නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නුරාවී දෑස ගස්සා - nurawee dasa gassa (Sandeepa Jayalath)


 

නුරාවී දෑස ගස්සා - nurawee dasa gassa (Sandeepa Jayalath)

"රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුළැඟිල්ලේ
සෙල්ලම් කලා
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

රූ තෝරනා නෙතේ…"


මතක තියාගන්න - mathaka thiyaganna (Sandeepa)


මතක තියාගන්න - mathaka thiyaganna (Sandeepa)


ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව