නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අම්මා ජීවන උයන්තෙරේ - amma jeewana uyanthere (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


අම්මා ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

සඳ වතුරින් නොව රුහිරෙන්ම දිය කොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

කඳුලින් ඉපදී කඳුලෙන්ම මියැදුණු
රඟ මඬලේ මිණි පහනක් වනු මැන
සෙනෙහස ගිලිහී වියළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

සෙල්ලම්ගේ පාළුවෙලා - sellam ge paluwela (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


සෙල්ලම්ගේ පාළුවෙලා
බෝනික්කා තරහා වෙලා
කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ

චණ්ඩිකමට රණ්ඩු කරලා අම්ම එක්ක තරහාවෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගෙ ගෙදර ගිහිල්ලා

බිංකුන්ඩෝ බිම නටවලා වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාම රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු
අතුරු මිතුරු දඹදිව තුරු කිව්ව පුතා මං
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා

සඳට සැහැසිකම් කළ අය - sadata sahasikam (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාම
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

සුවඳ මතක් වී පෙරදා
යළිඳු නුඹ වටා සරනා
බිඟුන් නිසා මගෙ හිත නිද නෑ
තුඩින් තුඩට රොන් ඉඩ හැර
දිනෙන් දින පිපී පරවෙන
මලක් නිසා මට නිවනක් නෑ

සුවඳක් තනිවම විදින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
නුඹගෙන් උණුසුම විඳිනා
මගෙ හිත ලඟ දඟ කෙරුවත්
නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ

මුතු කඳුලින් මා දෙනෙතේ - muthu kadulin (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //

මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //


පෙර දිනේ වාගේ හමුවෙලා - pera dine waage (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
රැදුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ

තවම ඔබේ පින්තූරේ...
සඟවගෙන ලොවට රහසේ
එයට මගේ හැම කීවේ...
ඔබත් ළඟ නැති නිසානේ
හැමදාම සිහිපත් වෙනා...
කිසිදා යළි මුණ නොගැහෙනා
මට අහිමි වූවත් ඔයා...

පෙර දිනේ වාගේ......

ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ
මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
මගේ හදවතේ රඳවලා...

පෙර දිනේ වාගේ......

දෑසෙ කතාවෙන් - dase kathawen (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

නිමවූ කතාවන් ගොළු වී තියේ
දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
කඳුලක් වුණා ඔබේ
සෙනෙහේ මගේ ලොවේ

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

අද හෝ හෙටින් හෝ මතු කවර දා
තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
පිළිගන්නෙමි සදා
මා ඔබෙම වේ එදා

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
මනමාලියක් වී වෙනතක් බැලූ දා
පර වී ගියේ නෑ මගෙ චේතනා

පර වී ගියේ නෑ මගෙ චේතනා //

ඔයා හින්දා මං වින්දා - oya hinda (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..

වෙනස්වී - දුකක්දී
ළඟින් ඈ දුරස් වී..

මා ඔබේ කියලා, දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ..
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..

කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ..
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ..

කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ
මදිවද ආදරේ..

ඔයා හින්දා..

ඔබ දකින දකින හැම වාරේ - oba dakina dakina (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ඔබ දකින දකින හැම වාරේ
හද බැදුනු රැදුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුනාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//
දකින දකින හැම වාරේ
හද බැදුනු බැදුනු හැටි මගේ

මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//
රගදෙන්න දෙන්න අංගනාවී
හඳ මඩල පුරා පෙම් රස උතුරා
ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ

ඔබ දකින දකින...//

රස ප් රේම වැලේ එතිලා ගෙතිලා...//
රැක ගන්න ගන්න බැදි ආලේ
ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න
සැනසෙන්න සදා ළඟ මාගේ

ඔබ දකින දකින.....

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - atha tha chandra mandale (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ඈත ඈත චන්ද් ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
හැංගුවාද ආදරේ අපේ//

අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ
හින්දා දුක් කඳුලේ තනිවෙලා

ආපසු යන්නට පාර කියනවද - apasu yannata (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි //

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ

ආපසු යන්නට පාර කියනවද............

කල්ප කාලයක් පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ

ටික කලක සිටන් - Tika kalaka sitan (Chandrasena Hettiarachchi)


ටික කලක සිටන් මා අමතක වන බව දෑනුනා
අද මට නොදෑනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා
පිපි මලක් කෙලෙස මා වනමෑද පරවී යනවා
ලන් වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලී යනවා

දුක ශොකය මා හටනම් පුරුදුයි හෑමදාම
ආදර වදනින් මා හද පෙරුවෙ ඈයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසෙ සොදුරියෙ මෙ දුක කෙලෙස

මා ඔබ ගෑන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සතුටකි හෑමදාම
ආදරයක ඈති වෙදනාව දෑනන වුදාක
සිහිවෙයිද මගෙ සොදුරුයෙ බිදුවක් යලි මතක

කෙලෙසක කීවත් - Kelesaka keewath (Chandrasena Hettiarachchi)



කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...//

යාදනියක සේ මා ලග දෑවටී
සෙනෙහස පෑතු ඒ දිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව  නෑතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...
 
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය ...//

අසන හෑම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බෑදි පෙම සගවා ඉන්නද
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...

කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය ...//

ඔයා නිසා මගේ සිනා - Oya Nisa (Chandrasena Hettiarachchi)


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදි තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැත්තම් තනිකඩ වෙද්දෙන්

තනිකමෙන් ගඟ ගලා යනවා සඳේ නුබ නෑ අම්බරේ
විදවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ
අපි හමු වුනොතින් සඳ එයි නැගිලා ගංඟාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එන තුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්..