නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා - siri sangabodi maligawedi ma (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි 

එකතු කලේ : හද රැදි ගී

රැස් විහිදෙන සමනලියකගෙන් - res wihidena (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම

සියැසින් දුටු සිහිනයකින්
රහසක් ගෙන එන්නම්
හැබැහින් විද ගන්න
රහසින් ගෑ මුදු සුවදින්
හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වෙන්න

සුසුමින් හුන්මිටි තබමින්
තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න
ගලනා දා බිදු පිසිමින්
වත්සුනු තවරන්නම්
ඉරණම පෙරලන්න

එකතු කලේ : හද රැදි ගී

රෑ පුරා පායනා තාරුකා - raa pura payana (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


රෑ පුරා පායනා තාරුකා
පහන් සේ දිදුලනා
දෑස පා මා දිහා හිනැහුනා
බල බලා ලංවෙලා
ඔබ එදා

තරු නෙත් දෙකින් ඉගිකලා
මා හදට ලංවෙලා
ඔබ ආවා මා සොයලා
සීත රෑ ඒ ලෙසේ
කාටදැයි මල් සිනා මගෙ ලොවේ
හීනේ බිද දමා ඔබ ගියේ

හැගුමන් සිතින් පියඹලා
එනවා ඔබ සොයා
තනි වීලා පාළුවේ මා
අද ඔබේ යහනතේ
හීනයක් මෙන් සිතා තැවුනා මගෙ ලොවේ
හීනේ බිද දමා ඔබ ගියේ

එකතු කලේ : හද රැදි ගී

මීදුමෙන් වැසී කදුයාය - meedumen wesii (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී

ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලී

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ

මීදුමෙන් වැසී කදුයාය සලිත වී

එකතු කලේ : හද රැදි ගී

පායා එන සඳවත මනරම් - paya ena sadawatha (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිදී නම්

පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක් තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්

පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි

එකතු කලේ : හද රැදි ගී

නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ - nethu oba ma - Saragee asille (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ
ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
නෙතු ඔබ මා බැදුණා ඒ ගංතීරේ
ඔබ මට ඉගි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ

සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ

සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ

සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

ඈ දුටු විට දෙවඟනක් වගේ
හදවත කකියනවා හොදටම මගේ
දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ
අකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ

ඇගේ ඉඟ සුඟ 

එකතු කලේ : හද රැදි ගී

දේදුන්න සේදී - dedunna sedi (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා

බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ

මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ හද ගී මකා

නොසිතූ සේ
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ
සුහදේ
නොපැතූ සේ
යායුතු වේ මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ

ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා බැඳි ආදරේ

තනි වූ දා
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ
රහසේ
නොපැතූ දා
මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ
තරු ඇස් වැසේ

එකතු කලේ : හද රැදි ගී

තුරුල් වෙන්න ආසයි හැන්දවේ - thurul wenna asai (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ

ඉවසන්න බෑ . හඳගින්න මාගේ .
පවසන්නකෝ . ඔබේ ආදරේ . //
හිතුවක්කරී  යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ

උහුලන්න බෑ . ඔය කැල්ම දැසේ .
ඉගිලෙන්නකෝ . හඳ මන්දිරේ . //
හිතුවක්කාරී  යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ

ලා ..ලා ..ලා ලා ලා..ලා.

එකතු කලේ : හද රැදි ගී

උන්මාදනී හැංගුණා - unmadani hanguna (භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


උන්මාදනී හැංගුණා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංගනා
රාධා මගේ අංජනා

මල් මී සුගන්ධේ නැළැවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින්
සංතාපයේ ලා පොද වෑහුනී
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

එකතු කලේ : හද රැදි ගී

චාදනී පායලා සීත සැළුවා - chandani payala(භාතිය සහ සන්තුෂ් - bhathiya and santhush)


bhathiya and santhush sinhala song lyrics


චාදනී පායලා සීත සැළුවා මේ රාත් රියේ
ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කේරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී

චාදනී පායලා සීත සැළුවා මේ රාත් රියේ
ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ
සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොදුරේ

පෙම් හැගුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
සන්සුන් සුසුම්ද කැළඹී ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චණ්ඩ හැගුමන් රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණම්
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙනෑ දැන් මේ
මං ඉන්න හිරගේ
සෝතාප ගින්දරින් ඇවිලේවි ජීවිතේ
රෑ සීත වරුසාව ඔබ වේද මාරුතේ

යන්තමින් නුවනගින් කදුළු එබිලා
දෙකොපුල් හෙමි හෙමින් සීත ගැලුවා
දිවිගිම් නිවෙන්න පැතුවේ මධුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් දෝ හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවගින්
ඔය මන්දහාසයෙන් සැනසේවි ජීවිතේ
සෝතාප සගවන්න ඔබ එන්න ආදරෙන්

එකතු කලේ : හද රැදි ගී

දඟකාර හැඩකාර - Dagakara hadakara


bhathiya and santhush sinhala song lyrics


දඟකාර හැඩකාර
ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සිනිඳු නෑ
කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා
මගේ සිත උමතු කලා
කියා ඔබ දන්නවා..//

ඔබ මලක් වෙලා සොදුරු..
මගෙ පපුව පුරා පිරුණු
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නෙ නෑ
අපෙ දිවි තිබෙන තුරා
ඔබ මට ලැබුනා කියා

සිරි මැඳුර පුරා පිරුණු
දෙව් දුවක් වෙලා තුරුණු
නිමාවක් නැති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුනා කියා

දඟකාර හැඩකාර ...///

හිත නාඹර තාලෙට - Hitha nabara thaleta (Bathiya)


bhathiya and santhush sinhala song lyrics


හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළු වූ මහදේ කවුරුද තනි මැකු

දගකාර හැඩකාර - Dagakara Hadakara (Bathiya and Santhush , Super Stars)


bhathiya and santhush sinhala song lyrics


දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මැදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...///

හිත වාවන්නේම නෑ


bhathiya and santhush sinhala song lyrics


හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්න් මා ඔබේ කියා
කිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එළිවෙන්නේනෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා //
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියාදුන්නෙ ඔබමයි ලදේ //
දෑසත් පියාන ඉන්නේ
බැරිද තාම අවදි වෙන්න්
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී දෙනුවන් පහන් නිවී
ඔබ යන්නෙ ඇයි ආදරී //

හිත වාවන්නේම...

උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නෙ නෑනේ
තනිවෙන්නා බෑ මට ඉතින් //
කෙහෙරෑල්ලේ ගෑවි ගෑවි
සුවඳ සෙව්වෙ මා එදා
ලංවෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පඩුවේ මා හෙලා
ඔබ යන්නෙ ඇයි ආදරී //

හිත වාවන්නේම...

සරා සිහින - Sara Sihina ( Bathiya Santhush)


bhathiya and santhush sinhala song lyrics


සරා සිහින රහසේ දිවුරා කියා - සිතේ කදුලු පහසේ මැවුණා සිනා
කොහේ ඇවිද හෝ මා - හද සිතුවිලි විල කළඹා
හැරදා මා ඔබ ගිය දා - උන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා....

සිත කඳුලැල්ලේ තවරා - කළුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැංගී - මගේ ඇස් තනිකර තෙමුණා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ

තනි හදකින් හඬ දෙදරා - හරි ආදරයක් හින්දා
යළි කවදාවත් නොවෙනා - මහ සාගරයක හැඬුවා
එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