නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සුසුදු සුදු හංස විලේ - susudu sudu hansa (අමල් පෙරේරා - amal perera)


"සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ

කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී
මා මන්දෝදරියේ

උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී
මා මන්දෝදරියේ

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ


සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ - sada seetha gena raa (අමල් පෙරේරා - amal perera)


"සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී
බඹරු රෑන මළ සොයලා ඉගිල ගියාවේ
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා
බඹරු රෑන මල සිඳලා පලා ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි
අහස සේම මල් සිහිනේ පැතිරී යාවි
සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී
තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

සංසාර පුරුද්දද මේ - sansara puruddada me(අමල් පෙරේරා - amal perera)


"සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකි

හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

විරාග රාගය අතරේ තනි වු ආලය - wiraga ragaya athare (අමල් පෙරේරා - amal perera)


"විරාග රාගය අතරේ තනි වු ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය.......

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා .......

විරාග රාගය අතරේ.......

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා.......


විරාග රාගය අතරේ......

මායම් තරු රෑනේ බැල්මෙන් -mayam tharu rane (අමල් පෙරේරා - amal perera)


"මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
මා නම් අද ඉන්නේ ප් රේමේ ගිලී..
සීතාවියක් හින්දා රෑ නෑ නිදී...
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...

පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා..
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා
කවදා ද ඉටුවන්නෙ මේ ප් රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා...

මායම් තරු රෑනේ....

මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හිනයක් ගාව මම නැවතිලා...
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
බෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...

දැනගත්ත දා ඈත වෙන්වී ගියාදෙන්...
හැමදාම විදවන්න මා මෙහි තියා...
නොකියාම ඉන්නම් මගේ ප් රාර්ථනාවන්..
මිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...

මල් පිට මල් හැලෙන - mal pita mal(අමල් පෙරේරා - amal perera)


"මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා..

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල් 

වැහි පිට වැහි හැලෙන රාත් රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

මල් පිට මල් 

ඉඩෝරයේ නගර කොනේ - idoraye nagara kone (අමල් පෙරේරා - amal perera)


"ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ....
ප් රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී... //

ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
බලා නොඉඳ තවත් කල් අරන්....

ඉඩෝරයේ නගර කොනේ ...//

රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්

අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා - adahannath ba obamada me (අමල් පෙරේරා - amal perera)


"අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා
හිමිවන්නේ නෑ කවදාවත් මා පතපු කෙනා ඔයා
රැවටුනා නෙවෙයිනේ මා විශ්වාස කලා
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා//

දෙනෝදහක් වනද්දි රත් ඔබට විතරක් ලං ⁣වෙලා
පීදු සෙනෙහස මදි වුනා⁣දෝ වෙන හිතක ගියේ එල්ලිලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

කදුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

අදහන්නත් බෑ..........