නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ළය ගින්දරින් ගිනි ගන්නා - laya gindarin gini ganna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..

තරු කැට දෙක තුනක තනිකම මකන්නට..
මට බැරි වේවි නුඹහට මෙන් විටින්විට..
වරදින් මිදී නුඹ යළි ආවොතින් ගෙට..
වරදක් කියන් නෑ කවදාවත් නුඹට..

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..

නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම..
තනියම කොහොම පැටවුන් නිදි කරන්න ද..
දරුවන් නිසාවත් නුඹ ආවොතින් ගෙට..
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම..

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..

එකතු කලේ : හද රැදි ගී

හිත හෙමිහිට හදාගන්න - hitha hemihita hadaganna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


හිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
සමරුපොතේ දඟ කෙරුවත් අපේ මතකය
හදා ගන්න මට දෙන්න මගේ හදවත
හදා ගන්න මට දෙන්න මගේ හදවත

අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුළුදුලේම පෙම් බැන්දේ මා ඔබටයි රහසේ
කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වුවේ


යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑ නේ
කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ


සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
සමරුපොතේ දග කෙරුවත් අපේ මතකය
හදා ගන්න මට දෙන්න මගේ හදවත
හදා ගන්න මට දෙන්න මගේ හදවත

එකතු කලේ : හද රැදි ගී

හිමි සදු අහිමිව හඬනා - himi sadu ahimiwa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


හිමි සදු අහිමිව හඬනා
අපෙ අම්මා දැක දැක
ඉදින්නෙ මං කොහොමද
ඒ මුහුන බල බල
වෙන ළඳකට පෙම් බැඳලා
ගියාට දුරක
දුර වැඩිනෑ අප්පච්චී
ඉන්න නිවසට

ඇනුම් බැනුම් ලොව අසමින්
වැලපෙන අම්මා
කඩුල්ල ළග නුඹ එනතුරු
බලාඉන්නවා
ඇගෙ සෙනෙහස රවටාලා
දුක් ගිනි දීලා
වෙන ළඳකට පෙම් බැන්දේ
ඇයි දැයි මන්දා

අපේ හිතට සවිය දුන්න නුඹගේ සෙවන
අහිමි වෙලා අද ඇවිලෙයි හිතේ ගින්දර
ඒඋනාට තව සුවදයි නුඹේ සෙනෙහස
අප්පච්චී එන්න ඉතින් අද හෙට ගෙදර

එකතු කලේ : හද රැදි ගී

සොදුරු ලඳුනි මා වියරු උනේ ඇයි - soduru laduni (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සොදුරු ලඳුනි මා වියරු උනේ ඇයි
නුඹ ගැන නොසිතා කුරිරු ලෙසින්
ඇසුරු සැනින් ඉක්මන් උන මගෙ අත
පුපුරු ගසයි සාත රිදුමි දෙමින්
ඉවසුන් නැති මට සමා කරන්

සැක ඇති තැන් දැක මුලා උනෙමි මම
සිත වාවාගනු බැරි තැනදී
සියල්ල උනු පසු තේරුමි ගත්තෙමි
ඔබට නපුරු උනු මා වැරදියි

ඉකා බිඳ බිඳ නුඹ හඩා වැටෙන හඩ
යලා අැසුනා රැවි පිලි රැවි දී
උණු කඳුලක උණු රස දැනුනා මට
ඔබගේ දෙකපුල් සාපගද්දී

එකතු කලේ : හද රැදි ගී

සුසුමන් ගලා පැතුමන් බිදී - susuman gala pathuman (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුසුමන් ගලා පැතුමන් බිදී
හදවේදනා උතුරයි නිතී
මන්දාරමේ වැහිකෝඩයේ
සුලඟක් වගේ ඔබ යයි බිදී
පායන්නෙපා ඇස් මානයේ
හිත හඩවනා තරු කුමරියේ...

ඔබ ඉන්නවානම් හඩනා රැයේ
නෙතුබොද වෙලා කදුලින් පෙගී
මට එන්න බෑ පෙරදාවගේ
හඩවන්නෙපා සිත මේ ලෙසේ..

ඔබ දන්නවානම් සෙනෙහෙ ලයේ
හිත තනිවෙලා විඳවනහැටි
ලංවෙන්න බෑ පෙරදා වගේ
නොතැවී ඉදින් හිටියත් කොහේ..

එකතු කලේ : හද රැදි ගී

සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී - sundara duma duma na sudu (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවී
පෙම්බර නමුණුකුලට පෙම්කවි ගොතනා
නුඹදෝ ප් රේමවන්ති සිහිලැල් ගී පද සලනා//

පුන්සඳ මූණෙ එළියගෙන සඟවා
චන්දන අරටු වනේ සිසිලස රැගෙනා
ඉමිහිරි බෙලිමල් රසපැන් ඔසු දෙවනා
හිත නළවගන්න එන පිරිසට//
මිහිරිම කවිපද කියනා
[නුඹදෝ සොබාදෙව්ලි ගහකොළ මල්ඵල මවනා]//

කිරිසුදු බදුලු ඔයෙන් හසරැලි ගෙනෙනා
මිහිඳුම් සළුවෙන් හිස ඔළිඑළි බඳිනා
දහදිය මුතුමල් ඉහිරුණු බිම වඳිනා
වට වන්දනාවෙ එන නඩේට//
සියපත් ඔබ හාදවුණා
නුඹදෝ සුරලිය මුතියංගණ බුදුගුණ වණනා//

සුන්දර දුම දුම නා...........................

එකතු කලේ : හද රැදි ගී

සුන්දර රාත්‍රියක් මෙතරම් - sundara rathriyak (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුන්දර රාත් රියක් මෙතරම්
කවදා උදාවේද නොදනනී
ඔබගේ සුසුම් වලින් උනුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්

රහසේ තුඩු තුඩු ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සද වතුරෙන් නාවා
රාත් රිය මෙලෙසම පවතීවා

සුන්දර රාත් රියක් මෙතරම්.........

රහසේ හිරු නොනැගේවා
අපගේ සිහිනය නොබිදේවා
පුරසද අහසින් එලවා
රාත් රිය දුක් ගිනි නොගෙනේවා

සුන්දර රාත් රියක් මෙතරම්..........

එකතු කලේ : හද රැදි ගී

සුදු සඳුන් මලක සුවඳ දිගේ - sudu sandun malaka (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුදු සඳුන් මලක සුවඳ දිගේ
සිත පැටලෙනවා..
මට කඳුලු දිදී නුඹෙ සුවඳට
තව ලං වෙනවා..
ඒ අතීතයේ සිතුම් පෙලම
මට රිදවනවා..
ඒ අතීතයේ සිතුම් පෙලම
මට රිදවනවා..

සඳුන් සුවද තවරාගෙන ඔය වත කමලේ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ
නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ..

සුදු සඳුන් මලක......./

රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමි
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි
අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමි..

සුදු සඳුන් මලක.../

එකතු කලේ : හද රැදි ගී

සිතින් විතරක්‌ පෙම් කරන්නම් - sithin witharak (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබවෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සැම දින
කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

එකතු කලේ : හද රැදි ගී

සුදු රල ගල් කුල මත හැපි හැපි - sudu rala gal kula (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සුදු රල ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අපි සයුරු තෙරක සිසිලස වින්ද
මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද
ජීවිතයට මට අමතක නොවේ කිරින්ද

මාගම්පුර වන්දනාව කොලොම්පුරේ සිට
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක..//
අහම්බෙන් ම මම දුටුවා ලස්සන ඇස් දෙක
වාඩිවෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ
කිරින්දෙ හවසක....

සුදු රල ගල්.....

එක දවසක එක හවසක සැගවී ගිය ඔබ
ඊටපසුව හමුවුනෙ නෑ කවදාවත් මට..//
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද
යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ හිත
කිරින්දෙ එනවද....

සුදු රල ගල්........

එකතු කලේ : හද රැදි ගී

සරසවියේ දොරටුව ලගවත් නෑ - sarasawiye doratuwa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සරසවියේ දොරටුව ලගවත් නෑ
අපේ මතක මැකිලා
ඔයාම පෙම්කල ඔයාම හැරගිය
ඔබේ පෙම්වතා තනිකරලා

අපි ආගිය හැමතැන්වල වෙන අය ඉන්නවා
ඔයාම ඇවිදින් බලලා යනවදී
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා
ඔයාගේ සෙනෙහේ කවදා ලබන්නද

යන එන අතරෙදි මා ඔබව සොයනවා
මෙවන් රුවක් මා කෙසේ ලබන්නද
පෙම් බැඳි සහසක් සිත් ලඟ ඉඩක් සොයනවා
ඔයාගේ සෙනෙහේ කොහෙන් හොයන්නද

එකතු කලේ : හද රැදි ගී

සමාවෙලා හදාගන්න - samawela (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න

ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට

කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක
ගෙවාගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

එකතු කලේ : හද රැදි ගී

සයුරේ හෝ හඩ ඇහෙන මායිමේ - sayure ho hada (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා

සයුරේ හෝ හඩ ඇහෙන මායිමේ
සයුරේ පාවෙන රල ලග මායිමේ
ජීවත් වෙන්නට ඉද දෙන්න
මහමුහුදයි අපෙ ජිවිතේ

සයුර ගැඹුරු බව දන්නවා
මහා චන්ඩ රැලි නැගෙනවා
මහ මුහුද එහෙම බව අපි දන්නවා
ඒ මුහුදට අපි පණ පුදනවා

මහ සම්පත් දෙන සාගරේ
රැක දෙනවා අපේ ජීවිතේ
අහිමි උනොත් මේ මහ සාගරේ
අපේ පුංචි පැටවු ටික හාමතේ

එකතු කලේ : හද රැදි ගී

සඳට සඳ එලියට - sadata sanda eliyata (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සඳට සඳ එලියට
මලට මල් පොකුරට
කවියො කව් ලීවට
වෙනස් වේවිද
මේ මිනිසුන්ගෙ සිත...//

උමතුවෙන් මත්වෙලා
රාගයට ලොල් වෙලා
මනස විහිදොව මුලා
සුමුදු මල් පරවෙලා...//

අඳුර ලොව රජවෙලා
මිනිස් සිත ගොළු වෙලා
ව්ශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා...//

සඳට සඳ එලියට............

එකතු කලේ : හද රැදි ගී

වැල් දොඩම් මලක - wel dodam malaka (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


වැල් දොඩම් මලක
වැල්දොඩම් මලක සුදු මල්පෙති හරි සුමුදුයි
⁣ඔබෙ මුහුන වගේ පුංචි නගේ..
දම් පැහැය ගත්ත එමල් රේනු ඔබෙ ඇස්දෙක වාගේ පුංචි නගේ..

සුලං සමග දඟ කරනා සුදු මල්පෙති වාගේ
සුලං සමඟ පොර බදනා⁣ සුදු සාරිය ඔබේ
බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබෙ
මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ

සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ
නැකත් දවස ලඟ එනව අපෙ මංගල දිනේ
මලක් වගේ ඔබ තියලා රන් කූඩුවේ මාගේ
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ

එකතු කලේ : හද රැදි ගී

සඳ සේ දවසක ඔබ - sanda se dawasaka (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


සඳසේ දවසක ඔබ බැසයාවී
කළුවර අහසට දුක තියලා
හමුවුන තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැනහිතලා

වළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදා

සලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලාහිඳිනු මිසකුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී

එකතු කලේ : හද රැදි ගී

වන වදුලේ වසන්තය⁣ට හෝයියා - wana wadule wasanthayata (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


වන වදුලේ වසන්තය⁣ට හෝයියා... හෝයියා...
බිමි තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා
මෙිවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුලු හාල් බත් කයිදෝ මෙි අයියා

වැව් බැඳි රටට බත් දෙන්නේ අපෙ ගොයියා
කනයා නැති තැන පණ්ඩිත කාවයියා
මම නැති දා කවුරැද තැන්නේ අයියා

කුරහන් රකී ගම රකිනා මගෙ දෙයියා
ගොවිතැන් බලන්නේ වැහි පොද දෙන දෙයියා
වාසිටි ඉන්නේ බිමි තැන්නේ පොඩිඩා
කැකුලියො ඇති තැන මම වෙමි ලොකු අයියා...

වන වදුලේ වසන්තයට ...

එකතු කලේ : හද රැදි ගී

ලොවෙන් අඩක් සුව නින්දේ - lowen adak (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ළැතැවිල්ලේ
යශෝදරා උනාත් ලදේ
මම සිදුහත් කුලේ නොවේ.

නිදිබර නෙත කදුළු දොවා
එපා මනෙත සතප වන්න.
මගේ දෙනතට දෙනෙත තියා
ආදරෙයෙන් තරු ගනින්න.

සියුමැලි ඔය ඇගිලි තුඩින්
එපා මහිස පිරිමදින්න
මදු බදුනට පෙම් කල මා
ඔබේ පෙමින් මුදාලන්න

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ළැතැවිල්ලේ
යශෝදරා උනාත් ලදේ
මම සිදුහත් කුලේ නොවේ.

එකතු කලේ : හද රැදි ගී

ලෙන්ගතුකම නෙතග තියා - lengathukama nethaga thiya (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක්
සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්
බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම........

මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිදීමි ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම ........

එකතු කලේ : හද රැදි ගී

ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ - laya gindarin gini ganna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ
කිම මා සොයා මගෙ උදුවප් සද නාවේ
හොදටම රිදී නෙතු දොරගුලු බිදුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

තරුකැට දෙකතුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹහට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට
වරදක් කියන්නෑ කවදාවත් නුඹට

නුඹටම හුරුපුරුදු නැලවිලි නොදත් මම
තනියම කෝම පැටවුන් නිදි කරන්නද
දරුවන් නිසාවත් යලි ආවොතින් ගෙට
අහිතක් හිතන්නෑ කවදාවත්ම මම

එකතු කලේ : හද රැදි ගී