නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මුදු මුහුණේ සුව දැණුනේ - mudu muhune suwa (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


මුදු මුහුණේ සුව දැණුනේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ සුව දැණුනේ
හිමි සඳුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැලි සැදුවේ
හිමි සඳුනේ මගේ විතරද

එකතු කලේ : හද රැදි ගී

ඔබ හීනයක් වගේ - Oba heenayak wage (Deepika Priyadarshani)


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

වැහි දිය මහ බිම තෙමුව


වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලිව්වේ
සුවඳ දිදී තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් දුරින් ඉන්න    
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න  

මලට රේණුසේ ඔබ ලග ඉන්නම්


මලට රේණුසේ ඔබ ලග ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුල සේ නෙත ලග ඉන්නම්
මියෙන තුරා ආදරේයි කියන්නම්

සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවිනම්
ආල කතන්දර හොර රහසේ කියාවිනම්
ඔබේ තුරුලේ උණුසුම් සුව ලැබේවිනම්
මියෙන තුරා ආදරේයි කියන්නම්

පාළුව මකනා කවියක් සේ ඇසේවිනම්
මා සවනේ රෑව් දිදි රෑදි ඉඳිවිනම්
ඔබ කිසිදා මා සිත නොතලා රෑදේවිනම්
මියෙන තුරා ආදරේයි කියන්නම්