නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සුදු ඇත් පොව්වෙක් - sudu ath powwek (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සුදු ඇත් පොව්වෙක්
සුදු පියුම සොඩින් ගෙන
පැද කුණු නොකලත් සිරි යහනේ
පෙරුම්පුරා මා කුසට පැමිනි දිලිදූ
මට රජ පැටියෙක්....

හං කිති කවමින් කුස තුල සක්මන් කරනා
නුබ දගයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ...........
නුබ දුවක උනත් මට පුතෙකු උනත්
නුබ හිස පලදන්නේ
වෙනසක් නැති එක ආදරයයි....///

කුස තුල දැරුවැයි
මතු බුදු වන පැතුමන් ඈ...
ලෙය කිරි කර පෙව්වැයි
උදම් අනන්නට රිසි නෑ...
පැටියෝ.......
නුබ දුවක උනත් මට පුතෙකු උනත්
මා නුබට පුදන්නේ
සැබෑව දිදුලන ජීවිතයයි............///

සුදු ඇත් පොව්වෙක්.....

එකතු කලේ : හද රැදි ගී

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම් - sina thotak wiya (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි..

එකතු කලේ : හද රැදි ගී

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට - sinasenna mata (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඞ වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මන්

අළු පාය හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන
ගන් දෑල ඒ වගෙද මට කියන්
දන් පඳුර උනැටුව රන් පාට සමනල්ලු
මන් කොහිද ඇසුවාද මට කියන්

රන් පාට දැවටිච්ච තුරු වඳුළ මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්
මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච
මල් සමය නිම වුනිද මට කියන්

එකතු කලේ : හද රැදි ගී

සිත ඔබට මුවාවී ඉකිබිදිනා - sitha obata muwa wela (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප් රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත ඔබට මුවාවී....

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
ඔබ ඇයට ලගා වු දා ඉදලා

සිත ඔබට මුවාවී....

එකතු කලේ : හද රැදි ගී

සිත හඬයි මා තනි වී - sitha hadai maa thani wee (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සිත හඬයි මා තනි වී
මා දාවලයී මේ ශොකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලොකේ

ඔබගේ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දැවේ
හැඬුව අයුරු මට අදුරු සිතුවමකී
තාම රැඳුනු මා දෑසේ
සිහිනයක්ව මායාවේ
ඇයිද මා මුලවේ තනිකලේ වියෝගේ
සෑමදා ප් රියේ
මා ඔබට ආදරේ ඔබට ආදරේ

ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දීවිය අද මේ අදුරු කලේ

ඔබගේ සුවඳ මට තවම දැනෙනවා
පාලූ සීත රෑ යාමේ
ඇත කොහෙද දැසේ දසුන හැර
සිහිනයාක්ව වෙන් වුයේ
ආදරේට පිටුපැවේ
සඳට අහස වාගේ මලට සුවඳ වගේ
සෑමදා ප් රියේ මා
ඔබට ආදරේ ඔබට ආදරේ

එකතු කලේ : හද රැදි ගී

සඳ සේ බැස නොයා - sanda se besa noya (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා
ඔබ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ
රැඳෙන්නම්
මියෙන්නම්

පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳී නම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ
සනසන්නම්
සැනසෙන්නම්

පිණි මල් මාවතේ
ඔබේ දෑතේ වෙලී
ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ
සොඳුරුයි ආදරේ
හිමිවුණා සේ දැනේ
ඔබ සදා

එකතු කලේ : හද රැදි ගී

සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී - sada rajini aida (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

ඈ හා බැදී ආවා එදා
සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවදේ වෙලී
සංසාරයේ ඉන්න මා හා
ජිවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යා කලේ මායාව සේ
වැලපෙන්නදෝ මේ ලෙසින්

සද රාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

රෑ තුන් යමේ හඩනා මගෙන්
වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ
සුළගේ රැදී කාටත් හොරා
මාගේ ළගින් ඉන්නදෝ
ජිවිතේ මා පැතූ ඒ සිනාවෝ
ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යාකලේ මායාව සේ
පලි ගන්නදෝ මේ ලෙසින්

සද රාජිණී ඇයි ද හැංගී...

එකතු කලේ : හද රැදි ගී

සඳ දිය උතුරා අපතේ යයි - sanda diya uthura (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප් රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ

තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත් රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි

හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඩන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොදයි

එකතු කලේ : හද රැදි ගී

රන් ගිර මා - ran gira maa (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා

රන් ගිර හිස හිරු හිනැහෙද
එළියෙන් මුළු ලොව දිදුළද
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
ම සිත බැබලියේ

පන්හිඳ ගෙතු ගී ගැයුවෙද
මිහිරෙන් තුන් හිත නැහැවෙද
නමුදු ගීය දුන් මිහිරට
රුවන් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
ම සිත නැලවියේ

එකතු කලේ : හද රැදි ගී

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ - punsanda reta awidin (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන

එකතු කලේ : හද රැදි ගී

මින්දදයෝ ඇවිදින් - mindadayo awidin (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


මින්දදයෝ ඇවිදින්
අහපන් රුක්අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ...//

බක්මී මල් පිපිලා සුවඳට
සඳ ගෙට පායනවා...
වැවේ නෙළුම් පිරිලා නිල්දිය
දොළේ හිනා වෙනවා...
යන එන කල් ඉඳලා මං ගැන
බඹරු කතා වෙනවා...

මින්දදයෝ ඇවිදින්
අහපන් රුක්අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ...

නා දලුවල හැපිලා මඳනළ
වැට ළඟ කැරකෙනවා...
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉඳලා මං ගැන
බඹරු කතා වෙනවා...

මින්දදයෝ ඇවිදින්
අහපන් රුක්අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ....

එකතු කලේ : හද රැදි ගී

දුහුල් මලෙක මල් පෙත්තක - duhul malaka mal peththaka (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද
බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර
මගේ පෙම් පණිවිඩය
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත් වෙන්න

ඔබට කැමති වූ දවසේ
දැණුනු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත් වුණේ
ඒ සතුටේ සුසුම තමයි නළ මුදු සුවදක් වී
හිත තෙත මාත්තු කළේ
ඒ බව හැ ඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න

ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුලේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත් උනේ
ඒ කඳුලේ බලයක් තමයි මහවැලි ගඟ මැද්දේ
දිය සුළියක් වූයේ
ඒ බව දැණුනා නම් මට කියලා එවන්න
ඒ ඇති මට තව දුරටත් ජීවත් වෙන්න

එකතු කලේ : හද රැදි ගී

ඔබ ගියාම දුක මට දී - oba giyama duka mata dee (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැ කී
ටජ් මහල් සිහින ඉති රී
සිත අනාථ වී සර මී

ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැ දී
ලොව සැනෙන් අදුරෙ ගිලු ණී
තරු උමතු දුකින් දැවු ණි

ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසි තී
ඔබ ගැනම සිහින පුර මී
දුක තුළ ද ඔබව දකි මී

එකතු කලේ : හද රැදි ගී

අහස පුරා තරු එළිය මදිද අද - ahasa pura tharu (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


අහස පුරා තරු එළිය මදිද අද
දෙව්රම් වෙහෙරම පාඵයි අප්පච්චි
පාවී ආ ගණ අදුරු වලාවක්
සද ගිනි හින්දුර ඈතක අප්පච්චි

හිරු සදු නැති ලොව පහනක් වන්නට
මතු ලෝතුරු බුදු වි
පෙර බුදු සමයක විවරණ ලැබුවා
මතකද අප්පච්චි

සාර සංඛ් ය වූ කල්ප ලක්ෂයක්
මොහොතින් වියැකෙද්දි
දෙව්රම් වෙහෙරේ බුදුන් දකින්නට
ආසයි අප්පච්චි

එකතු කලේ : හද රැදි ගී

ඉගිලෙන්න තහනම් නම් දුරක් - igilenna thahanam nam (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


ඉගිලෙන්න තහනම් නම් දුරක්..
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්..
අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්..
මගේ වෙන්නෙ ඇයි එක කවි පෙලක්..

පෙම්වන්ත හිතටත් යට ඉදන්..
පෙන්වන්න අවියක් ඔබ අරන්..
මට ගන්න හැකි ඉර හඳ උනත්..
ඔබ දන්නෙ නෑ ඒ බව තවත්..
ඔබ දන්නෙ නෑ ඒ බව තවත්..

ඉගිලෙන්න තහනම් නම්..

හැමදාම මල් පෙත් ලං කලත්..
දැනුනේම නෑ සුවදැති බවක්..
නැත මා ඔබෙන් ලද අත් වැලක්..
සාධාරණයි අපි වෙන් කලත්..
සාධාරණයි අපි වෙන් කලත්..

ඉගිලෙන්න තහනම් නම්..

එකතු කලේ : හද රැදි ගී

දේදුන්නේ සත් පාට - Dedunne sath pata (Nirosha Virajini)


Nirosha virajini sinhala song lyrics


දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබේ නමට රොන් සදා
ඔබේ උයනෙමයි..

රෑ සඳේ සිනිඳු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මිහිරි පිළිරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්..

මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිනේ කිකිණි රසු දැල් එපා
ආදරේ ඔබම වේ නම්.....

නරඹන්න

දුන්නු වේදනා - Dunnu wedana (Nirosha Virajini)


Nirosha virajini sinhala song lyrics


දුන්නු වේදනා මෙ නෙතින් උතුරලා
මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතෙම දෑන් මගේ හීනයක් වෙලා
කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ පාලුව දවන්නේ
තනිකමයි හදවත සරන්නෙ
මෙ අන්ද හිත මනේ මතකය තෑවෙන්නෙ
සෝ සංකා හිරිහෑර කරන්නෙ
කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා

සද නේන රෑයාමෙ සසලව හිදින්නෙ
කලුවරයි දසතින් හමන්නෙ
වෑටෙන හුස්මක් ගානෙ ඔබවමයි සිහිවෙන්නෙ
ඔබ කොහෙද හිදින්නෙ
කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා

දුන්නු වේදනා....