නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සංසාර සිහිනේ පෙර මග මා සිටියා - sansara sihine (සනුක වික්‍රමසිංහ - sanuka wickramsingha)


Sanuka sinhala sindu lyrics


සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ...
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා...
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා...//
පිය මැන එන්න
මේ.. සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගේමයි කියා කුමරි
පියමැන එන්න
මගේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුළට එන්න
පවසන් නුඹ මගේමයි කියා..
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා..////

සිහින දකින්න
මේ.. සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා කුමරි
සිහින දකින්න
මගේ සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා..
සංසාර සිහිනයේ...
මා නුඹේ කුමරා...

සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ...
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා...////

එකතු කලේ : හද රැදි ගී

මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම් (චාඕ මල්ලි) - masa ekai dawas thuanai Chao malli (සනුක වික්‍රමසිංහ - sanuka wickramsingha)


Sanuka sinhala sindu lyrics


මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බොට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස් උනේ එහෙදි දැන්
Signorina උබ හින්දා මැරුනා මං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා...
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..
චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලි.. හංගං ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලි.. අම්මව බලන්න යනවා
චාඕ මල්ලි.. ඒ...

බාසාවත් පුරුදු වුනා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානෝ වල ෂෝ ති⁣බුනොත් යනවා මං
සණුක ⁣එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..

චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා..

Signorina ඔයා එක්ක බිව්වෙ Margarita
මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
අපේ එහා ගෙදර නීටා ගේ ඩොටා තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහා වෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතිං බොට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා
මහ මුහුද මැද්දෙ උයන් කෑවේ කරවල බං කට්ටා
උබ දන්නෙනෑ මං කාපු කට්ට මගේ Signorina..

අනාථ වූ වෙලේ කුනාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්⁣වා පාර පූරා..

චාඕ මල්ලි.. ගැම්මට ඉතාලි ආවා..//

එකතු කලේ : හද රැදි ගී

මල් වියන් අතුරා ආදරෙන් - mal wiyan athura adaren (සනුක වික්‍රමසිංහ - sanuka wickramsingha)


Sanuka sinhala sindu lyrics


මල් වියන් අතුරා
ආදරෙන් ..
ඔබ එන මග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්...

නෑ හදේ තරහා
සිතන්නෙමී..
ඔබෙ සිනහව අමතකලන්නේ නම්
කෙසේ කියා
සැමදා මෙසේ...

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ..
අඩමානේ යෟවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී...

එකතු කලේ : හද රැදි ගී

පෙරවදනක් වී මගේ කතාවට - perawadanak wee (සනුක වික්‍රමසිංහ - sanuka wickramsingha)


Sanuka sinhala sindu lyrics


පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා..
බලාහිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා..

පෙරවදනක් වී...

නිය රටා මවනවා අපතරේ වූ කතා - niya rata mawanawa saragaye (සනුක වික්‍රමසිංහ - sanuka wickramsingha)


Sanuka sinhala sindu lyrics


නිය රටා.. මවනවා.. අපතරේ  වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා 

සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා..
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා 
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය 
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා 

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී .
මා  සිතේ හිඩසක් මවා 
යහන්තලේ  වැතිරී 
අද තනිකම ඉතිරි වී 
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා 

කාමරේ මුළු පුරා..
නෙක සලුපිලි තනිවෙලා 
මා සිතින්.. හඩනවා..
දෙස බල බලා 

මං මුලා.. වූ සිතින්..
මා මල් සුවදක් විදිනවා 
බැදීම්ක්.. ඇති රුවක් හා මා වෙලී 

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය 
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා 

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී .
මා  සිතේ හිඩසක් මවා 
යහන්තලේ  වැතිරී 
අද තනිකම ඉතිරි වී 
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා 

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී .
මා  සිතේ හිඩසක් මවා 
යහන්තලේ  වැතිරී 
අද තනිකම ඉතිරි වී 
සද ඇතිරිල්ලේන් වෙලී 

සරාගයේ.. රැයේ.. පිනිබිඳුවක් වී වැටී .
මා  සිතේ හිඩසක් මවා 
යහන්තලේ  වැතිරී 
අද තනිකම ඉතිරි වී 
සද ඇතිරිල්ලේන් වෙලී.. තනිවුනා ..

එකතු කලේ : හද රැදි ගී