නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හිනැහෙන්න රෝමියෝ මමයි - hinehenna romiyo mamai (වික්ටර් රත්නායක - victor rathnayaka)




හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි
සුසුමේ ගැලී නයනේ වෙලී
මා දෑස භාවනා කරයි

නාලිය රුව දීලා
පාමිණි හඬ වාලා
උක් දඬු කැලේ
මල් සර සැ ලේ
වසන්ත කාලයේ

ලා හිරු කැන් පායා
මා හද පිඹිදීලා
කින්නර කොනේ
රංඟන දිලී
නුවන් අවන් හලේ

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් - hitha mithuru sulaga (වික්ටර් රත්නායක - victor rathnayaka)




හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා

සොඳුරිය ඔබගේ උවන මලක් නම් - soduriya obage (වික්ටර් රත්නායක - victor rathnayaka)




සොඳුරිය ඔබගේ උවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙව් සෙවු බඹරිඳු මා
සොඳුරිය ඔබගේ.....

සොඳුරිය ඔබගේ උවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා//
සොඳුරිය ඔබගේ....

සොඳුරිය ඔබගේ උවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා//
සොඳුරිය ඔබගේ....

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින් - sihina hathak dutuwemi (වික්ටර් රත්නායක - victor rathnayaka)




සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ

සඳකැන් වැසිලා අදුරේ එතිලා - sadakan wasila adure (වික්ටර් රත්නායක - victor rathnayaka)




සඳකැන් වැසිලා අදුරේ එතිලා
ගණදුරැ රෑ තනිකම නෑ
සොයා එන්න ඝණදුර තරැ නිවලා
මගේ එලිය අද ඔබ පමණි...//

ජීවිතයම සතු එකම සුවෙි
හීසර පහරක වෙලෙනු පෙනේ..//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා..//
මෙි ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ - sanda hiru tharu pawathina (වික්ටර් රත්නායක - victor rathnayaka)




සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ

කලක මෙහෙන් චුත වෙනවා
එලොව  ගිහින් වැජබෙනවා
පෙලපත නම වෙනස්වෙලා
ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක
අපි මැරෙන්නෙ නෑ

හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ

වෙන් වෙන්නවදෝ ළං වූයේ - wen wennawado lan wuye (වික්ටර් රත්නායක - victor rathnayaka)




වෙන් වෙන්නවදෝ ළං වූයේ
ළං වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මග නවතින්නම් බිඳුවක් ඇතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ළඟටම එන්නම්

දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ

අඳුර බිඳින්නට රැයක් දවාලු - adura bidinnata reyak (වික්ටර් රත්නායක - victor rathnayaka)




අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමනයි
පිළිසරණය වන්නේ

වසන් වන සඳ වලාකුළකට - wasan wana sanda walakulata (වික්ටර් රත්නායක - victor rathnayaka)




වසන් වන සඳ වලාකුළකට
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන..
ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

වසන් වන සඳ...


රූකඩ මඩු යාග පොලේ - rookada madu yaga (වික්ටර් රත්නායක - victor rathnayaka)




රූකඩ මඩු යාග පොලේ
කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු

රුවන් නිදන හෙළබිම යි - ruwan nidana helabimai (වික්ටර් රත්නායක - victor rathnayaka)




රුවන් නිදන හෙළබිම යි
නුවන් හදන හෙළබිම යි..
නිවන් පුදන හෙළබිම යි..
ලොව හෙලිකල
හෙළබිම යි..

මගේ රුවන හෙළබිම යි..
මගේ නුවන හෙළබිම යි...
මගේ නිවන හෙළබිම යි...

මිහිරෙන් පිරි හෙළබිම යි..
රුහිරින් දැරි හෙළබිම යි..
ඉසුරින් සරි හෙළබිම යි..
ලොව බල පෑ හෙළබිම යි..

මගේ මිහිර හෙළබිම යි..
මගේ රුහිර හෙළබිම යි..
මගේ ඉසුර හෙළබිම යි..

විරුවන් ලත් හෙළබිම යි..
පඬිදුන් පත් හෙළබිම යි..
දුටුවන් මත් හෙළබිම යි..
ලොව හෙබැවූ හෙළබිම යි..

මගේ තිදස හෙළබිම යි..
මගේ සිරස හෙළබිම යි..
මගේ නිවස හෙළබිම යි...

මියුරු කල්පනා නෙතක දැල්වුනා - miyuru kalpana lowaka (වික්ටර් රත්නායක - victor rathnayaka)




මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
 වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

මල් පොකුරු පොකුරු ඇය එන මඟ - mal pokuru pokuru (වික්ටර් රත්නායක - victor rathnayaka)




මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//

නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...

මල් පොකුරු පොකුරු...//

සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...

මල් පොකුරු පොකුරු...//


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - budu hamuduruwo (වික්ටර් රත්නායක - victor rathnayaka)




බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා රේ

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ - pem rasa wehena (වික්ටර් රත්නායක - victor rathnayaka)




පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..
මී වද සුවඳ සදා දේ...

පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ..
පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා...

පෙම් රස වෑහෙන...

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා...සදාතනික වේවා...//
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා..

පෙම් රස වෑහෙන...

නීල බිගු කැල තාමරස පෙල - neela bigu kela (වික්ටර් රත්නායක - victor rathnayaka)




නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන්  සොඳුරී

දෛවයෝගයකින් නොවේදෝ - daiwayogayakin nowedo (වික්ටර් රත්නායක - victor rathnayaka)




දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ

ඇදුරුතුමියයි ප් රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිළිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ - dewram wehere himi (වික්ටර් රත්නායක - victor rathnayaka)




දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම  එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි  මෙත් බුදුන් දකින්නට

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත - tharu ath akurin liya (වික්ටර් රත්නායක - victor rathnayaka)




තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ

තනිතරුවේ තනි තරු‍වේ - thani tharuwe (වික්ටර් රත්නායක - victor rathnayaka)




තනිතරුවේ තනි තරු වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී
තනිතරුවේ තනි තරු වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත බැඳිලා සැනසී
තනිතරුවේ තනි තරු වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා