මෙදා
විලාපයේ මා....මිලාන වූවා.....
සුදුමැලි වූ කම්මුල් දෙක මා ගොලූ.. වෙලා
සිනාවන් මැකිලා.... ඔබ නිහඬ වීලා...
දෑත බැඳ ඉන්නෙ සුදු වතින් සැරසිලා...

මාගෙ ලෝකෙ... සැමදා ඔයානේ...
හමුවෙන්න එනනෙ කවදාද ආයේ...//

මේ නිසල රෑ මා..ඔබ ලඟම ඉන්නම්
හඬවන්නෙපා මේ.. සිත මාගෙ මෙතරම්
මේ දිවිමගේ නෑ.. මට වාසනාවන්
ඔබ දුන්න⁣ සෙනේහේ.. හැමදාම මනරම්
නොඑනා ගමනක් ගියා කාටත්ම නොකියා
දැවෙනා තරමක් දනීනම් ඔයා.....

මාගේ ලෝකේ සැමදා ඔයානෙ
හමුවෙන්න එ⁣න්නේ කවදාද ආයේ....

පෙම් අංගනාවෝ... දැනුනාම පාලු
මතකේ විඳින්නම් අපි දෙන්නා යාළු
සංසාරයේ මේ දුක වින්දෙ කවුුරු
මා දන්නෙ නෑනෙ දුක දරන අයුරු
නොඑනා ගමනක් ගියා කාටත්ම නොකියා
දැවෙනා තරමක් දනීනම් ඔයා...

මාගෙලෝකෙ හැමදාම ඔයානේ
හමු⁣වෙන්න එන්නෙ කවදාද ආයේ.....

එකතු කලේ : හද රැදි ගී

ඔබ මැව්වෙ මටමයිලූ - oba mawwe matamai (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


ඔබ මැව්වෙ මටමයිලූ
මා මැව්වේ ඔබටමලූ
අපි දෙන්නට දෙන්නා මාවා තියෙන්නේ
අපිටම විතරයිලූ
ඔබගෙයි මගෙයි ආදරය මේ
කොයිතරම් දුරද මංදා
මගෙ තැන අරන් ඔය ජීවිතේ
වෙනකෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි
ඒ ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි.....//

ඇස් ඉදිරියෙ වෙච්ච පොරොන්දූ
කඩකරලා වෙලා මුරන්ඩූ
මා හයියෙන් ගෙරුවත් නන් වූ
අරගත්තේ නෑ මං වාඩූ
ඔබගෙයි මගෙයි ආදරයමේ
කොයිතරම් දුරද මංදා
මගෙතැන අරන් ඔය ජීවිතේ
වෙන කෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි
ඒ ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි....//

හිත පතුලේ හීන කැලැත්තූ
හේතුව බොරු කේලම් කදුලූ
අපි ප් රේමය නොකරන් පලුදූ
අපි හිමිවේ අපිටයි නන්දූ
ඔබගෙයි මගෙයි ආදරයමේ
කොයිතරම් දුරද මංදා
මගෙතැන අරන් ඔය ජීවිතේ
වෙන කෙනෙක් ඇද්ද මංදා

මේ අන්තිම ආදරයයි
ඒ ඇත්තේ චරිත දෙකයි
ඒ ඔබයි මමයි විතරයි
පිට කවුරුත් නෑ සත්තයි....//

එකතු කලේ : හද රැදි ගී