නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පෙම් කවක් ලියනවා - Pem kawak liyanawa (Kithsiri Jayasekara)


පෙම් කවක් ලියනවා,Pem kawak liyanawa,thilini malka

පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ
හමුවේවි සිත මාගේ

අතු අගට මල් පළන්ඳා
මඟ බලනවදෝ මන්දා
මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
ඔබ ඈත එන හින්දා

පෙම් කවක් ලියනවා...

බඹරුන් කැකුලින් විමසූ
රහසක් කිසිවෙක් නොඇසූ
මා කවක් ලියා නැති නමකි ලියූ
ඒ ඔබේ හඬ මා සැනසූ

පෙම් කවක් ලියනවා...

සින්ඩරැල්ලා - Cindarella (Kithsiri Jayasekara)


කැමේලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා..

සකුණ ගීය සැඟවී යන විට
පලා පැහෙයේ කළු තවරා
සැඳෑ අඳුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා..

කැමේලියා මල් සුවඳට..

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේල සළුවෙන්
වළාකුලින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා..

කැමේලියා මල් සුවඳට..