නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

‍රැ සිහිනේ - Ra Sihine ( Shihan Mihiranga)


Shihan mihiranga sinhala song lyrics

රැ සිහිනේ
ඔබ ලග මා සැනසෙනවා
මා සැබහින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුනු සෙනේ
කෙදිනද ම පවසන්නේ
ආදරිය කියා
කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ

‍රැ සිහිනේ...

ඈ සනසවමින්
ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

‍රැ සිහිනේ...

බැස යන සඳ - Basayana sada (Namal Udugama)


බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
‍රැක ගනිමිද කෙලෙසින්..//

නන්නාදුනන දෙසින
ගිමනට සිසිල ‍රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි

ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්..//
බැස යන සඳ දෑසින්

මන්දාකිණිය ගලන
නිසසල ‍රැයට මැවෙන තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි

ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්..//
බැස යන සඳ දෑසින්

මා දෑසේ වේදනා - Maa dase wedana (Shihan Mihiranga/Namal Udugama)


Shihan mihiranga sinhala song lyrics

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා //

පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා...

මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා...