නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හුස්ම දිගේ ඉහල එන්න - husma dige ihalata enna (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



හුස්ම දිගේ ඉහල එන්න මට ඔයාව දැනෙනවා
ගැස්ම දිගේ වැඩි කරන්නෙ නුඹම කියා හිතෙනවා
හිත නිවන සඳ සෙවණ මගෙ ජීවිතේ ඔබ
මේඇත්තමයි මගෙ රත්තරනේ මම ආදරෙයි ඔබට....

සඳක් ඇවිත් රැයම බෝවුණා
හෙමින් සැරේ ළඟට ළං වුණා
පෙරුම් පුරන හීන මගේ ඉටු වෙයි මතුදා
සුසුම් සැලෙන නිහඬ රාත් රියේ- සොයමි ජීවිතේ
සිත නිවන සඳ සෙවණ මගෙ ජීවිතේ ඔබ
මේ අත්තමයි මගෙ රත්තරනේ මම ආදරෙයි ඔබට....

පෙළින් පෙළේ පිපෙන තාරුකා
හැඟුම් වටා වියන සෑදුවා
සඳක් පිපෙන අහස වගේ හිනැහෙන් නොහඬා
හැඟුම් දැනෙන නිසල රාත් රියේ විඳිමු ආදරේ....

හුස්ම දිගේ........

එකතු කලේ : හද රැදි ගී

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන - hamuwennata samugannata (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

හමුවෙන්නට සමුගන්නට...

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කඳුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින //

එකතු කලේ : හද රැදි ගී

හඩවන්නට මේ තරම් නෙතු රිඩවලා - hadawannata me tharam (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



හඩවන්නට මේ තරම් නෙතු රිඩවලා
මා හැරගිය දා ඉදන් සිත තනි කරලා
කවදාව වත්ම මා රිදවා නෑ ඔයා
තනිකෙරුවට මේ තරම් තරහක් නෑ මා

කඳුළු වලට නිදහස ලැබිලා
රිදෙන රිදෙන තරමට හඩලා
නොලෙබෙන ඔබ අමතක කරලා
තාමත් නැ මේ හිත හැදිලා
පෙරුම් පුරන මගෙ දුක දැකලා
අයෙත් එනවනම් ඔබ යලි එනවනම්

හඩවන්නට මේ තරම්..........

ගනින ගනින තරු කැට නිවිලා
හැගෙන දැනෙන කල හඩ මැකිලා
මා තනිකර ගිය දා ඉදලා
මගෙ හිත මටවත් නැතිකරලා
පෙරුම් පුරන මේ හිත දැකලා
අයෙත් එනවා නම් ඔබ යලි එනවනම්

හඩවන්නට මේ තරම්........

එකතු කලේ : හද රැදි ගී

සුලඟ වගේ දඟ කරන - sulaga wage daga karana (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



සුලඟ වගේ දඟ කරන
එති එතී ලඟ රැදෙන
ඔයා වගේ සිත නිවන
භාවනාවක් කොහෙද

විටෙක ඇවිත් සිත බිඳින
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිතිකවන
ඔයා මගේ පෙම් කවිය

වෙලා ඇවිත් සුලි සුලඟ
පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම
හෙටත් ඔයා මගේ වෙන්න

එකතු කලේ : හද රැදි ගී

සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී - sihina siththarawi (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවි හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉඟි කරාවි උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලක් ශ් රීයාවි සිපගන්නමයි හිතේවී

මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී
මුළු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී
මුදු සීත නිල් දියට තඹර මල වගේ ලෙන්ගතුයි කියාවී
ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගෙ හිතේ දරාවී
ආදරේ දැනේවී

සඳ පාන පීරමින් පිපෙන කුමුදු මල් නුඹ වෙතයි සුගන්ධි
තරු අහුරු අම්බරේ මවන රූ රටා නුඹ නිසයි සිනාසී
දුර දුවපු හිත අරං ලඟට ලං කරන් ආදරෙන් තවාවී
මට නුඹ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගැහේවී
අාදරේ දැනේවී

එකතු කලේ : හද රැදි ගී

සුපෙම් සුවදක් අරන් - supem suwadak aran (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



සුපෙම් සුවදක් අරන්
ඈවිත් සුලගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ...

පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සෑමදා
ලගින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දෑවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා...

ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා...

බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා
මමත් ඔබගෙයි සදා

එකතු කලේ : හද රැදි ගී

වළා යහනෙ සද සැතපෙන යාමේ - wala yahane sanda (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්

අනාතකල සිතිවිලි අතරේ මා
සදාතනික සෙනෙහස සෙව්වා..
අනාතකල සිතිවිලි අතරේ.. මා..
සදාතනික සෙනෙහස සෙව්වා..
සිනාසුනේ ඔබ හඩා වැටුනෙ මම
මල් පරවී යනදා

වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්

විරාජිතව අතිනත පැටලූ දා
පරාජිතව නොතැවුනි ඔබ මා ..
විරාජිතව අතිනත පැටලූ දා
පරාජිතව නොතැවුනි ඔබ මා ..
අවාසනාවට හීන පුරෝගෙන
මතකය ඉකිබින්දා

වළා යහනෙ සද සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස සිහිවී
එන්නට පියවර තැබුවත් මා සිතින්
ඔබ අන්සතු මලකි
මම ඔබට තියෙන ආදරේ තරම්
ඔබ තවම දන්නෙ නෑ රත්තරං
දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්

එකතු කලේ : හද රැදි ගී

මම මොකුත් කියන්නෙම නෑමයි - mama mukuth kiyannema (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



මම මොකුත් කියන්නෙම නෑමයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි
වෙන් වෙන්න තිතන්නෙත් ඔබමයි

මුදු සරා සඳේ සිහිළැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ
මුතු පින්න පිපුණ තණනිල්ලේ
හමුවුණා එදා සැනසිල්ලේ

මම මොකුත්....

