නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සිහිනයකි මට ආදරේ - Sihinayaki Mata (Kasun ft Uresha)


සිහිනයකි මට ආදරේ
සිහිනයකි මට ආදරේහැඟෙනවා මට ජීවිතේ

හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ

වැටෙන කොට කඳුළු ඇවිල්ලා
සුවඳ මල් පෙති පරවෙලා

සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුවඳ පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිල්ලා

ආ...දරණිය ආ.. දරණිය වස්සානේ
ආ...දරණිය ආ.. දරණිය වස්සානේ

රොන් සුවඳ දෙන - Ron suwada dena ( Shihan / Uresha)


Shihan mihiranga sinhala song lyrics

පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත
මත් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි
ආදරේ එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොඳුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදේ උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ.

මල් මුතුලැල් - Mal muthuwal (Jagath ,Uresha)


මල් මුතුලැල් නිල් තුරු වැල්
Supun Ayeshmantha and Thilini Malkaසකුණ විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
හෝ හෝ හෝ හෝ //
ම් ම් ම් ම් ම්

නිල් නුගුවිල් පුන් සඳ රැල් ඉතිරෙනා
මේ හසකැන් දේදුණුවන් තාරකා දිලේ
රන්  රසුදැල් මල් හසරැල් සැසලෙනා හඳේ
මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ

මල් මුතුලැල්...

ගුම් විහගුන් පෙම් පබැඳුම් මුමුණ්නා උදේ
මාරුතයෙන් චාමරයෙන් ගායනා රැදේ
රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
නෑ ලැතැවුල් සෝ කදුලැල් මා ඔබේ ලොවේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ

මල් මුතුලැල්...