නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සඳරේණු වෑහෙනා -Sada renu wahena (Shihan ft Thilina)


Shihan mihiranga sinhala song lyrics

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලඟින්

සඳරේණු වෑහෙනා.....

පෙරදාක සුසුමක් - Peradaka Susumak (Theekshana ft Thilina)


Thilini Malka , I love you soo much

පෙරදාක සුසුමක් හිත රැදී..
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී..//

හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්..

පෙරදාක සුසුමක්...

තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්

පෙරදාක සුසුමක්...

සාගරේ තරම් - Sagare tharam (Dammika ft Thilini)


Thilini Malka , I love you soo muchසාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන් දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා

පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
සාගර රළ හා තනුවක රංදා
ආදර ගීයම කවියක් ලිව්වා
ඇසි පිය ගෑ ඒ සිහිනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මංදා