නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව - siththam karamin manase (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සව්නත ගැටෙන තුරා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන්නැට්ගුව් ඇතී
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවාඇතී
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භවය පුරා..

භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුයි කියා
රිදෙන්න දුන් ජීවිතය අරන් මං
විඳවන්නද මේ භව ය පුරා..

සිත්තම් කරමින්...

එකතු කලේ : හද රැදි ගී

වැටෙන් එහා මල් පඳුරේ - weten eha mal padure (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලින උනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්

සුවඳ ඇදෙයි මුලු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුලු තුළින්
සුවඳ දිදි.... සුවඳ දිදි තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්

වැටෙන් එහා ....

තෙමුනත් දෙකොපුල් උණු කඳුළින්
ඇසුනත් කෙදිරිය මුදු මුවගින්
පිපුන නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්

වැටෙන් එහා ....

එකතු කලේ : හද රැදි ගී

මේ අමාවක රැයේ - me amawaka reye (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


මේ අමාවක රැයේ
පුර හඳක් ඒවී
හිත පුරා පිපෙණා
කිරණ ගලනා
නුඹේ ආදරයෙන් සිත
නිවී සැනහෙනවා..

පහන් තරු රැළ
කුමකටද වෙන
නිවි නිවී දිලෙනා
අරුම දකිනට පුර හඳේ
නිවන් දකිනා ජාති ජාතිත්
නුඹේ හිත මට
පිං තනා දෙනවා

මේ අමාවක රැයේ....

සදා සුවඳින්
සදා මා සිත
සුභ සිහින සදනා
අඳුර වෑහෙන තුන් යමේ
දෑස් පියවා සිතෙන් ළංවී
තුරුළු කර ගමි
නොහිම් ආදරයෙන්

මේ අමාවක රැයේ....

එකතු කලේ : හද රැදි ගී

මගෙ ජීවිතේ සතුට රැදී තිබුනේ - mage jiwithe sathuta (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි...
හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ....
දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

සුන්රයි සිතුව සියලුම දෙයට වඩා...
සුන්දරයි ඔබ...
අහින්සකයි කී හැමදේකටම වඩා..
අහින්සකයි නුබ...
මටම හිමිවෙලා... මාලග ඉන්න සඳා...

මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි...
හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ....
දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

අස්තිරයි සිතු සියලු දෙයම ගොලුවී...
ඉස්තිරයි ඔබ...
කවි සිතකැයි කී මගෙ සිත පාලු මැකී...
හිනැහෙනවා ඔබ..
මටම හිමිවෙලා... මාලග ඉන්න සඳා...

මගෙ ජීවිතේ
සතුට රැදී තිබුනේ...

තව කෙනෙකුන්ගේ
නෙත් සඟලේ යැයි...
හසරැල්ලේ යැයි.. සිතුවේ නෑ....
දැනුනේ නෑ... ඔබ.. දකින තුරා...

එකතු කලේ : හද රැදි ගී

පුදසුනක නිසල බව - pudasunaka nisala bawa (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


පුදසුනක නිසල බව ලද පෙමට තිබුනි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද... මට කියනවාද...
බැදි ආදරයට ඇයි... දුන්නේ රිදුම්//

මල් විලක එලා තිබු මුදු සුවද නෙලාගෙන
සැනසිල්ල ලගින් හිනහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්... ආ......
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

පුදසුනක නිසල බව....

පෙම් සදක ප් රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්... ආ......
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....

පුදසුනක නිසල බව.....

එකතු කලේ : හද රැදි ගී

ඩැෆඩිල් මලේ - dafadil male (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ දැත ගෙන මා හීන් වැහි කෝඩයේ
මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
හැඟුම් මතකයි රැඳුන නෙතඟේ එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන......

විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ දැස සැලුවේ දැල වැල් පාලමේ
හද විලම ආදරෙන් සසල විය මුදු සරින්
හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන.......

එකතු කලේ : හද රැදි ගී

ජීවිතය ඔබෙන් දැන - jiwithaya oben (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටය ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර..

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මට මෙහි නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක..

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන..

එකතු කලේ : හද රැදි ගී

ඔබෙ සුසුම් පවන් සලයි - obe susum pawan salai (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


ඔබෙ සුසුම් පවන් සලයි
මගෙ කොපුල් පිරා වෙලෙයි //
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි....
උනුසුමට මාව තෙමෙයි.....

මා ඔබෙයි ඔබෙම කියයි
ඔබ මගෙද මටම බයයි//
ඔබ සදක් වගේ හැඩයි.....
හෙට අමාවකද සැකයි.....

ඔබ හැගුම්බරව දොඩයි
ඒ වදන් කවිම තමයි//
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි......
උනුසුමට මාව තෙමෙයි.....

එකතු කලේ : හද රැදි ගී

අපි හෙට ගැන පසුව හිතමු - api heta gena pasuwa (දයාන් විතාරණ - dayan witharana)


dayan vithara sinhala song lyrics


අපි හෙට ගැන පසුව හිතමු
අද හමුවී කතා කරමු
ආල හිතට උඩින් වැටෙන කලු වළාව
පිපිරී වැහි ඇද වැටුණට
තැති ගැන්වී පළා නොයමු

හෙට හිරු හා හිනාවෙන්න
බලාපොරොත්තුවක් වෙන්න
කඳුළැලි උල්පත් නිවන්න
ඇබින්දකට ළගින් ඉන්න

සැඩ නල බිඳගෙන ආ විට
ඉන්ද් රකීලයක්ම වෙන්න
හාත්පසම එරෙහි වෙද්දි
යමු එක්වී හිනාවෙන්න

එකතු කලේ : හද රැදි ගී

වසත් කාලය - Wasath kalaya (Dayan Vitharana)


dayan vithara sinhala song lyrics


වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්

නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතූ මලේ රූසිරු
මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පෙපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු

නෙළු මලක් වුව මල් ලොව කවුරු
දුරින් ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු
කඳුළ මගෙ ළඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකම් කොයි අයුරු
දුරින් හිඳ නුදුරු
නිවනු මැන ගිනි පුපුරු