නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ - sihinayaki oba (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා

"

කඳුලු පිසදාලන සඟවාලන - kadulu pisadalana (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුබේ සිනා මල්
නුබේ සිනා මල්......
කඳුලු පිසදාලන සඟවාලන.......

අවර නැකත නොවේ....
තරු පීදෙන සදපායන නුබමය රාත් රී...
සතුටු කදුලු පිපේ...
මල් යායක සිත්  යාකල නුබ මගෙ දේවී...

අරුණ ගලන පැයේ...
නෙත් මානෙන් ඉගිලී යන නුබමය රාත් රී...
සිතට තනිය නොදී....
තුන් තිස් රෑ මල් යහනට වැඩපන් දේවී...

"

ඔබ ඈත සඳවී පායා - oba aatha sada (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හඳ අදුරේ
සෙනෙහසේ සොදුරු බව පිරුනේ

මදු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ලංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිදිලා
"

උදාවෙන්න මේ රාත්‍රියේ - udawenna me rathriye (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"උදාවෙන්න මේ රාත් රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත් රියේ

උයනේ පීදී සුවඳින් නෑවී
උයනේ පීදී සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත් රියේ

දියඹේ බිහි වී වෙරළේ මියැදී
දියඹේ බිහි වී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත් රියේ

"

අශාවේ මල් වැටෙන් එබී - ashawe mal waten (බණ්ඩාර අතාවුද - bandara athawuda)


bandara athauda songs


"අශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු

රෑ නිල් අහසේ නිදන සදවතී
අදින සළු මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු

පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු නයන කළු
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු
"