නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න - kaduru malak wage (අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


"කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
කදුලු බිදක්වත් මා ලග එපා රැදෙන්න
සොදුරු රැයක පින්බර පුන් සදක්ම වෙන්න
දැදුරු ඔයේ ඉවුරට හැන්දෑවට එන්න

ඇවිදින්න යන අපී ... සමුගන්න තුරුලු වී ...
ඇය හාදුවකින් මට පුදනා සුවද කවියකී ...
සද පාන අතර යන්නෑ තරු කැකුලු හිත ඇතී ...

කදුරු මලක් වාගේ ......

නිදි යහන නිදි නැතී ... පෙම්බරයි කුමුදිනී ...
රෑ සිහිනෙන් ඔබ දුටුවා දෙව් දූතිකාවකී ...
ආදරයක සිප ගන්න මලක් සුරතේ තිබුනී ...

කදුරු මලක් වාගේ ......

කදු මුදුනින් සඳ එලියක් සේ - kadu mudunin sada eliyak se(අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


"කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ.......//

ලන්තෑරුම් පහන්සිල නිවා...
රඳවාගමි දෑසෙ ඔබෙ සොයා ..
හැමදාකම සිතේ ගිනි නිවා..
මගෙ සඳ වෙනු රත්තරන් ඔයා...

කදු මුදුනින් සඳ එලියක් සේ.../

මනමාලයි පිනිකැට වැස්ස..
සඳ වාගෙයි මට ඔබෙ දැක්ම...
පන වාගෙයි පිදුව සෙනෙහස..
ඔබ ගාවින් යන්නෙ නැහැ මම...

කදු මුදුනින් සඳ එලියක් සේ..//

ආදරේ පුදපු රත්තරන් හිතින් - adare pudapu raththaran (අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


ආදරේ පුදපු රත්තරන් හිතින්
අද වෛර කරනු බැහැනෙ රත්තරන්
ඔබ දුන්නු වේදනාවෙ ගින්දරින්
මගෙ ඇස් පියවෙන තුරු පිච්චෙන්නම්

හැම මොහොතක් ගානෙ
ඔබ සිහි වෙනවානේ
මා හඩවනවා හැම හැම රෑක
ඔබ ලග ඉන්නවා සුවදක් ලෙසම

අපි දෙන්නට දෙන්නා
පෙර පව් කල හින්දා
හදවත් රිදවා ඇස් හඩවනවා
මේ කදුලුත් දුක නොදන්න හින්දා



අපි අපේ නම් ලියා එක්කරපූ - api ape nam liya (අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


"අපි අපේ නම් ලියා එක්කරපූ
දාහක් දෙනා රහසෙන් කියවාපූ
හිනහිච්ච තරමටම අපි හඬපූ
මං ගියා පන්තියට අපි හිටපූ

මල් පිරුනු අරලියා ගස් තාම තියෙනවා
වැරදිලා වත් ඔයා ආයෙ එයි හිතෙනවා
කැන්ටිමේ අපි ආස කිරිටොපිත් තියෙනවා
පුරුද්දට දෙන්නටම ගන්න හිත කියනවා

අපි දෙන්නා දන්නතැන් වල හොරෙන් හමුවෙලා
අහපු තර මක් බැනුම් මතකයිද අහුවෙලා
කඳුලු පුර වන් දෙනෙත් වල ඔයා බය වෙලා
ආයෙත් මතක්වෙලා මගෙ නෙත් බොඳ වෙලා

අපි අපේ නම් ලියා....