නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සිහිවටනය සේ කුමක් ලියන්නද - sihiwatanaya se kumak (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි රහසින් කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ ..//

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේකා සුහද පැතුම් ...//
ඔබේ නුවන් මත කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරලේ
අපි හමුවූයෙමු සුහද සිතින් ..//
එවන් අපේ පොඩි කතන්දරේ අද
ලියා තියන්නද සොඳුරු ලඳේ

සිහිවටනය සේ ...//


රැලකින් තනි වී - relakin thani wee(අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


"රැලකින් තනි වී
වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප් රේමේ

හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා
"

පියාණනී මා නැවත උපන්නොත් - piyaneni maa newatha(අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)



"පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ
"

කල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wane (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


"කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ//

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප් රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

මා වටා සහසක් යුගත් පා 
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා
"

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද - ithin sodura api denna (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර
ආ මග මහ දුරක් කියා නොහිතනු හිමි සඳ
මේ ටික දුර උනත් යමුද නඩා ඉකිබිඳ

දරු පැටවුන් නැති පාලුව මකා හරින්නට
හැකිද කෝම හිරි වැටෙනව හිත හරි හරියට
එහෙමම නෑ හිමි සඳුනේ හයියයි නම් හිත
අපි දෙන්නට අපිම මදැයි තනිය මකන්නට

උනන කඳුුල නෙතු මානෙන් රූටන හැම විට
මට හිතෙනවා ජීවිතයත් එහෙම වැටෙවිද
එහෙමම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර
වැටුණු කඳුලු වල නම් බැහැ අරුත් සොයන්නට

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා - atha waniiye guru gei (අබේවර්ධන බාලසූරිය - abewardana balasuriya)


ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹේ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝරෙගලා
ඔය උණුහුම මට දැනුනේ දෝස නසා

රේණු සුවද අහසට බොදවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයිනම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්

ඈත වන්නියේ.....

හීන හදට තරුවක් වී නැතිවේ නම්
රෑපුරාම ඇයි ඇහැරී සැගවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඩා නිදි හීනෙට ඉඩදීපන්

ඈත වන්නියේ.......


ඈ නිහඬව නෙතු පියා - aa nihadawa nethu piya


ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේ

වසඟ වී ආමෝදයෙන්
පෙම් පාරාදීසේ
චංලයි මා
ඉන්න මා සඟවා
ඔබේ ලය මඩලේ

කණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා.