නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පෙරදාක සුසුමක් - Peradaka Susumak (Theekshana ft Thilina)


Thilini Malka , I love you soo much

පෙරදාක සුසුමක් හිත රැදී..
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී..//

හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්..

පෙරදාක සුසුමක්...

තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්

පෙරදාක සුසුමක්...

මා ආදරියේ- Ma adariye (Theekshana Anuradha)


SAW n TM
මා ආදරියේ මගෙ ආදරියේ
කවුරුන්ද සුකුමාල සුන්දරියේ
සද රාජිනියේ සද රාජිනියේ
නුඔ කවුරුන්ද කවුරුන්ද ආදරියේ

නීල ඔබෙ දෑසේ බැල්මෙන් සැනසීලා
කෝමල මදහාස හසරැල් සිහිවීලා
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා
කවුද ඔබ කවුද සුර අගන ලීලා//

නොසිතු විලස මා දෙනෙතේ පොපියාලා
නුදුටූ අයුරින් ඔබ යනවද සැගවීලා
ලොවම ගෙනවිත් මගේ සුරතේ නවතාලා
කවුද ඔබ කවුද සුර අගන ලීලා//

මා ආදරියේ…

ආදර දේදුණූ - Adara Dedunu (Theekshana Anuradha)


SAW n TM ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
ආදර දේදුණූ පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම් //

කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාට්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා //
ආදරේ දෝ මට ආදරේ දෝ

ඈතින් පායා..

හසරැල් සුසුම් පැටලු තනුවක්
මතුවන ම්මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන් //
ආදරේ දෝ මට ආදරේ දෝ

ඈතින් පායා..

ඔබ තරම් - Oba tharam (Theekshana Anuradha)


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙතිබුනාදෝ
මේතරම් ආදරේ //

රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
අයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

තනිවෙලා මා ලොවේ හිරු නොනඟින මේ වසන්තේ
දිවිතුරා විඳවමී අහිමි කරන් මගේ ආදරේ
අයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

සේපාලිකා - Sepalika (Theekshana Anuradha)


හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුර ඔබෙ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
සේපාලිකා ///

සදමන්ඩලේ සද කැන් මැදින්
නුඹ හැංගුනා මතකයි සැරයක්
මුතු වැල් වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්
සේපාලිකා ///

නිල් අම්ඹරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් අරිමින්
මං පෙම් කළේ  නුඹටයි කවදත්
සේපාලිකා ///