නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

Merry Christmas baby - Yohani



 I break down
Every year
When this time comes around
I already know
How it looks like
In town

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above

I turned down
A date
Oh dear
I wish some snow
Could heal my sorrow
Unsteady this month
My heart And it prays for a smile

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above

සීතලෙන් මිදිලා කඳුලේ
සිහිනයේ නුඹ මැවේ
ආදරෙයි තාමත් සොඳුරේ
නැතත් මා අසලේ

Merry Christmas baby
You don't come home
Merry Christmas darling
Watch me
From above"

ලිය ලියා දුන් ආදරේ - liya liya dun adare (Dilki Uresha)


ලිය ලියා දුන් ආදරේ - liya liya dun adare

 "පාරාලා පාවීලා ගිය හීනේ

හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
හැමදේම දුන්නා මං ඔයාට කැමැති කැමැති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නේ අපි පටං ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන උනේ ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
කවදාවත් නෑ කඳුලින් නෙත් තෙමෙන්න දෙන්නේ
හැමදේම වෙලා දැන් මං කිව්ව නෑ වෙන්න දෙන්නේ
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නැ නිවෙන්නේ
තේරෙන්නෑ මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ
ඔය මූණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දී ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා //

ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
මම ගත්ත තීරණය වැරදී නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් මිදුන
සමාවෙන්න මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමි හෙමින් මරනවා වගේ පාලුව මාව
ගලයි වරදකාරි සිතුවිලි කඳුලු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරැ වලාවක්
ඔයාගෙයි මගෙයි ආදරේත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්

පාරාලා පාවීලා ගිය හීනේ
හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ
සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා
ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගෙ හදවතේ ගිනි අවුලා
"

අන්සතු ඔබ වෙත - ansathu oba (Thisara)


අන්සතු ඔබ වෙත - ansathu oba

"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී"



ලග ලගටම ඇවිත් ඔයා - langa langatama awith oya (Thiwanka Dilshan)



ලග ලගටම ඇවිත් ඔයා - langa langatama awith oya

"කෙල්ලෙ මම හදේ ..
දුර ඇදේ ඔය දෑස සොයා .. 
හැන්දෑ කලුවරේ දිලිසුනේ..
ඒ ඔබේ සිනා..

ඉද මට නුඹේ පැටලුනේ.. 
මේ හැගුම් සරා.. 
ඉන්න ඉඩ තියෙ මගේ හදේ.. 
ඔබේ නමින් ලියා..
 
ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..//

මන්තරේ වගෙ දිව අග.. 
මිමිනෙන වචනය නමම තමා.. 
යන්තම් පොඩි එක මොහොතක.. 
හමුවෙමු අඩමතින් නුරා..
පෙම් කවි මල් මල් මාලා අරගෙන.. 
ගෙලෙහි දමා.. 
ලංකර ගස්සාපං උකුල උකුල මහද සලා..   
මල් ගවුම පාට පාට.. 
තිනගෙ මං දැක්කා මූණේ පිංපාට.. 
පස්සෙන්ම ගාට ගාට.. 
හොරා වගෙ සුදු එන්න මං රෑට රෑට.. 

පිස්සුවක් මේක විනාසකාරී මම..
ලිස්සුවා දුවද්දි ප්‍රේම පාරේ.. 
හරි ලස්සන ගැණූ ළමයෝ..
අරගන්නයි ඕනේ බාරේ කර කර..  
කප්පරයකට දෙන්නම් මං ආලේ.. 
ආයේ එක්කරගෙන යන්නං හදේ යන පාරේ.. 
සක්කරයටවත් බෑ නවත්තන්න ආයේ.. 
තත්පරයක් පාහේ ආදරයක් වාගේ..

ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..

කෙල්ලෙ මම හදේ ..
දුර ඇදේ ඔය දෑස සොයා .. 
හැන්දෑ කලුවරේ දිලිසුනේ..
ඒ ඔබේ සිනා..

ඉද මට නුඹේ පැටලුනේ.. 
මේ හැගුම් සරා.. 
ඉන්න ඉඩ තියෙ මගේ හදේ.. 
ඔබේ නමින් ලියා..

ලග ලගටම ඇවිත් ඔයා.. 
තියන්න හිත අවුස්සලා.. 
හිනැහෙන කොට ආසවෙලා.. 
මගෙ හිත මටම හොරා..//"

ජොලි ජලජේ - jolly jalage (Bimal Jayakody)


 

ජොලි ජලජේ - jolly jalage ugura ugura (Bimal Jayakody)

"ජොලි ජලජේ - ජොලි ජලජේ //

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

රැල්ලෙ එතිලා වැල්ලෙ පෙරළි පෙරළි නටයි බෙල්ලෝ 
රැල්ල එක්ක හැප්පි හැප්පි දැල් ම අදින ගොල්ලෝ 
පිලී ගඳ නසන්න අඩුම කුඩුම දාපු මාලෝ
රසට රසයි ජීවිතයම...
අපි තමයි වැල්ලේ කොල්ලෝ 

කැලති කැලති නොමැරි මැරෙන රැල්ලෙ රඟේ 
බිබිලි නැගෙන ගිනි අව්වෙම කල්ල මරේ 
ඕන විසක් නසන මුහුදු වතුර වගේ 
අපි ඔට්ටුයි ඕන දෙයක් පදිරි නොවේ 

[ජොලි ජලජේ - ජොලි ජලජේ]//

දඟල දඟල නැටුවට කකුළුවා හොද්දේ 
වෙලාවටයි අපේ ගේම නැත මැද්දේ
නිලා පත්තු වෙනකොට තිබුණද සද්දේ 
සිරික්කියම දාපං ඒකයි යුද්දේ

උගුර උගුර කෙකර කෙකර නොබොමු අපි...
ගුඩු ගුඩු ගා එක හුස්මක් ඊට ඇති...
දිව පැටලෙන ඇස් රතුවෙන මුකුත් නැති...
ඕන තරම් එළිවෙන තුරු අපිට හැකි...

[ජොලි ජලජේ - ජොලි ජලජේ]////"


නෑසුනා - nasuna (Dinesh Gamage)


 

නෑසුනා  - nasuna (Dinesh Gamage)

"රුව නෙතග ගැටුණු දා
දැනුණු හැඟුම හද පුරා
ඔය නිතඹ දෙස බලා
සිහිය අතරමග තියා

දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිඳිමි නුඹේ ළඟ මෙමා

ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

ඒයි, ඒයි, මා හිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලි දෙනුවන් හඬාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී

එන්න පමාවීවත් වෙන්න මනාලී
ආදරේ අමෘතේ මත් වෙමු මා නාරී
ආයෙත් හීන ගානේ නෑවිත් safari
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම

ආදරේ වැඩි වෙලා තව
කවදාවත් නෑ ඇති වෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගෙයි මගේ පාලනේ නැති වෙලා (woah)

ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉඳන් මන් රාගයේ පැටලිලා
ඔය උන්මාදයෙන් කැලඹිලා
කොහොමද ඉන්නෙ කාමයෙන් වැලකිලා (baby)
Smoka, smoka, smoka, smoka

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

ඒයි, නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා

නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා"

දවසක් ඒවි - dawasak evi (Piyath Rajapaksha)


 

දවසක් ඒවි - dawasak evi (Piyath Rajapaksha)

"සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී
නුඹ හින්දා මං
ගැයූ පෙම් වදන්
දෝරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

ජීවිතයේ තැන් තිබුනා
අපිටම අපිවම නැති වුන
ඒ ගැන මං හිතනා විට
කදුලක් උනනවා මට නොදැනිම
ඔබ හින්දා මං ගැ‍යූ පෙම් වදන්
දොහොරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති"

මැනිකේ මගේ හිතේ - manike mage hithe (Yohani)


 

Yohani , Manike mage hithe,

"මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී 

මා හිත ළඟම දැවටෙනා 
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා 
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ

ඉතිං එපා මටනං වංගු 
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු 
මැණිකේ වෙන්නෙපා තව සුනංගු

ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල

කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු
වෙනවද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්න විදියට ගැස්සූ

ඔයා දුන්න ඉඟියට මත් වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී

මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
හුරු පෙමක පැටලෙනා
හුරු පෙමක පැටලෙනා"


කොහෝ මල් වාරම් - koho mal waram (H.R.Jothipala/Sujatha Aththanayake)


කොහෝ මල් වාරම් - koho mal waram (H.R.Jothipala/Sujatha Aththanayake)


 කොහෝ මල් වාරම්කො හෝ මල් වාරම්
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා
ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ
ආවා වගේ
ගමින් ගමේ

සිංහල අවුරුද්ද ලබන්නා
කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා
රන් රඹුටන් ගස් යායේ

වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා

රන් රඹුටන් ගස් යායේ
වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා
උන්ට කන්න බත් දුන්නේ
ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

කොහෝ මල් වාරම්ගයනා උදේ..

සිංහල අවුරුද්ද ලබන්නා
දම් පාටින් කජු පුහුලන්
බරවී නැමිලා පැහිලා නැමිලා

දම් පාටින් කජු පුහුලන්
බරවී නැමිලා පැහිලා නැමිලා
අවුරුද්දේ ගම්මානේ
නාරං ඉදිලා පාටින් ඉදිලා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ
ආවා වගේ
ගමින් ගමේ
සිංහල අවුරුද්ද ලබන්නා

කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ
අපේ ගමේ රබන් වැයෙන්නා
 
රන් රඹුටන් ගස් යායේ

වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා

රන් රඹුටන් ගස් යායේ
වලි කුකුලෝ ඉන්නා
රතු කුකුලෝ ඉන්නා
උන්ට කන්න බත් දුන්නේ
ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා.

කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ

අපේ ගමේ රබන් වැයෙන්නා
ගමේ ඔන්චිල්ලා බැදෙනා දිනේ
ආවා වගේ
ගමින් ගමේ

සිංහල අවුරුද්ද ලබන්නා
කොහෝ මල් වාරම් ගයනා උදේ
මැණිකේ බලන්
අපේ ගමේ

අපේ ගමේ රබන් වැයෙන්නා