නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අහිංසකාවී - ahinsakawi (Dimanka Wellalage)


dimanka wellalage sinhala song lyrics


ලෙංගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ

පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුණේ තොටිල්ලකින් නලවන සේමා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල් කූඩ අත දරා
පින්තූර ජවනිකා
රඟන්න වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා
රූ වාසනාව කැන්දලා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මන්තීරු පැටලෙනා
පින්තාරු ප්රහෙලිකා
අගේට තෝරගන්න එන්න පේවෙලා
මා හාදුවෙන් ම දෝවනා
ඒ කාරණාව තේරුණා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ…
එකතු කලේ : හද රැදි ගී

වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා - wenna thiyena siyaluma dewal (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


වෙන්න තියෙන සියලුම දේවල් සිද්ධ වුණා මගෙ දිවියට
නමුත් මේ ලොව හැර යන්නට සිතක් නම් තව නෑ මට
නිකරුණේ දියවීලා යන මගෙ දිවියේ හොද හරිටම
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින
රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින.....

පමා වී ආ වසන්තයක් ලෙස ඔබ ඇවිදින් මගේ ළගටම
මේ තරම් ඉක්මනින් ඇයි නුඹ වෙන්ව ගියේ මටත් නොකියම
යටි හිතේ හිත පතුලේ වැදිලා වද දිදී තව මතකය
යලි උපන්නොත් මගේම වෙනවද සසර ඇති තුරා සදහට.....

ඈත ඉදලා බලාන උන්නම අහසත් ගෑවෙයි පොළවට
ලං වෙලා ලං වෙන්න යනකොට ඒකත් බොරුවක් හැම විට
සදහට සමු නොගත්තත් ඔබ මේ ලොවේ අද තව ඇත
මගේ ලෝකය පාළුයි අද කදුල විතරද උරුමය.....

වෙන්න තියෙන සියලුම දේවල්....

රිදෙයි වද දෙයි ඔබේ මතකය මගේ ලෝකයේ හැම දින//

එකතු කලේ : හද රැදි ගී

රත්තරනේ මේ දෙව්රු තලාවේ - raththarane me dewru (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


"රත්තරනේ
මේ දෙව්රු තලාවේ
ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ
රත්තරනේ එහි ඉවුරු තලාවේ
ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ

සරාගී සිතාරේ දෙතොලේ තුශාරෙන්
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන්
ජීවත් වෙන්න ලදේ ඔබවයි මට් ඕනේ

රත්තරනේ මේ .......

වැරදිලවත් රිදවන්නෑ සත්තයි ඉතින් නම්
රිදුනෝතින් සිප සනසා හිස පිරි මදින්නම්
පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා
රගපාලා නළවන්නම් හසරැල් පනිනකන්

සරාගී සිතාරේ....
රත්තරනේ ම....

හැරිලාවත් බලන්නෙ නෑ වෙන ඇස් දිහා මං
අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං
දිවුරමි ශුන්ගාරියේ පවරා මගෙ පරානේ
දුක මකලා සනසන්නම් මගෙ පන තියනකන්

සරාගී සිතාරේ....
(රත්තරනේ මේ)....//

එකතු කලේ : හද රැදි ගී

දුරින් හිඳ මා බලා ඉන්නම් - durin hinda maa (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා

ඈත ගිය පාර බලා ඉන්නම්...//

කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇතී
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැතී
හින හෙන්න හිතා හැරයන්න ගියානම්
යන්න ඔයා වරදින්නෙ නැතී...//

දුරින් හිඳ මා.....

මැව්ව කතා පවසන්න එපා මං
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්
ඔබව සොයා යළි එන්නේ නැතී
දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//

දුරින් හිඳ මා.........

එකතු කලේ : හද රැදි ගී

දුක දැනෙන අයුරු නොදැන වස්තු - duka danena ayuru(දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා
ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි මාව අමතා
ඔබගෙ සතුටම පැතූ පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැක මුසු බැල්මෙන් රවටන හැගුමෙන්
නෑ මං ඔබ දෙස බලලා
පිවිතුරු සිතකින් පෙම් කල පණ මෙන්
සත්තයි ඇස් දෙක පල්ලා
ඔබගෙ සතුටම පැතු පෙම්වතෙකි තනිවුනු
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු... ආදරෙයි වස්තු

ආදරය ඇයි මේ තරම් දැඩි රිදවුම් දුන්නේ
කර්මයද මේ මං රැගෙන ආ පෙර අත් භවයේ
සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්
යහපත පතනෙමි සැමදා
සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්
යලි මාව මතක් කරලා

දුක දැනෙන අයුරු.....

එකතු කලේ : හද රැදි ගී

කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ - kiyabu lathawe natana (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා...
සිතඟි බඳුන බිඳුනා... පපුවෙ පුලිඟු දැව්නා...
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා...

නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා...

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

එකතු කලේ : හද රැදි ගී

කනගාටුයි මේ හිත පාලුයි - kanagatui me hitha palui (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


කනගාටුයි මේ හිත පාලුයි
තනුකම සමගින් මම යාලුයි
ඔබ නැති ජිවිතයේ පාට කලුයි......
ඔබගේන් මා පතනා හුස්මයි
මා ජිවත් කරනා රහසයි
නැත්නම් මගේ ආයුෂත් කොටයි......

දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී - වෙනවද මාගේ අවසන් පෙම්වන්තී
පිරිමදිනා - හද තවනා
මට ආලය දක්වන්නී - දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

අරමුණකින් තොර වු මිනිසේක්
වාගේයි මම ඔබ ලබනා තෙක්
අපහසුවෙන් හිත හසුරවමින් බලන් ඉන්නවා
අඩු තරමින් නැත්දෝ දැනුවත්
මා ගැන ඇසුවාදෝ කෙලම්වත්
අත තියමින් හිස මුදුනින් මං දිවුරන්නද මා

හදවත් නහරේ - කැලතේන රතු ලේ
පවසාවී ආදරයේ ගැස්මන්

දුක අහනා......
පිරි මදිනා......

දුරකතනේට හෝ එක පාරක් අමතාපන් එය සැනසීමක්
වැලි පොලවට දිය බින්දක් සේ
සතුටක් ගේනා

ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරි කෙනේකුට නම්
රැවටෙන්න එපා
හදවත් නහරේ......

කනගාටුයි මේ හිත පාලුයි......
දුක අහනා - හිත නිවනා......
පිරිමදිනා - හද තවනා......

එකතු කලේ : හද රැදි ගී

ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා - asi piya gasana hema thanama (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


ඇසි පිය ගසන හැම තැනම ඔබ ඉන්නවා
නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා
මම දුර ඈත...ඔබ එක්ක පියමනිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා
හිත දවනවා නෙත ඉකි බිඳිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ නිල් නෙතු දෑල
හැමදාම අහිමී ඔබේ මගේ මනමාල හිත තාම
නුහුරුයි වගේ බැමි බිඳදා නුඹ ගාව සැතපෙමි කෙසේ
හිත රිදෙනවා හිත ඉකිගසනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

ඔබ දුර ඈත සිතිජයක තරුවක් වගේ
මම තනියෙන්ම මෙහි මෑත මහ සාගරේ මතු යම්
දිනෙක ඔබ නේන බව මට හැඟේ මියයන තුරූ
තනියෙන්ම වාවනු කෙසේ ගතු කියනවා හිත
ඉකි බිඳිනවා
අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

එකතු කලේ : හද රැදි ගී

ආදරෙයි කාටවත් නැති තරම් කියා - atharamdarei katawath nathi (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

දුක දන්න ඇස් දෙකේ පෙම හංගලා
රවටන්න හිතුණෙම ඇයි මගෙ තුරුළට වෙලා
මං නැතුව ඉන්නට නම් බෑ කිව්වට ඔයා
බොරු මැව්වෙ හිතකින්දෝ හුස්මට හොරා...

විඳවන්න බෑ තව නම් මගෙමයි කියා
මට ආයෙ ඔයා වගේ කවුරුත් එපා
යළි එන්න ඇහුවට ඇවිදින් ආයෙත් ඔයා
තව දෙන්න ආදරේ නෑ ඉතුරුත් වෙලා...

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

එකතු කලේ : හද රැදි ගී

ආදර පිටපතක් ලියුවා - adara ptapathak - asai pawasanna (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


ආදර පිටපතක් ලියුවා
ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා
ඒක ඔබේ හිනාව

ගැලපෙන අය හමුවෙනවා
ඒක ලොවේ සොබාව
අවසානයේ වෙනස් කලා
ඒක අපේ වෙලාව

ආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප් රේමයට
පන එන්න

සත්තයි මතු බවය
වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප් රේමයට
පන එන්න

මල් පෙති වාගේ
සිනිදු දෑත මම
තදකර ගෙන අල්ලා
තොල් පෙති ගාවා
කන් පෙත්තේ ඔබ කොදුර
කොදුර උන්නා

ආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප් රේමයට
පන එන්න

නම් දෙක ලියලා තැන් තැන්වල
අපි අපේ වෙන්න පතලා

එකතු කලේ : හද රැදි ගී

අවසාන ප්‍රේමයයි මාගේ - awasana premayai(දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


අවසාන ප් රේමයයි මාගේ..
නෑ පතන්නේ කෙනෙක් ආයේ..
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ..
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා..
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

ඔබේ මත්තේ නැහිලා නැහිලා..
මගේ හිත දැන් නොමැරි මැරිලා..
හදුනන්නෙ නෑ අයේ ඔබ මා..
මතක පොත දැන් හොදට පිරිලා..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

අවසාන ප් රේමයයි...

එකතු කලේ : හද රැදි ගී

අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ - awasan pema mage (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ
වෙන කවුරුත් වගේ නැති හින්දා ලොවේ
ඔබ හට හැකි නම් ආයේ
ඇති තැනකින් එක මොහොතක් මගෙ දුක නිවන්නට
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න
අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ

මගේ අඩුපාඩු සොයා නිතරම වැරදි කියා
බොරුවට සැක කරලා ඔබ ගියදා ඉදලා
දින සති රහසේ තනිවෙලා නොදැන ගෙවිලා
යලි කවදාවත් ඔබ මගේ නොවෙන හින්දා
ඔබ ඈත හිටියත් හිතක් නෑ වගේ
අවසන් කැමැත්තත් එයයි අද මගේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

ඔබේ අත ගන්න සදා මම පිං නොකල නිසා
එල්ඛෙන භවයක මා ඔබගෙම වෙන්න සිතා
තිලෝඅග බුදුගේ මුනි දෙපා වදිමි හැමදා
මතු සසරේවත් ඔබ මගේ වෙන්න පතලා
දුක ශෝකේ එක සේ ඛෙදා පෙර දිනේ
ගත කෙරුව මතකේ තියා හදවතේ
කවද හෝ මම මලොත් පැල්පතට අපේ
ඔබ ඇවිල්ලා යන්න.... ඔබ ඇවිල්ලා යන්න

අවසන් පෙම මගේ........

එකතු කලේ : හද රැදි ගී