නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මේ කිරුල බර වැඩී දේවී - me kirula bara wadi (අමරසිරි පීරිස්,උමාරියා)


Amarasiri Peiris song lyrics


මේ කිරුල බර වැඩී දේවී
ගිනි ගැනී ලය රිදුම් දේවී
ඔබම පැලඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුල 
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩී දේවී

සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල 
ප්‍රේමයෙන් ආතුරව 
පැමිණි මග මෙයින් නිම වේවී
සමු ගන්න අවසරයි ස්වාමී

මිතුරියක සොයුරියක 
සෙනෙහසම පිදු මවක
මග නොමග කියා දුන් 
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී 
මවෙත ආ සඳකිඳුරු දේවී

මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක
මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමා කර පේවී 
නික්ම යයි සඳකිඳුරු දේවී

රැයම නොනිදා රැඳි
මගේ නෙතු මත හිඳී
මතක ගිලිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මග අත නොහැර පේවී
යලි එකට මුන ගැහෙමු දේවී

දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී

ස්නේහයේ නගරයයි - snehaye nagarayai (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් ඕන වූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙමි
පූජනීයයි උතුම් ආදරේ...

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...

එකතු කලේ : හද රැදි ගී

සොඳුරිය කාලය කොතරම් නපුරුද - soduriya kalaya kotharam (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics



සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහි⁣⁣නෙකවත් නැත
ඒ රුව ⁣කොතරම් මිහිරිද සොඳුරිය

ලොවට හොරා විළිලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය

එකතු කලේ : හද රැදි ගී

විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා - wihaga githaya nihada (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics



විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා
නොපෙනෙනා දුර ඈත කුටියක සිර වෙලා
විහග ගීතය නිහඩ සුසුමක නැවතිලා...

ලදළු මැලවී තුරුලතා තැති ගැනී
සිරස සරසන මලක් වත් නැහැ පිපී
අදුර රජ වී අනේ දුනු හී ඇනී
නිහඩ කුටියක විහග ගී ගොලු වුනී...

කදුලු වගුරා පහුරු ගා දෙස් තියා
ප්රගීතයකට කොහොම තැවෙමුද හඩා
පියාබන්නට නාද දී නිදහසේ
විහග ගීතය මුදා ගෙන එමු සදේ.

එකතු කලේ : හද රැදි ගී

විහඟ කොදෙව්වෙන් ඇවිදින් - wihaga kodewwen awidin (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


විහඟ කොදෙව්වෙන් ඇවිදින්
සමනළ වැව හැඩ කරනා සියොතුන්
ගයනා පෙම් ගී තාලෙට
බෙලිහුල් ඔය දිය නටනා

දෑතේ පැටලී සමනල් රෑනක
ආදර කඳු නගිනා
මිහිඳුම් සලු දිග හැරනා යාමය
අපට දුරයි සිතුනා

සරසවි අහසේ ඇදුණු වළාවක
මා පෙම් කව සඟවා
එවන්න බෑ මට සොදුරිය ඒ කව
සිහින දුරයි සිතුනා

ගායනය - අමරසිරි පීරිස්
පද රවනය - ඉන්දු හේරත්
සංගීතය - ඩැනියස්ටර් පෙරේරා

එකතු කලේ : හද රැදි ගී

විසිරුණු තරු පත් සිඳුනා - wisirunu tharu path (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


විසිරුණු තරු පත් සිඳුනා
හිම පිනි පවනක් සැදුනා
තිගැසීයේ යන්තම් සිත මගෙ කිතිකැවුනා
පිනි නිල්ලේ සිත්තම් වල පෙම් ඉඟි ලැබුනා

සිතුවිලි කලබක් මැවිලා
හද මුදු හැඟුමක් පිරිලා
සැනසුමේ ඉන්නම් ළය මත සිත සතපා
නෙතු දැල්වී ඇත්නම් මගේ ලඟ නුඹ සැමදා

වහින්න මුතු වෙස්සක්
වහින්න මුතු වෙස්සක්
සිත පහන්ව ඉන්නේ,පැතුම් ළන්වෙලා සගවා
වහින්න මුතු වෙස්සක්
වහින්න මුතු වෙස්සක්
හද වහන්ව ඉන්නේ,සිතුම් ඉටුවෙලා නොදොඩා

නෙතු කොනේ කදුලු ඉනුවෙ නැත මා
පැතු ලෙසේ සුවඳ රැදුනේ සදා
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
නුඹ මගේ සොදුරු මතකේ රැදුනා

රුව මැවේ දෝරක ක්ෂ්තිජේ ඉම හා
දුක හිතේ නුඹව නොලැබේ කියා
සිත මගේ නුඹට පුද දෙන්නේ වසන්තේ
සඳ රැයේ හැඟුම පවනේ සැළුනා

වහින්න මුතු වෙස්සක්...//

එකතු කලේ : හද රැදි ගී

ලඳුනේ ලඳුනේ - landune landune (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
 ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

එකතු කලේ : හද රැදි ගී

රාධා - raadhaa (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා
සිහින වෙලා රෑ තිස්සේ නොපෙනී රාධා
මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා

ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා
මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා
පුර හදට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා
මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා

ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රධා
මට ඇහෙන දුරින් හිදින්න රාධා

ලගට වෙලා තුරුලු වෙලා ඔබේ සුසුම විදින්න රාධා

මලක් වෙලා අර අතු අග නෙපෙනී රාධා
මා ලගම පිපි සුවද දිදි හිදින්න රාධා

ජීවිතයම ගිනියම් වු දීර්ගතම රාත් රීයයි මේ රාධා

එකතු කලේ : හද රැදි ගී

මලක් උනේ ඇයි ඔබ මට - malak une ai oba (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...

එකතු කලේ : හද රැදි ගී 

මගේම චිතකය ඇවිලී අළුවී - magema chithakaya alu wi (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


මගේම චිතකය ඇවිලී අළුවී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියානම් වැලපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරනම ඒ විලසයි.....

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි.....

මගේම චිතකය ඇවිලී අළුවී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

එකතු කලේ : හද රැදි ගී

බුදු සිහිල ගලාලා - budu sihila galala (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා

මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ

සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ

එකතු කලේ : හද රැදි ගී

තුමුල බල ඇති තෙදැති දෙවඟන - thumula bala athi (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙව්ලේ යහන පාමුල//

ඉරා සළුපට බැඳුනු නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝන දිය
පලා අසිපත නසා එහි පළු
පසිඳ විය හැකි වේද යුක්තිය

තුමුල බල ඇති......

ධවල සළුපිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැලුනිද
ඔබේ ගත රැදි දුහුල් සළුපට
හමන සුලගට ඉගිල යාවිද

තුමුල බල ඇති ......

එකතු කලේ : හද රැදි ගී

කාත් කවුරුවත් නැති බව දැන දැන - kath kawuruwath (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත් රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...

සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත් රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ...

වේදනව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ..


එකතු කලේ : හද රැදි ගී

කවුරුවත් නෑ එගොඩට යන්නට - kauruwath na egodata - kawruwath (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ.....

දවසින් දවසම පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුනා
කිරල කැළැවේ කුරුලු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්.....

කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට....

දෑතේ ඇතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ....

කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ කවුරුවත් නෑ....

එකතු කලේ : හද රැදි ගී

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ - udam rala oba (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු උන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

පණ අදිද්දී තමන්ගේ උන්
පැළැඳි කණකර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරාගෙන ගිය
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර - irabatu tharuwata igi bigi (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


ඉරබටු තරුවට ඉඟි බිඟි කර කර
සල් මල් ලන්දට සඳ පායනවා
ඇසිපිය නොවැටෙන නෙත් යුග දැකදැක
සුදු සඳ රැස්වන් කතා වියනවා

සල් සල් සල් මල් ලන්දක මනකම්
ඇයි මෙතරම් සිත බැඳුනේ
මල් මල් තරු මල් අහුරක සැඟවී
සඳ කිදුරා නිදියන්නේ

කතරේ පින් බිම සොයමින් යනදා
නොසැලෙන චන්දා සවියේ
මිරිගුව දැක දැක දිය බිදු පතරින්
නාඩන් කින්නරාවියේ

තනිවුනු බිලිදුගෙ සිහිනය සැතපී
කිරිකඳුලක් වෙන්නම්
සරතැස නිවනා පවනක් විලසින්
යන මග සෙවනක් වී ඉන්නම්

පෙමක මිහිරි සුව කීවත් උඩුසිත
අරමුණ ඈතක බැඳුනා
යසෝදරාවකි නුඹ මට ලඳුනේ
සසර පුරා ළඟ හිඳිනා

ඉකි ගසා හඬන අතීතයක - iki gasa handana (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris song lyrics


ඉකි ගසා හඬන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා

හීනේන හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

ඇය යන්න ගියා මැකිලා - aya yanna giya (අමරසිරි පීරිස් - amarasiri piris)


Amarasiri Peiris Song lyrics


ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

මගේ පුන්චි රෝස මලේ - Mage Punchi rosa male (Amarasiri Peiris)


Amarasiri Peiris song lyrics


මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මන් නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ - Mage punchi rosa male (Amarasiri Peiris)


Amarasiri Peiris Song lyrics


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න