නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක් - hadana dodana hitha (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


හඬන දොඩන හිත සනසන හිනා ඇබිත්තක්
නොදී ඉන්නෙපා දුටුවම වෙලා නොසන්සුන්
මම අහිංසකයි
මටත් වඩා මගේ පැතුම් අහිංසකයි

දෙනෙත් තරු වගේ මුහුණත් පුරා හඳ වගේ් 
දෙතොල් පෙති ඔබේ සුන්දර සිත්තමක් වගේ
දිවුරලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

ඇවිත් ඔබ හිතේ නැවතුන දායි රන් අගේ
ගෙවෙන රැය දිගයි හරියට කල්පයක් වගේ
දිව්රලා කියමි ඉර හඳ සපත කර මෙසේ
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි
මම මටත් වඩා සත්තයි ඔබට ආදරෙයි

හඬන දොඩන.....

එකතු කලේ : හද රැදි ගී

සෙනෙහස සුවඳයි - senehasa suwadai (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

පව් කළ හින්දද
පෙර සංසාරෙක
විරහ කඳුළු මැද
තනිවී දෙතැනක...//
උරුම උනා දුක
අහිමි උනා ඔබ
එහෙත් දයාබර
හිතක් තියේ මට...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

සඳ දුර තනිවම
වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම
ලිවුවා ඔබ ගැන...//
කව් ගී ලිවුවට
එහි රස විඳිනට
ඔබ නෑ මා ළඟ
ගොස් දුර ඈතක...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

එකතු කලේ : හද රැදි ගී

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් - suwada thiya ma laga (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතු පුල්
නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... //

මෙ අහස යටම කොතනකහො ඔබ ඉන්නවනම්
මම ඉන්නම් ඒ සුවඳතියන් යලි ඹබ එනකල්....//

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතු පුල්
නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... /

රජ සිටු මැතිවරැ මිලට අරන් වසන්ත සළුපිල්
මට කියන්න ඹබ හැර කොයින්ද මිල නොකලැති මල්.....//

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතු පුල්
නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... //

එකතු කලේ : හද රැදි ගී

සුමුදු වලාවක - sumudu walawaka (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //

සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා //
එපා හිඳින්නට
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා

සුමුදු වලාවක ..

බඹර තුඩට සුව
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි //
සොඳුරු සිතක හැඩ
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි

සුමුදු වලාවක..

එකතු කලේ : හද රැදි ගී

සිතුවිලි ගංගා දෙනෙතෙහි - sithuwili ganga (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳිලා
කඳුලක් වී සුළඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිව් වසරක් ගෙවුනා

රතුමල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුළු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලියෙ ඔබෙ විකසිත පැතුමන්
පව් කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

එකතු කලේ : හද රැදි ගී

සිතින් අදිනවා ආපසු යන්න නොදී - sithin adinawa (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී

දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ
හිතක් මවත් මට නුඹ විතරයි වාගේ

හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින්
තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්

එකතු කලේ : හද රැදි ගී

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ - sithakin nowe obagen (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
සිතුවම් මවා වි දෙකුපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

ඈතින් ඈතට වෙන් වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
ඈතින් ඈතට වෙන් වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
කඳුළක් වුණා දෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

එකතු කලේ : හද රැදි ගී

සිත පරව ගියා - sitha parawa giya (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ

මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතු දේ නොම වේ පැතුම් මැවේ

වසන්තයක් යළි ඒදෝ
කතරක මා තනි වේදෝ
ම සිත සොරාගෙන වෙන් වී නොයන්න
දුකෙහි සැපෙහි මා ඉන්නම්

එකතු කලේ : හද රැදි ගී

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ - samawenna raththarane (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිලු නැගෙයි සිත්මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ
කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

මල්සරාට තහනම් ගෙයි දොරගුලු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනෙතක බැඳුනේ
ආලවන්ත කැකුලුකියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙව්නු රැයක් ආත්මයක මට පව් පිරුවේ

දෙපාවඳින ඇගෙ දෑසෙහි කඳුලු පෙනි පෙනී
බිඳී ගියා මුලු ලොව සෙනෙහසින් දැවි දැවී
සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස් වී

එකතු කලේ : හද රැදි ගී

සමාවෙන්න බෝපතකට - samawenna bo pathakata (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා

මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර

ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම

එකතු කලේ : හද රැදි ගී

සඳ හාදු දිදී වළාකුලට - sanda hadu didi walakulata (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප් රේම විජිතයේ
නුඹ තාම නිදිද
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී

විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

එකතු කලේ : හද රැදි ගී

සඳ යාත්‍රා කළා වගෙ මතකයි - sanda yathra kala (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සඳ යාත් රා කළා වගෙ මතකයි
ඔබ නේත් රා වලින් මට පවසයි
හැම මාත් රාවටම සිත සැනසෙයි
අපෙ ආශ් රයේ සත්වෙනි දවසයි

දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න

එකතු කලේ : හද රැදි ගී

මෙවලම් මොකටද මෙතරම් - mewalam mokatada (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ

දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ
හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ
කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ

ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ

එකතු කලේ : හද රැදි ගී

මගෙ ආදරේ තරම් - mage adare tharam (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්

අහම්බෙන් ඇවිත් ළං වෙලා
වෙනස් කළා මගෙ ජීවිතේ
දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති වුණොත් සොවින්

හීන් ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්

එකතු කලේ : හද රැදි ගී

ප්‍රේමය ලොව හැම තැනම ඇතී - premaya lowa (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


ප් රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප් රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප් රේමය මුල් පස යට සැගවී
නන් පල මල් දළු පුබුදනමුත් ගස

මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප් රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. ....

විල්තෙර දියයට දියඹුන් නගනා
ප් රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප් රේමය හැමදාමත් නිසලයි.....

එකතු කලේ : හද රැදි ගී

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් - polruppawe danga kala (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්  
සුළ  ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හ  ඬේ දුක් ගීත රාවයේ
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්

එකතු කලේ : හද රැදි ගී

පමා වැඩියි ඔබ - pama wadiy oba (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


පමා වැඩියි ඔබ
පමා වැඩී
මට මුණ ගැසුනේ
ඔබ පසුවී
පෙර හමුවීනම් ඇය නොපතා මා
ඔබටම සිත පුදමී
ඔබටම සිත පුදමී

ඔබ සිනාසිසී එන වසන්තෙකී
ඇය මුලාවකී ගිම්හානයකී
සිත නිරතුරු පසු තැවෙනා
ඔබ සුවඳකි මන බඳිනා

ඇය අමාවකේ රළු අහස මෙනී
සොමි සදන නිතී ඔබ තාරපතී
ඇය නියඟෙකි හිත දවන
ඔබ නිල්මිණ සේ දිලෙනා

එකතු කලේ : හද රැදි ගී

නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ - nilwana lande (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තනි යහනේ නෙත නිදි නොයෙන්නා
මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
කවියක්සේ සුළඟට ගියාදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

තහනම් දෝ ප් රේමය නපුරු දෝ
මං මුලාවී පිං මග පෙනෙන්නෑ
කුරුල්ලනේ මගෙ දුක ඇසේදෝ
වස්සානය ආයෙත් එන්නෑ
කවදාවත් අප හමුවෙනෑ
මගේ කැලෑ මලේ

එකතු කලේ : හද රැදි ගී

කිරිවෙහෙරට ඉහළින් දග කරන - kiri weherata ihalin (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


කිරිවෙහෙරට ඉහළින් දග කරන සදවතී
වැඩ සිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැනික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සදවතී...//

තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමි නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවදැතී
තිස්සෙම සිත දුර යයි ඇස් දෙකට නිදි නැති
අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සදවතී...//

කිරිවෙහෙරට.....

මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දිදී
සිත නිරන්තරව ඔය පස්මහ බැලුම් බැලුවැති
සතරවරිගයම නැතුවත් අපට අපි ඇති
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සදවතී...//

කිරිවෙහෙරට ......

එකතු කලේ : හද රැදි ගී

කවි සී පද ඇහෙන රෑට - kawi seepada (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


කවි සී පද ඇහෙන රෑට
කුරහන් මල් පිපෙන රෑට
සරාසඳ පෙමාතුර ගී ගයාවී
වලාපෙළ අඳුර ළඟ ඉකිබිඳීවී
මල් පිපුනට පාට පාට
අසරණ වූ මගේ දෑස
නිදියහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිලෙන් නොදුටුව රුව
ඇළ දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අත වනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැලවීහන් සංකා හැර ප් රේමියේ

එකතු කලේ : හද රැදි ගී