ඒ මිහිරි අතීතය නිමවී
නෙතු කඳුළු වලින් යමු වෙන් වී
ඔබ ගියත් කෙනෙකු හා ළං වී
මා ඉන්නම් සැමදා තනිවී

මම මොකුත්....

එකතු කලේ : හද රැදි ගී

මටත් වඩා මං ගැන හිතන - matath wada (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලු සිනාවට
පිරුණා මුළු හිතම...
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න...

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙළා හිත අස්සේ ගෑවා //
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුණා සතුටේ මල් පිපිලා

අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා //
මටත් මගේ ලෝකය නුඔ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා

මටත් වඩා මං......

එකතු කලේ : හද රැදි ගී

පුංචි ඇස් දෙක කඳුළු පුරවන් - punchi as deka (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
තවම මග බලනවා ඇති
ඒ උනත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයා ගෙන එන්නම්
ඒකටත් ලොකු කාලයක් නැත
කොහොම හරි හිත රවටමී

ප් රේමයේ උත්තරතීර බව
පසක් කරගෙන හොදටම
කාලයේ වැලිතලා යටවී
මියැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත්
එකතු වී ඇත අප ගැන
හඩා වැටුනත් හඩන්නට බෑ
හිතන්නේ මම ඔබ ගැන

දහසකුත් බාධක තියාගෙන
ප් රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට
ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත්
හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුනත් නින්ද යන්නෑ
හිතන්නේ මම ඔබ ගැන

එකතු කලේ : හද රැදි ගී

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා - perada hadawa (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා //

සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා //
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ //

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා

මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා //
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ //

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා //

එකතු කලේ : හද රැදි ගී

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ - pini watunata sudu nelumata (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගත කල තැන් තැන් වල මතකය යන් නෑ//
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ //
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට..............

එකතු කලේ : හද රැදි ගී

නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න - niwaduwata mama ennam (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



නිවඩුවට මම එන්නම් බලාන් ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කත කරන්න
බංකරයේ ජීවිතයට නිවඩු ලැබුනා
යුද්ධය දැන් ඉවරයි මම ගම රට එනවා

තල් ගහ යට සෙවනක් නෑ කවදාවත්ම
මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට
හැමතිස්සෙම දැකගන්නට නොහැකි උනාට
ඔයාව මට මතක්වෙනවා හැම මොහොතකම

මා ඉපදුන මේ මවු බිම රැකගෙන ඉන්න
වගකීමක් ඇත අද මට ඉටු කරලන්න
සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න
මම මැරුනත් මගේ නමත් රැදෙයි දවසක

එකතු කලේ : හද රැදි ගී

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් - duka danne wena kauda (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම් //
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

ඝණඳුරට පෙම් බඳින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට //
මං ආයෙ හිනැහෙන්න උර මඬළට
ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුණු එක්කර තවත්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්

එකතු කලේ : හද රැදි ගී

දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන් - danena duk wedana (ෂරොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



දැනෙන දුක් වේදනා හිත අස්සෙ හිරකරන්
සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්

මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන්වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්...

දැනෙන දුක් වේදනා...

ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්

දැනෙන දුක් වේදනා...

එකතු කලේ : හද රැදි ගී

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම් - thawa eka sarayak ona (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
එක මලකට පෙම් කළ සිතින්
නෙලන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ

තව එක සැරයක් ...........

එකතු කලේ : හද රැදි ගී

කවියකට පද සොයන - kawiyakata pada soyana (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



කවියකට පද සොයන
කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස
දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට
කවියක්ය නුඹ මෙමට
ගහ කොළද මද නලද
නුඹ හට කවි බඳියි...

පින්න පිරි තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනී //

කවියකට..........

සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙ රැල්ල දඟ කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුවට හැඩ දමයි //

කවියකට...........

එකතු කලේ : හද රැදි ගී

ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා - oya nisa hadala (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා
තරහ වෙලා - හැර ගියදා
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තවමට නැ සැනසිලක් ලැබිලා
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා...

සෙනෙහස මා මද සුලඟක් කරලා..
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...

එකතු කලේ : හද රැදි ගී

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ - obata thiyena adare (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

කල්ප ගණන් පෙරුම්පුරා සොයා ආවෙ මා
වැටෙන වැටෙන හැම කඳුළම
උරුම මට නිසා විඳිමි මම සදා

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ

හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා
රිදෙන රිදෙන හැම මොහොතම
මටම හුරු නිසා ඉඳිමි නෙතු වසා

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

එකතු කලේ : හද රැදි ගී

ඔබ හරිම ලස්සනයි නංගියේ - oba harima lassanai(රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ

පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්

පාලු හිතට ඔබ ළංවෙනවානම්
මලක් සේමා මා ඔබ රැක ගන්නම්
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්

එකතු කලේ : හද රැදි ගී