නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හද විමන් දොරින් - hada wiman dorin (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා..

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා..

සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා..

හද විමන් දොරින්..

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා..

හද විමන් දොරින්..

මල් උයන් තුලින්..

එකතු කලේ : හද රැදි ගී

මියුරු පෙම් මදිරාවේ - miyuru pem madirawe (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


ගැ: මියුරු පෙම් මදිරාවේ...
  නුහුරු රස දැනුනාවේ... 
  තත්සරේ... රැව් දිදී...
  පුරවන්න මා දෙසවන් මිහිරේ...

පි: දෙතොල් පෙති පුබුදාලා...
  පියුම් පැහැ විහිදාලා...
  දෙනෙතෙහී... නිල්මිණී...
  ලෙලවන්න මා නලවා සොඳුරේ...

ගැ පි: මියුරු පෙම් මදිරාවේ...

ගැ: හසරැල් අමා දියේ...
  තිසරුන් තෙමී ගියේ...//

පි: රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
  සුදෙම් සුමියේ දිවා රැයේ...

ගැ: මියුරු පෙම් මදිරාවේ...
  නුහුරු රස දැනුනාවේ...
  තත්සරේ... රැව් දිදී...
  පුරවන්න මා දෙසවන් මිහිරේ...

පි: මියුරු පෙම් මදිරාවේ....

පි: කඳු හෙල් මැදින් ඇදී...
  එමි ආදරේ සොයා...//
ගැ: සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්
  තියේ හිමවී මගේ කියා...

පි: දෙතොල් පෙති පුබුදාලා...
  පියුම් පැහැ විහිදාලා...
  දෙනෙතෙහී... නිල්මිණී...
  ලෙලවන්න මා නලවා සොඳුරේ...

ගැ: මියුරු පෙම් මදිරාවේ...
  නුහුරු රස දැනුනාවේ...
  තත්සරේ... රැව් දිදී...
  පුරවන්න මා දෙසවන් මිහිරේ...

ගැ පි: මියුරු පෙම් මදිරාවේ...

එකතු කලේ : හද රැදි ගී

මා ප්‍රාර්ථනා ආශාවෝ - ma prarthana (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


මා ප් රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝ

දිළි දිළි දිළි දෙනෙතේ නුරා කැන් දිළේ
සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ
රැදි රැදි රැදි තුරුලේ වෙලි පෙම් බදේ
බැදි බැදි බැදි වෙසෙමී සදා කල් ප් රියේ
මනහාරී වනරේඛා යාවී පාවේ
මනලෝලි බිගු දෑලේ පෙම් ගී රාවේ

මා ප් රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ 
මේ ආත්මයේ හමුවීදෝ

පෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකේ හැගුම් යා කෙරේ
රස සිතිවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වු පෙම් ලෝකේ
මදුරාවී ඔබමාගේ මේ සංසාරේ

මා ප් රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ 
මේ ආත්මයේ හමුවීදෝ

එකතු කලේ : හද රැදි ගී

මල් හිනා නගන්න සුසුදු ආදරේ - mal hina naganna (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං උනා වසන්ත කාලේ ජීවිතේ//
ආදරේ....

ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ
මහද ඔබට මධුර තතකි මිහිරි අමොද ජීවිතේ

බලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි
මහද විමන ඔබට පහන කරමි අදුරු ජීවිතේ

පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා
අපගේ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ

මල් හිනා..

එකතු කලේ : හද රැදි ගී

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව - bangali walalu gena ennai (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //

යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව

දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //

එකතු කලේ : හද රැදි ගී

කවදා හෝ සසර කතර අතරමග දී - kawada ho sasara kathara (ඇන්ජලින් ගුණතිලක - anjaleen gunathilaka)


කවදා හෝ සසර කතර අතරමග දී
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියා⁣වී
කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ

කවදා හෝ සසර කතර අතරමගකදී..

මිදුලේ ඇති ආලෝකය නිවසට එන්න..//
සුදු ඔබගේ දෑතට ම⁣ගේ දෑතම මෙන්න..
මිදී දුකින් රස බලන්න සිතමි මීවිතේ
රිදී ඉරකි ඔබ මාගේ අදුරු ජීවිතේ..
අදුරු ජීවිතේ...

කවදා හෝ සසර කතර අතරමගකදී...

පවසනු බැරි නම් ඉදිරියේ කරැණු ඔබේ හිතේ..//
මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ..
දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්
ඔබෙයි මගෙයි අදුරු ලොවට සද පායද්දෙන්..
සද පායද්දෙන්..

එකතු කලේ : හද රැදි ගී