නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක් - hudekala wiramayedi (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්//

මුනගැසී කියන්න බැරිව නම් ප් රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ//
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ

හුදෙකලා විරාමයෙදි.........

රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප් රථම ප් රේමයක්
හදවතින්ම පිදුනුදාය ප් රේම තිලිනයක්//
ප් රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්

හුදෙකලා විරාමයේදි..........
"

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි - hudekala wiramayayi (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හුදෙකලා විරාමයයි හරි නිසංසලයි
පුංචි මුවැත්තියක් වගෙ ඔබ අහිංසකයි
ළය තුරුලට තුරුළු වෙවී ආදරෙ කියයි
ඒ ආදරේ ලබන්න පිනැති
පෙම්වතා මමයි

කවි මූමුණන රතු තොල් පෙති හරි හැගූම්බරයි
ඒ තොල් පෙති සිප ගන්නට
හිතට හරි බයයි.
මල් පෙති වැනි සිනිදූ දෙතොල්
රිදෙයිදො සැකයි
එහෙම උනොත් ඔබ වැලපෙයි
හිතට හරි දුකයි

හුදෙකලා විරාමයයි.....

දාස්පෙතියා මල් සුවඳ ට
හිත ඉබෙ ඇදෙයි
හිනැහෙන ඔබේ දෑස් අගට
කදුළු බිදූ ගෙනෙයි
හූරතලෙට කීව කතා
ආදරේ ගෙනෙයි
එතකොට මගෙ හුරතලීගෙ
මුව සිනා පිරෙයි.

හුදෙකලා විරාමයයි හරි නිසංසලයි...
"

හිරු විකසිත වී මියයන පොළවේ - hiru wikasitha wee (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී...

හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී...
"

හිමි නැති සෙනෙහේ - himi nathi senehe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා//

අතැගිලි නොගැටී
සිතින් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කව්රුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//

හිමි නැති සෙනෙහේ............

ඉරනම විසදී
යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මටනම් ඕනී
ඒ ටික ඇතී මියදෙන්න කලින්.......

හිමි නැති සෙනෙහේ..............

"

සෙනෙහසකට අරුතක් පුරවන්නට - senehasakata aruthak (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

සෙනෙහසකට අරුතක්...//

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...

සෙනෙහසකට අරුතක්...//
"

සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට - siyabala malak oba dothe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............

නෙතු සිඹින පුරහඳ ලස්සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව..............
"

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ - sada nawath kamak nathe (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ

කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
මහලු මඩම දඟ ගෙයක්  ය දඟ ගෙයි ලෑමට
එකම වරද නුඹේ පියා වයසට යාමද

පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට
හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට
මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට
නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට
"

සඳ එළිය ගලා එන රාත්‍රියයි - sada eliya gala ena (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"සඳ එළිය ගලා එන රාත් රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ උනත් සමුඅරන් යා යුතුමයි

ඇඟිලි පටලා...... සිටිය කාලේ......
අපිව දුර නෑ........ කියා දැනුණේ.......
තනුව උදුරා....... සොඳුරු ගීතේ.......
දවස ඇයි මේ....... නපුරු වූයේ........

සඳ එළිය ගලා එන..................

කඳුළු පිරුණූ........ දෙනෙත ඔබගේ......
බලන්නට බෑ........ දුකයි දැනුණේ.......
අහිමි වූවා....... ප් රථම ප් රේමේ.....
කඳුල පමණී...... උරුම සෙනෙහේ.....

සඳ එළිය ගලා එන...............
"

වෙන්වෙන්න දැන් ලඟයි - wen wenna dan lagai (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"වෙන්වෙන්න දැන් ලඟයි
වෙන්වෙන්න බෑ දුකයි
අපෙ සිත් අහින්සකයි
කඳුලක් වගේ හඬයි.... //

ආදරය සඳදිලී - හිත පුරා දැල්වුනී
ඒ සඳ මිලාන වී - නෙතු කඳුළු දෙන හැටී... //

වෙනවෙන්න දැන් ලඟයි...

මල් පිපෙන තරමට - හිත සවඳ වෙයි පෙම
ඔබ නොදැක ඉන්නට - මට බහැ තනියි මට... //

වෙන්වෙන්න දැන් ලඟයි...

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ - labunath neth yuga (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ..
මදි මට මුලු සංසාර යුගේ..
ඔබව බලා ගන්නට අම්මේ..

ඉර හඳ පතුරන එළියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ..
දහසක් නෙත් මට මදි අම්මේ..
ඔබව බලා ගන්නට අම්මේ..

ලේ කිරි කරලා අම්මත් මා දුක්
පෙව්ව්ද නැත්නම් ඊට වඩා
ඉර හඳ තරු සෙනෙහසට යටත්කොට
දියකර පෙව්වද සේද වලා

දස මාසේ කුසෙහි මා දරලා
ඉසිලු බර තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කරවන්නට
මවු පදවිය ඔබ ලබන ලදී
"

රෝද හතරේ මාලිගාව - roda hathare maligawa (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

ඇතුළ නුවරඑළිය වගේ
පිටතින් කළු වලා නැගේ
බාගෙට සිංහල බාගෙට ඉංගිරිසිය මරණ ර ඟේ
ඉංගිරිසිය මරන රගේ

රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
පිටුපස දූවිලි වලාව
පිටුපස දූවිලි වලාව
කැරකෙනවා
අපි අයින් වෙලා පයින් යමු පුතේ

රන් පොට මල් දිලිසෙනවා
නා දළු සේ බැබළෙනවා
චීස් බටර්වලින් තැනූ දෙව් රූපය ඇවිඳිනවා
දෙව් රූපය ඇවිදිනවා
"

මගේ දරු පැටව් අහසට දෑත දිගු ක‍රන් - mage daru petaw (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"මගේ දරු පැටව් අහසට දෑත දිගු ක රන්...
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්...
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන් ...//

ඇහැල මල් පිපුන දෙවැටදි හමුවෙලා එදා..
දුන්නු බහ නිසා ඔබටත් දුක උරුම වුනා..//
අහස් යන්තරේ ගේ පැල පහු කරන් ගියා..
පුන්චි උන් හඩයි අම්මා බැස්සෙ නෑ කියා..

මගේ දරු පැටව්...................

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි...
නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි...//
මටත් නින්ද නෑ සිත නුබ ගැනම ගතු කියයි..
හඩන සිත නිවන මල් පැනි නැතිව බැරි හැඩයි..

මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්..
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්..
යන්න නුබ ගියා උකසට දරු සෙනෙහෙ අරන්..
"

පුංචි හැඩකාරියේ - punchi hadakariye (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"පුංචි හැඩකාරියේ
යෞවනේ දොර ඉන්න මගේ දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
පුංචි හැඩකාරියේ....

කව්ද පාර දිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩවී වැට ලඟම ඇයිද දුවේ... //
අසා ඒගැන සිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු දුවේ

පුංචි හැඩකාරියේ.....

හැමදාම නුඹව මට පුංචියි දුවේ
තාත්තයි මම නුඹගේ මුරකරු නොවේ... //
නොකියා මට නුඹ උන්ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේ

පුංචි හැඩකාරියේ....
"

පැහැසර අරුණක ඉරමල පිපුනාවේ - pehasara arunaka (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ...
හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
පරවි පියාපත් ඇසුනාවේ...

සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...
සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ...
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ...

පැහැසර අරුණක...

ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...
ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ...
දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ...

පැහැසර අරුණක...
"

නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි - nube sina muwa madalata (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි..//

සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//

නුබේ සිනා

බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//
"

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ - nupurudu oba dutu (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

පෙර කිසිදා අප හමුවී ඇතිබව ඉඳුරා කියත හැකී
හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇතී
යුගයක වෙන්න ඇතී

බවෙන් බවේ අප පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ
ඉසුරුමුනියෙ පෙම් දැහැන රකින්නට අප මෙහි හමු වීදෝ
අප මෙහි හමු වීදෝ
"

දීපාවලී දාට දීපාවලී සඳ - deepawali data (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

දීපාවලී දාට දීපාවලී සඳ අරන්...
"

දස මසක් පුරා මා නුඹගේ කුස දරා - dasa masak pura (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහි පන පොවා
ගං දියට මෙමා දෑතින් නුඹ විසි කලා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
කෑ මෙර දුන්නත් අම්මා මා හැර ගියා

වතුර පෙවි හුස්ම ගන්න බැරි උනා
මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා
අවසන් මොහොතෙත් අම්මව සිහි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා

දස මාසේ ගාතාවේ පද කියා
මම වැන්දා මගේ අම්මේ නුබේ දෙපා
විසි කරනා මොහොතේ වතුරට මෙමා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා

පන්සලකට දුන්නා නම් ඔබේ පුතා
සිවුරැ දරා සඟ රැවනක් වි සදා
අම්මාවත් සසරින් එතෙරට තියා
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා

"

ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව - golo daruwek una (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

"ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව
දාල ගියෙ ඇයි මේ ලෙස ළමා නිවාසයක
දෙමව්පියන් නිතර ඇවිත් දන් දෙනවා මෙහෙට
ඒ පින් වත් ලබා ගන්න අම්මෙ ඇවිත් යන්න

මං මෙලොවට ඉපදීමත් කරදරයක්ලූ
මේ තත්වෙට මං වැටුනේ ඔබෙ වරදින්ලූ
යන එන අය මං ගැන තව තව හොයනවලූ
ලස්සන කොලු පැටිය කියල යන්න යනවලූ

ගොළු දරුවෙක් .......

හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
දැනගත්තම ගොළුයි කියල දාල යනව මාව
මේ ලිපිය ලියන්නේ දකින්න මගෙ සුදු අම්මාව
වැඳල කියන්නම් අම්මේ අරං යන්න මාව
අරං යන්න මාව

ගොලු දරුවෙක් ......"

ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක - geethayak se (අසංක ප්‍රියමන්ත - asanka priyamantha)


 Asanka Priyamantha peiris song lyrics

අසංක ප්‍රියමන්ත මහතාගේ වෙනත් ගීත 

ගීතයක් සේ මතුවියන් නොසිතු වෙලාවක
හීනයක් සේ පෑදියන් තනි වූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසි

හෙට දිනත් පෙරමක් අරමුණක් නැති ගෙවන දිවියේ
ඉසිබුවක් ලෙස හෝ
ගෙවුනු රසබර මතක මතුකර හිනහියන්
මා හැරදමා ගිය මියුලැසි

හිනහෙමින් වැලපෙමින් දුටු සිහින පෙම් පිරූ සමයේ
සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී