නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

චන්ද්‍රරයන් පිදූ - Chandrayan Pidu (Daddy)


සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
මාගේ දිවියේ… අන්දකාරේ…
ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
පැතුමන් අදුරේ…සිර වූයේ…
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

වසන්තයයි මාගේ දෙතොලේ…
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
හැගේ සිතේ නිසන්සලේ…
රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…

චන්ද්‍රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

රෑක එක රෑක - Raaka eka raaka (Daddy)


raaka eka raaka, Supun Ayeshmantha ,Thilini malkaරෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට ඒ අහස

සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් තනිව අද රෑට
ඔබ නැතිව....

සුවඳ මල් සුවඳ මන් ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ

ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයි ද
අදුරු මගේ යහනේ සුව සදනා
ඔබ නැතිව....අද රෑට
ඔබ ඈත

මද සුවද ගෙන හමන ඔබේ සුවද
දැනිලා දැනිලා....
ඔබ නැතුවාට සරාගි හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක  මා වෙලිලා
ඔබ නැතිව....අද රෑට