නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී - hathara kendare (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග් රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප් රාණයෙන්
ග් රහදොස් මකා මා ප් රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලුයි කියලා..................

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් - sihinaye pawela awith (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා..
මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා..
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා..
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා..

මිහිරාවියේ සිහින කුමරි..
මගෙ ආදරේ ඔබයි කුමරි..
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ..

සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා..
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා..
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා..
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා..

මිහිරාවියේ සිහින කුමරි..

සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ

මිහිරාවියේ සිහින කුමරි..

සිනා මල් කැකුළු පුබුදා - sina mal kekulu pubuda (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//

මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ලඟ මා සැනසෙන්නේ හෙටයි..//
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා

සිනා මල් කැකුළු...

ඔබ දකිනා තුරු මා රැඳුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ..//
රහසින් වාගේ ඔබ මට කී දේ
රැඳුනා මහදේ කෙල්ලේ

සිනා මල් කැකුළු...//

රිදවනා ජීවිතේ හංගන් තියලා - ridawana jiwithe (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ කෙරුවා
නොහැගෙනා මගේ ජීවිතේ දෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුඹ මග බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා...

මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළග රැදුණා

මේ තරම් කල් ජීවිතේ උන් පාලුවක් දැනිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළග රැදුණා

රිදවනා ජීවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරේ කෙරුවා
නොහැගෙනා මගේ ජීවිතේ දෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුනා
එනතුරා නුඹ මග බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා...

මේ ඇස් දිහා බලන් - me as diha balan (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද  ම ඔබේද .
අපි අපේද කියලා 
දැන්වත් කියන්න මගේ රත්තරන් .

පැහැදු නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොළුව උන්නා 
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ 
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ 
දැන්වත් කියන්න මගේ රත්තරන් .

කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනිකරවා
සිල් ගත්ත සිත නවතා
ඔබ දෑත වෙත ඇත පෑවා .
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ 
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ 
දැන්වත් කියන්න මගේ රත්තරන් 


මතකයි හිත හැඩුවා එදා - mathakai hitha haduwa (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ලග නැතිවුනු දා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුලු කරන් මගෙ ලගට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කල තරම්...//

හිතේ කොනක් හිමිහිට හැඩුවා
තනිකම තනියට තනි මැකුවා...//
ඔබ එන මග බලලා
හඩනා නෙතු සගවා
මගෙ සිත කොහෙදෝ තනි වූවා
මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ලග නැවතුනු දා

සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුනා
හීනෙට තුරුල් වෙලා
නුඹෙ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

මතකයි හිත හැඩුවා එදා

මගේ වෙලා ලඟ උන්නු ඔයා - mage wela laga unnu (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..

හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..

සිතු පැතුමන් පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා..
හිතකින් ද මුළු ජීවිතේ..
මා ලඟම ඔබ සැනසුනේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

හද ගැඹුරේ වේදනා ඇති..
මට විතරක් දුක උරුම ඇති..
බොරුවෙන් ද මගෙ ජීවිතේ..
ලං ලංව ඔබ රැවටුවේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ලඟ...


දිනක මගේ දිව් ගමනේ - dinaka mage diwi (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


දිනක මගේ දිව් ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ.......

හමුවෙලා රැදුනෙ කාලයේ මාගේ ලගින් ඔයා
වරදවා දැනුනෙ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමා වනු මැනේ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ......

සැනසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් මෙදා
සීහිවෙලා ඔබව නෙතු මගේ පාලුවෙන් තැවෙනවා....
මට ඔයා වටිනවා ජිවිතෙටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ

දිනක මගේ දිවි ගමනේ........

ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි - oba ruwa dutu wita (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


ඔබ රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ලඟ හිඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිති කැවෙනව සත්තයි
මට ගොතාගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇදී සිරි බැලු බැලු තැන ඔබව පෙනේ
හද පත්ලේ බැඳි පෙම දැන් ටික ටික ලියලයි
මට නිදාගන්න බැරි ඔබ මා ලඟ නැති හන්දයි

ඒ සොඳුරු සමනල් වියේ - e soduru samanal (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර

හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ//

කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //

ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ

හිනැහෙන්න සෙව්වන්දියේ //


ඇස ගැටෙනා දස දහසක් නෙතු මත - asa getena dasa (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම් 
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම් 
ඔබ නොදනී මුලු ලොවම දනී 

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම් 
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී 

ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා - athi mawa rawatuwa (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා..
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා..
මගේ ආදරේ මදිවෙලා..
යන්නට ගියත් වෙන්වෙලා..
නොලැබුනු ඔබේ සෙවනේ..
තනිකම හොඳයි මට සදා..

මාගේ අතේ වරද කියා..
දහස් වරක් පසුතැවුනා..
ඔයා අරන් යන්න හිතන්
කුලී මාලිගා සෙව්වා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..

ඇති මාව රැවටුවා...

නොමැරි මැරෙන තත්පරයක්
කල්පයක් වගෙ දැනුනා..
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..

අද තනියෙන් මා හඬන්නේ නෑ මා - ada thaniyen ma (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


අද තනියෙන් මා හඬන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ//
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

අද තනියෙන් මා...................

සිත හැඟුමන් වේදනා
මට නොකියා පවුනා //
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

අද තනියෙන් මා..................

තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා //
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා


පෙරදා මැවූ සිනා - perada mawu sina (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ..
පෙරදා  මැවූ සිනා...

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා...//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා...//

ඔබගේ මතකෙන් - Obage mathaken (Shihan)


Shihan mihiranga sinhala song lyrics


ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
ලං වෙලා කී කතා පා වෙලා මා දමා
පෑ සිනා පෑ රිලා යා වෙලා වේදනා
හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා
විශ්වාසෙ කඩකළ ඔයාට මං ආදරෙයි සදා
පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා
සෑම දා පතන්නේ මා දෙන්න එපා දුකක් කියා
ඇතිනම් හිතේ අනුකම්පා ඔබ එන්න නැවතත් සොයා
රවටාල වෙන් වී ගියාට මං ආදරෙයි සදා

ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා

දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා
හිඳිනා තැනින් මෙලොවේ
ඔබ එන්න යලි මා කෙරේ
ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා
දෙනෙතේ කදුලැල් අඩු වෙන්නේ නැති හින්දා

දෛවය අපේ ඉරණම වෙලා - Daiwaya Ape (Shihan)


Shihan mihiranga sinhala song lyrics

දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කළා.....ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා....
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ.... සදා...
මගේ ජිවිතේ පුරා....
දෛවය අපේ ඉරණම වෙලා......
අප වෙන් කලා....
දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා...
තව තවත් දුක තියා ඔයා

නොඑන බව කිවා...
නික්මුනේ ඔබ කොහේ....
අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....

දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...
දුර ඇතත් වෙන් වෙලා ඔයා...
ලග වගේ දැනුනා...තත
හත හදන් ඉන්නට තව බෑ...
ඔබෙ අඩුව දැනුනා....
නික්මුනේ ඔබ කොහේ....

අවසානයක් නොතියා....
මගේ ආදරේ තවත්...
ඔබටම තමා.....
දෛවය අපේ ඉරණම වෙලා....
අප වෙන් කලා...

සඳරේණු වෑහෙනා -Sada renu wahena (Shihan ft Thilina)


Shihan mihiranga sinhala song lyrics

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳරේණු වෑහෙනා.....

රොන් සුවඳ දෙන - Ron suwada dena ( Shihan / Uresha)


Shihan mihiranga sinhala song lyrics

පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත
මත් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි
ආදරේ එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොඳුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදේ උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ.

දඟකාර හැඩකාර - Dagakara hadakara


bhathiya and santhush sinhala song lyrics


දඟකාර හැඩකාර
ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ
කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා
මගේ සිත උමතු කලා
කියා ඔබ දන්නවා..//

ඔබ මලක් වෙලා සොදුරු..
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා

සිරි මැඳුර පුරා පිරුණු
දෙව් දුවක් වෙලා තුරුණු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුනා කියා

දඟකාර හැඩකාර ...///

වස්සානේ - Wassane (Shihan Mihiranga)


Shihan mihiranga sinhala song lyrics

ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා..
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා..
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා..
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා..

වහින්නේ.. වස්සානේ..
ළමැද ගුලිවෙලා ඔබ දඟකළා උනුහුම හොයා..
වරුසාවේ.. තෙමෙන්නේ..
ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා..

වැහි හලා කළු වලා අහසින් ගියා..
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා..
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා..
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා.