නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සෙනෙහස දෙවොලකි පුදනු හැකි - senehasa dewolaki (සොමසිරි මැදගෙදර)


සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි //
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප් රේමය බිඳුනු පසු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

එකතු කලේ : හද රැදි ගී

සිතක් බිඳුණු පසු කොතෙක් කලත් ඔසු - sithak bidunu pasu (සොමසිරි මැදගෙදර)


සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ //

බිඳෙන බඳුන් සේ
සුරකිනු බැරිනම්
විස්වාසය සැමදා //
සිතින් දුරස් වී
ඉමු අපි දෙන්නා
දුක උහුලනු බැරිදා

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ

ඔබ මට මට ඔබ
තේරුම් ගන්නට
නොහැකී නම් කිසිදා //
මගෙම අඳුරු ලොව
තනිවෙන්නම් මා
ඔබට සැපක් වෙන දා

සිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසු
පලක් නොවෙයි ළඳුනේ
ඉතින් තවත් කල්
රැඳී පලක් නෑ
ඔබ මගේ සෙවනේ


ගායනය - සෝමසිරි මැදගෙදර
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බන්ධුල ජයසිංහ

එකතු කලේ : හද රැදි ගී

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා - sadai tharui nisansale (සොමසිරි මැදගෙදර)


සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි //
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ //
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

එකතු කලේ : හද රැදි ගී

රාමලාන් සඳ පසලොස්වක සඳ - ramalan sada (සොමසිරි මැදගෙදර)


රාමලාන් සඳ පසලොස්වක සඳ
එකම සඳක් කරන්න ආසයි
සඳ එන්න පාතිමා මගේ ගෙට
මම බණ්ඩාරේ ඉන්නෙ තනියම

නුබ ඉන්නෙ කුලියට මම ඉන්නෙ කුලියට
නුබේද රට මගේද රට කාගෙද මේ රට
අපේ උනානම් ඇයි අපි ඉන්නෙ කුලියට

නුබෙ පල්ලියේ හඬ මගෙ පංසලේ හඬ
වෙනස් උනත් වෙනස් නොවෙයි දෙහදක ඇති හඬ
සාමයට මඟයි ප් රේමය වරෙන්කො මගෙ ගෙට

එකතු කලේ : හද රැදි ගී

මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා - muthu muthu wesse (සොමසිරි මැදගෙදර)


මුතු මුතු වැස්සේ පට කුඩයෙ තනිවෙලා
සුදු මුදු මැනිකෙ කොහි යන්නෙ සැගවිලා
තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නෙ හිනැහිලා
යමු අපි හනිකේ එක කුඩයෙ සැගවිලා...

පලුවෙි වැහි බිරමෙි තනිවි බලා හිදින්නේ
කාටදො පවසන්නකො ඔබගෙ සෙනේ පුදන්නේ
මා ලැබු සිත් වෙදනා ඇයගෙ ලොවෙ පෙර දිනේ
නැ මැකි මතකෙන් මගේ එය ම⁣ා සිතේ දරන්නේ...

මුතු මුතු වැස්සේ....

ජිවි⁣තේ හැම කාලයේ ඔබගෙ ලොවෙ රෑදෙන්නෙ
රෑ දිවා දුක හා සැපේ හිදිමින් පලා නොයන්නේ
මෙ ලෙසේ තනි ජිවිතේසැමදා ගෙවා පතන්නේ
ආදරෙ පිලිගන්න බෑ යලි මා මුලා නොවන්නේ

මුතු මුතු වැස්සෙ......

එකතු කලේ : හද රැදි ගී

ජීවත් වන්නට පුරුදු ලෙසින් - jiwath wannata (සොමසිරි මැදගෙදර)


ජීවත් වන්නට පුරුදු ලෙසින්
ආයෙත් ඔබ හමු නොවේ ඉතිං
කාටත් අමතක ඔබගෙ නමින්
කඳුලක් වෑහෙයි මගේ නෙතින්..

ඔබ අසරණ දින විරහ දුකින්
සුවපත් කල බව මගෙම අතින්..//
අද මගෙ තනියට නැතත් ලඟින්
සිහිපත් කල මැන ලඳුනි ඉතිං..

මගහැර යන්නට නොහැකි ලෙසින්
හිනැහුන මග හිනැහුනද මුවින්..//
හමුවන දහසක් අය අතරින්
වෙනසක් නැත අද මටද ඔබෙන්..

එකතු කලේ : හද රැදි ගී

ඉස්සර බැදි පෙම හිත් වල සුවඳයි - issara bandi pema hitha (සොමසිරි මැදගෙදර)


ඉස්සර බැදි පෙම හිත් වල සුවඳයි
යළි පුබුදන්න බැරි
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි

ඔබ පියමන් කල සමනල මාවත
මට යාගන්න බැරී
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී //

ඉස්සර බැදි පෙම...........

මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සඟවන්න බැරී
එක්කල දෑගිලි වෙන් නොම වේවා
පතනෙමි සුභාසිරි //

ඉස්සර බැදි පෙම...........

එකතු කලේ : හද රැදි ගී

අසා ඉමු අපි සුමුදු වැල්ලට - asa imu api sumudu wellata (සොමසිරි මැදගෙදර)


අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත සිතිජයෙ
මැවෙන සෙවණැලි පෙම් රටා

නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරලේ
අහස සඳ සේ ලං වෙලා

පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා

එකතු කලේ : හද රැදි ගී

ඔබගෙ දෝතින් පිදූ ආදරේ - Obe dothin pidu Adare (Somasiri Madagedara)


ඔබගෙ දෝතින් පිදූ ආදරේ
I love you SKTM , I am SAWයළී නිමාවෙන්නෙපා මා කෙරේ
සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
අහස සඳ සේ බැඳී ආදරේ...

එකහිත් බිඳේවි ඇසුරින් මිදේවි
ලෝකෙන් නැගෙයි චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොඑයි වේදනා...

කඳූලක් වැටේවි සුසුමක් නැගේවි
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවි අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ...