නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අංගනාවෝ ගීතේ ලීවා - anganawo geethe liwa (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)





අංගනාවෝ ගීතේ ලීවා තාලේ තැබුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා නේ ඔබේ ලෝකේ
දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ...

මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නෙ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ
ඉතින් පුදන්නකෝ ඔයාගෙ ආදරේ...

රූපිකාවෝ රැගුමන් රැගුවා
මට අම මී පෙව්වා සිහිනෙන් මට කීවා
ඔබ මාගේ කියලා
සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නෙපාට ගෑව
ආදරේ මටයි නගේ...

එකතු කලේ : හද රැදි ගී

සුවදයි මුවේ මල් පැණී - suwadai muwe mal pani (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




සුවදයි මුවේ මල් පැණී
නෙතගින් හැලේ නිල්මිණී
මා ජීවිතේ පන වැනී
නැල්වෙන් දුවේ රෝෂිණී....

අම්මා නුඹේ-කිරට ගියා
කිරි එරවා-එන්ට ගියා
කිරි මුට්ටිය-ගගේ ගියා
ගගට උඩින්-කොක්කු ගියා....

ඔන්න බබෝ-ඇතින්නියා
ගල් අරඹේ-සිටින්නියා
ගලින් ගලට-පනින්නියා
බබුට බයේ-දුවන්නියා....

අතට වෙරලු-ඇහිද ගෙනේ
ඉනට පලා-නෙලාගෙනේ
බරටම දර-කඩා ගෙනේ
එයි අම්මා-විගසකිනේ....

සුවදය මුවේ.........

සුවද දෙන මල් වනේ - suwada dena mal wane (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා...

සුවද දෙන මල් වනේ...

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැදෙයි
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි
මා සිතේ නැගෙයි...

සුවද දෙන මල් වනේ....


සුවද දැනී දැනී ‍දැනෙනවා - suwada danii (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




සුවද දැනී දැනී  දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු  බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
සුවද දැනී දැනී  දැනෙනවා

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල  දි ගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී  දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ... ඔච්ච ම් කර කර හංකිති කවනා ආදරේ...
 බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද   වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී  දැනෙනවා


සඳේ ඔබ ඇයිද මේ යාමේ - sade oba ayida me (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ

සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා 


මුතු කැට වැටෙනා පෝරුව අබියස - muthuketa wetena poruwa (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ...
රෑ......
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ...
රෑ......
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......


මිදුලේ අතන නංගෝ - midule athana nango (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




මිදුලේ අතන නංගෝ
කවුද හැංගි ඉන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තන්
දන්නේ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් හොයලා මම එන්නදෝ
මිදුලේ අපේ යාලු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ

සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කවි ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමු අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන් අඳිමු අපි නංගියේ
පාට ගාලා රූප අඳිමු

ගවුමේ දූලි ගෑවී කිලිටි වීලා
අම්මා බනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී...///


මං ඇහැව්වා හොරෙන් හදවතින් - mama ahawwa horen hadawathin (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා

කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා

පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා

මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා


බොල්පිණී වෑහෙන වේලාවේ - bolpini wehena welawe (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

බොල්පිණී වෑහෙන වේලාවේ


දෑසම රිද්දන හසගන තාලෙට - dasama riddana (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා 
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා 

මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා 
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා 

මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු ප යේ ඇනිලා
මා  ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා 
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා 

පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ 
මේ ගුරු පා රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ 


දවසක් දා හැන්දැවක පොතක් බලන්නට සිතුනා - dawasak daa(රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




 දවසක් දා හැන්දැවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා

ඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගෙ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කිය පොතේ ලියවී තිබුනා

රේනූ රේනූ මල් මිටේ රේනූ
ඈට පෙම් කරන්න මට බෑලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලු
රොන් පිරී සැලෙන්න මල් රේනූ

සද වත දො මා දුටුවේ
ඔබෙ ගත දො මා දුටුවේ
සිතුවම් දො මා දුටුවේ
හැබැහින් දො ඔබ දුටුවේ

ඈ මගේ ගතේ...

රේනූ රේනූ....//

කඳුලු බිඳක් මා වෙනුවෙන් - kandulu bidak ma wenuwen (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්..//

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්...

කඳුලු බිඳක් මා .....

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්...

කඳුලු බිඳක් මා .....


උකුලට නාවත් එදා වගේ - ukulata nawath eda wage (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ //

කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ  

උකුලට නාවත්.....

අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ  

ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු - idunil gagulal (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




ඉඳුනිල් ගගුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//

මේ පොලෝ තලේ එදා උන්නු
රාජ රාජ සීංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ
මගේ පුජනීය භුමියයි ලංකා...

ඉඳුනිල් ගගුලැල්.....

සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ජීවිතෙන් පුදා රකිව් ලංකා...

ඉඳුනිල් ගගුලැල්.....

මේ දිගන්තයේ - Me Diganthaye (Rookantha)


මේ දිගන්තයේ - Me Diganthaye (Rookantha)මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල් ගුවන් ගැඹේ.. පායනා සදේ..
දන්නවාද ඒ.. පෙම් කතන්දරේ..

සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්නේ නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

මේඝ මාරුතේ.. රෑට සීතලේ..
යොවුන් හැගුම් මගේ.. තැලී පෙලේ ගතේ..

සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
නෙතුවැල් රැඳෙන්නෑ..  සිතුවැල් බැඳෙන්නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

ලදුනේ අනුකම්පා.. නැතිලෝ සිතිලා..
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...

ඔබ මට ගෙන දෙන වේදනා..
යලි යලි පාරයි වේදනා චේතනා...
මා දුක් කඳුලේ නෑවෙනා..
වසන්තයේ රෑ.........


(හාදු දෙන්නෙ නෑ) ඈට තේරෙන්නෑ..

ඔබ ගැන සිතමින් රෑ දිවා..
වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන ඇයි ඔයා...

හා හා හා හා...

මට ඔබ නැති ලොව එපා..
මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...

මට ඔබ නැති ලොව එපා..
හා හා හා හා...

රෑ දිවා රෑ දිවා රෑ....

නෙතු වැල් මැලවී.
සිතු මල් වැලපී..
හසකැන් මියැදී..
හද සෝ ගෙනදී... //

ඇස් දෙක පියාන - As deka piyana (Rookantha Gunathilaka)


ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
I love you thilini malkaබෑ බෑ මට නිදාගන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ

සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ

රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
අනිත් අයට එය ඇසෙන නිසා
අනේ රත්තරන්....
හිතට වද නොදී...
තුරුළු වෙන්න ආදරෙයි කියා
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
තුරුළු කරන් ආදරෙයි කියා

ඇස් දෙක පියාන...

අනාත මාරුතේ - Anatha maruthe (Rookantha Gunathilaka)


අනාත මාරුතේ..
කුනාටු සාගරේ..
දිවිය තියෙන තුරු මගේ..
ඔබයි ආදරේ..

අතීතයට වඩා පැරණි අපේ ආදරේ..
අපි දෙදනා හැඬු හැඟුම් දනී සාගරේ..
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ..
දිවිය තියෙන තුරු මගේ ඔබයි අදරේ..

අනාත මාරුතේ..

සිත රිදවන වදන් වලට..
හඬන්නට එපා..
ඇනුම් බැනුම් වලට මගේ..
තැවෙන්නට එපා..
සසර සරන තුර මගෙන් මිදෙන්නට එපා..
දිවිය තියෙන තුරු මගේ..
ඔබයි අදරේ.......

ඔබ ලග නෑති මේ සසරේ - Oba laga nathi (Rookantha)


ඔබ ලග නෑති මේ සසරේ
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...

විලද පොරි ඉහලා
අපට සුබ පෑතුවා
අසිරි හඩ දිලා
මංගලම් කීවා
සුවදින් පිරී හසරල් ඔබේ
මගේ මුවගට ලන් වුවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

සද කිරන වෑදිලා
මල් සුවද දෑනිලා
පිනි දහදිය වෑටිලා
ඔබෙ මුහුන තෙමිලා
ඔබ හා මෙම දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුනා
රෑය පහන් කලා දෙදෙනා

ඔබ ලග නෑති මෙ සසරේ ...