නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ - mage husma wage inna (අජිත් බණ්ඩාර - ajith bandara)


"මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප් රේමේ හර්දෙ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
නෙතගෙ ඉගියක් එවා
මගෙ මුලු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා
ඔබේ හිස තියාලා
රකිමී සදාකල්
මගෙ පන පුදාලා//

දිනෙක අපි මියේවි
අපේ ලොවට යාවී
මීදා නොවූආදරේ
සදහට රැදේවී
ඉසුරු මුනි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත්
සැමදා තියේවි

ඔබේ සුව දැනීලා
හැගුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා
ඉන්නම් රැදීලා//
අපේ සුසුම් පාවි
පාවීලා යාවී
යලි ආයේ භවයකදී
අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ
අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවි

නෙතගේ ඉගියක් එවා...//
මාගේ හුස්ම වාගේ...

තාරුකා නිවා දුර ඈත තනි වෙලා - tharuka niwa dura (අජිත් බණ්ඩාර - ajith bandara)


"තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව් යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව් යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව් යාංගනා
ළං වී ඉඳින්න දිව් යාංගනා

සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව් යාංගනා
වෙන්වී නොයන්න දිව් යාංගනා

තාරුකා නිවා...

දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් ළංවෙලා
ප්රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව් යාංගනා
තුරුලේ නිදන්න දිව් යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්යංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්යංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව් යාංගනා
ළං වී ඉඳින්න දිව් යාංගනා //

ඔබ නිදනා සීතල පොළවේ - oba nidana seethala(අජිත් බණ්ඩාර - ajith bandara)


"ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති..
ඔපාදම බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ...
අම්මා.....අම්මා.........

වැවේ පතුලෙන් දොවාගත් පැන්
පිරිත් පැන් සේ පොවාලා...
හොවා උකුලේ පුරා මා වෙඩි
කුලී මාලිඟ තනාලා...
කුලී මාලිඟ තනාලා...
අම්මා.....අම්මා.........

ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා...
අපේ බුදුබව පතාලා...
අම්මා.....අම්මා........

ඔබ නිදනා සීතල පොළවේ..

සිතින් විතරක් ලංවෙලා - Sithin Vitharak ( Ajith Bandara)


සිතින් විතරක් ලංවෙලා අහිමි බව දැන පෙම් කලා
නොසිතු මොහොතක රණ්ඩු වී සිත
ඔබව ඉල්ලලා බල කලා //

ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ
ලං වුණේ මම නොවේ යටි හිතයි ලං වුණේ
මගේ යැයි හැගිලා හදේ ඉඩ සෙව්වා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මා රෑ පුරා

තෙතමනේ නැති හිතේ
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ
මගේ යැයි හැගිලා හදේ ඉඩ සෙව්වා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මා රෑ පුරා

සිතින් විතරක් ලංවෙලා..