නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හිම මීදුම් වළාකුලේ - hima meedum walakule (අතුල ශ්‍රී ගමගේ - athula sri gamage)


Athula sri gamage song lyrics


හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැල් ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ

පුරහඳ පෑයු පින්බර මොහොතේ
සුරතල් පෑවා මැවී පෙනේ
ලං කරගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා

ඔහු අත ගෙන ඔබ පිය මැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදි නැතේ

එකතු කලේ : හද රැදි ගී

සුසුම වී මගේ මුලු හදින් මා ලඟින් - susuma wi mage mulu (අතුල ශ්‍රී ගමගේ - athula sri gamage)


Athula sri gamage song lyrics


සුසුම වී මගේ මුලු හදින් මා ලඟින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්නෙපා සිතින්

ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
යලිදු ඉල්ලුව නෑ වරද තේරුනේ
අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
මිහිරි සුවද මා තනි කරයි පාලුවේ

නොදැන ලං වෙලා හෝ නොදැන වෙන් වුනේ
ඉතින් කිසිම දා මුණගැසුනෙ නෑ යලී
පුංචිම කාලේ සමුගත්ත මෙන් අපී
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී

එකතු කලේ : හද රැදි ගී

නිල් නුවන් පියවිලා - nil nuwan piyawila (අතුල ශ්‍රී ගමගේ - athula sri gamage)


Athula sri gamage song lyrics


නිල් නුවන් පියවිලා  
රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා
එන්න දේව් ලියේ
හදවතේ  රැඳී
ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා
යහන් තලාවේ

සෝ තැවුල් නිවා දමන්න
මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල්
මිහිරි ගීතිකා
ඈත මං තලේ
දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා
මතකේ රන්දා

ඇඟිලි තුඩින් ලියා එවන
කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා
යයි නිමක් නොවේ
ඈත මං තලේ
දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා
මතකේ රන්දා

ආත්මයෙන් ආත්මයේ - Athmaye athmaye (Athula Sri Gamage)


ආත්මයෙන් ආත්මයේ මා ඹබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින්
සෑමදා මේ ‍ලෙසින්..//

තරුවක් ව‍ගෙ දිලුනා හදේ දෑසේ ආලෝකේදි..//
තනිවී හිඳින්නෑ ඹබ මා  ලඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ..

ආත්මයෙන් ආත්මයේ...

සුවයක් දැනේ ඹබගේ සෙවනේ වේදනාවන් නොවේ..//
සැනසුම් සුවේ ඹබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ..

ආත්මයෙන් ආත්මයේ...